චීනයේ ජනගහණ ප්‍රතිපත්තිය හේතුවෙන් මෙතෙක් උපත් ලියාපදිංචි නොකළ ලක්ෂ 130ක පිරිසකට ලියාපදිංචිය හා පුරවැසි වරප්‍රසාද ලබාදෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි. ලොව ජනගහණය වැඩිම රට වූ චීනයේ ජනගහණය අඩු කිරීමේ අවශ්‍යතාව අනුව එක් පවුලකට එක් දරුවකු යන ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවිණි. යුවළකට එක් දරුවකුට වඩා උපත ලැබුවහොත් එලෙස උපත ලබන දරුවන් වෙනුවෙන් රජයට දඩ මුදලක් ගෙවා දරු උපත ලියාපදිංචි කිරීම නීතිය විය. පවුලේ එක් දරුවකුට වඩා උපත ලැබූ විට ග්‍රාමීය චීන දෙමාපියන් වැඩි පිරිසක් එවැනි දරුවන් ලියාපදිංචි කිරීමට කටයුතු කළේ නැත. ඒ අනුව චීන රජය පවසන්නේ මෙලෙස උපත ලැබූ දරුවන් ලක්ෂ 130ක් එරට සිටින බවයි.
ලියාපදිංචි නොවූ එම දරුවන්ට මූළික සෞඛ්‍ය පහසුකම් ලැබී නැත. පාසලක ඉගෙනුම ලැබිමේ අයිතිය ද අහිමිය.
නමුත් චීන ජනාධිපති ෂි ජින්පින් නිවේදනය කළේ චීනයේ මතබේදයට තුඩුදුන් ජනගහණ ප්‍රතිපත්තිය අවසන් කරන බවයි. දැනට ලියාපදිංචි නොවූ දරුවන් ද ඉදිරි කාලයේ දී ලියාපදිංචි කිරීමට චීන රජය සැරසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්. එහෙම කරලත් චීනයට ජනගහණය වැඩිවීම නවත්වන්න බැරිවුණානේ. ළමයින් එකට සීමා කිරීම අනික් ජනගහණය වැඩි රටවලත් කරන්න ඕනෑ (නි)
සමන්ට ළමයි නැහැ කියලා අනෙක් අයත් එක්ක ඊර්සියා. කරනවා වාගෙයි. (ස)
කාලෝචිත පියවරක්. (නි)
ලෝකයේ ඕනෑම රටක ළමයින් වැඩියෙන්ම ඉන්නේ දුප්පත් පවුල් වලයි. ඉතින් ඊටපස්සේ මුළු පවුලම තව තවත් අමාරුවේ වැටෙනවා. ඕකටයි පිළියමක් දෙන්න ඕනෑ. බලන්න ලෝකයේ ඕනෑම රටක මාසෙකට රුපියල් වලින් ලක්ෂ 5කට වඩා ආදායම් ලබන පවුල් වලින් කීයෙන් කීයකටද ළමයින් 3 කට වඩා ඉන්නේ? අපේ අල්ලපු ගෙදර ඉන්න ඇන්ටනීගේ රස්සාව පොල් කැඩීම. ගෙදර ළමයි 6 දෙනයි. හැබැයි හැමදාම හැන්දෑවට බීගෙන ඇවිල්ලා ළමයින්ට කෑගහනවා. (නි)
සමන්, අනිත් රටවල් ගැන කතා කරන්න පෙර අපේ රටේ ක්‍රමයෙන් අඩුවීගෙන යන සිංහල ජාතිය ගැන කතා කරන්න. අනෙකුත් ජාතින් තම තමන්ගේ ජාතින් වර්ධනය කරගෙන යන හැටි ඔබට පෙනෙන්නේ නැද්ද? (නි)
ඕක අපේ රටටත් අවශ්‍යයි. (නි)
මට ළමයි දෙන්නෙක් ඉන්නවා. තමන්ට කන්න අඳින්න, උගන්වන්න බැරි තරමට ළමයි හදලා ඒ ළමයි රටට බරක් කරන එක හොඳ නැහැ. (නි)
සමන් - ඕස්ට්‍රේලියා, ඔබගේ අදහස හරිම ප්‍රායෝගිකයි. ලෝක ජනගහනය වැඩි වෙලා සම්පත් මදි වෙලා. (ම)