විනිවිද පෙනෙන වීදුරු තහඩු වලින් තැනූ පොළොවක් සහිතව ඉදිකර තිබෙන ලොව පළමු එල්ලෙන පාලම චීනයේ හුනාන් ප්‍රාන්තයේ පිහිටා ඇත.
දිගින් අඩි 984 ක් වන මෙම පාලම පිහිටා තිබෙන්නේ පොළවේ සිට අඩි 590 ක් ඉහළිනි.පහළින් තිබෙන්නේ මහා ප්රපාතයකි.
පොළොව විනිවිද පෙනෙන සුළු නිසා මෙය මතින් යන සෑම කෙනෙක්ම ගමන් කරනුයේ බියෙන් සැලෙමින්ය.නමුත් ත්‍රාසය සොයන්නන් අතර මෙම පාලම ඉතාම ජනප්‍රිය බව සඳහන්ය.
මෙහි නිර්මාපයකින් පවසන්නේ පොළොව වීදුරු වලින් තනා ඇතත් එය කඩා වැටේයැයි කිසිදු බියක් ඇතිකර ගැනීමට අවශ්‍යතාවයක් නොමැති බවයි.මෙම වීදුරු සාමාන්‍ය භාවිතයේ පවතින සවිමත් වීදුරු වලට පවා 25 ගුණයකින් පමණ ඝණකම් බවද,විවිධ පරිසර තත්ත්ව හමුවේ වුවත් ඒවාට හානි නොවන බවද ඔවුන් කියයි.
පාලම මතින් ගමන් කළ යුතුවන්නේ විශේෂයෙන් තැනූ පාවහන් පැළැඳගෙනය.
මෙම ස්ථානයේ අතීතයේ සිටම පාලමක් තිබී ඇති අතර ලී වලින් තනා තිබූ එය ඉවත් කර දමා මෙම නව පාලම ඉදිකර තිබෙන්නේ මෑතකදීය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනයට දොස් කියන කට්ටිය අදහස් දක්වන අය මුලින්ම බලන්න තමුන්ගේ පරිගණකයේ මවුසය, යතුරු පුවරුව, ඇතුළු කොටස් හදලා තියන්නේ මොන රටේද කියලා, චීනයට මොනවා කිවුවත් මේ වනවිට මුළු ලෝකයේම වෙළඳ පොළවල් චීනය අත්පත්කරගෙන අවසන්.(අ)
මේඩ් ඉන් චයිනා? (ස)
දැන් ටික කාලෙකට ඉස්සර ලංකාවෙත් ඔය විදියේ (ඇවිදිනකොට යටින් මහපොලව පෙනෙන ) පාලම් තිබුන . ඒවල උදේ හවස ගිය අපිට වීදුරු පාලමේ යන එක සිම්පල් . (ම)
අපිත් ගහමු මේ වගේ විදුරු වලින් පාලමක්..? සුප්පා නේ කොල්ලනේ, කෙල්ලනේ 02 ෆොටෝ එකේ වගේ සීගිරියේ ගහමු එකක්, කැමතිද ඔයාලා හෙල්ප් කරන්න....? (බ)
ගුනාත්මක කම මම දැන්නෑ හෙලිකොප්ටරයක් ගත්තා වෑඩි මිලක් දීලා ගෙදර ගෙනිච්චා එක සෑරයක් උඩගියා දෙවෙනි සෑරේ ඉදන් පොලොවේ පස් කනවා වීන තාක්ෂනේ අනේ අම්මාපා. (ර)
මකරාගේ හපන් කම්.(ර)
දෑනට මම ජීවත් වන්නේ ස්විස්ටර්ලන්තයේ.මෙරටට ගෙනෙන භාණ්ඩ දැඩි පරික්ෂාවකට ලක්කරනවා.ඒත් 60% වඩා වෑඩි ප්‍රමාණයක් චීනයේ නිෂ්පාදිත භාණ්ඩ.ඉතාලියේ,ප්‍රංශයේ මේ තත්වය 80% වඩා වැඩි (ම)
සම්පත්, ඒක කරන්නත් ඔයා කියන විදියටම අර රටාව වෙනස් වෙන්න එපායැ. ඒක ඉතින් මේ කපේදී වෙන්නේ නැහැ නොවැ. ඒ හින්දම ඔයාගේ නිර්මාණයත් සිහිනයක්ම වේවි ( එහෙම නොවේවා කියලා අවංකවම පතනවා ) (නි)
මේක මහා වික්‍රමයක්. අපි කවදද මෙිව හදන්නේ. ලංකාවේ අධ්‍යාපන රටාව වෙනස් කරපු දාට අපිත් ගොඩ තමයි. ඒත් මේ දේශපාලුවෝ එ්වට ඉඩ දෙන් නෑ. ඒ හින්දා අපි හැමදාම වහල්ලු. මම නම් කවදා හරි නව නිෂ්පාදනයක් කරනවා මුළු ලෝකෙටම වැදගත්වන දෙයක්. එදාට ලංකාව ගැන කතා කරයි (බ)
අපිට නම් ඉතින් ඕකේ යන්න බය වෙන්න දෙයක් නැහැ..., මොකද අපිට යන්න වෙන්නේ හීනෙන් තමයි (බ)
එංගලන්තයේ නවතම න්‍යෂ්ටික බලාගාරය හදන්නෙත් චීනය. .බටහිරයන්ගේ කටේ නරිවාදන් පමණි (අ)
නිමල් -ගයාන් ඔයාලගේ කතාවල අර්ධ සත්‍යයක් තියෙන්න මම දන්නා තරමට ඔය චීනෙන් අමෙරිකාවට අරෙහට මෙහාට දෙන බඩු වල තාක්ෂනය එයාලගේ නෙමේ එහෙ ශ්‍රමය ලාබ හින්ද එකලස් කිරීම් හුඟක් කරනවා එයාලගේ බඩු අරගෙන ලබපු කටුක , සමහරවිට විහිළු සහගත අත් දැකීම් අපට තියනවා එහෙම අය තවත් ඇති (බ)
හොද නිර්මාණයක්.(හේ)
මේ පාලම උඩින් යන කොට මොනවා හිතෙනවා ඇතිද?(හේ)
අපූරු නිර්මාණයක්.(හේ)
මරණයට අතවැනීමක් වගෙයි මට නම් පෙනෙන්නේ (නි)
ජයාත් විහිලු කරන්න එපා, ඇමරිකාවට එන සේරම ඉලෙක්ට්‍රොනික් බඩු කම්පියුටර් ඇතුළු සේරම හදන්නේ චීනේ. රථ වාහන සම්භන්දයෙන් ඔබේ මතය හරි වෙන්න පුළුවන්, නමුත් අනික් සියලු දේ අතින් චීන නිෂ්පාදන තමයි ඇමරිකන් කාරයෝ ගන්නෙත්. මම ඉන්නේ ඇමරිකාවේ. (අ)
ජයාත්, දැන් ඇමෙරිකාවේ/ජපානේ බඩු ඔක්කොම හදන්නේ චීනේ තමයි. ඇමෙරිකාව හරි ජපානේ හරි දැන් කිසිම දෙයක් නිෂ්පාදනය කරන්නේ නෑ. (අ)
චීනා ගේ තාක්ෂණය විකුණන රට අනුව වෙනස් වෙනවා. මැද පෙරදිග වගේ පොහොසත් රටවලට ගුණාත්මක නිෂ්පාදන වගේම දකුණු ආසියා රට වලට මිල අඩු තත්ත්වයෙන් අඩු භාණ්ඩ නිෂ්පාදනය කරනවා. අපේ මිනිස්සු බලන්නේ මිල විතරයි.(අ)
චන්ද්‍රිකා - චන්ද්‍රා ,මම කාගෙවත් තාක්ෂණික ඥානය අවතක්සේරු කළේ නැහැ මම කිව්වේ යථාර්ථය. මේකේ ඇත්ත නැත්ත. ඔයාලටම බලාගන්න පුළුවන් වෙළද පොළට ගිහින් චීන නිෂ්පාදනයකුයි ඊට සමාන බටහිර හරි ජපාන නිෂ්පදනයකුයි ගත්තහම / චීනගේ එක ගෙදර ගේනකොටම වැඩකරන්නේ නැහැ.එයාලගේ තාක්ෂණයේ ගැටළු තියනවා. ලෝකේ කාර්මික අනතුරු වැඩිම රටක් ඕක. නමුත් අපි වගේ "දුප්පත් "රටවල් වලට එයාලගේ දේවල් කැමති වුණත් අකමැති වුණත් ගන්න වෙලා තියනවා. යථාර්ථය ඕකයි (නි)
සියුම් ලෙස චීන බලය අවතක්සේරු කරන්න පුරුදු පුහුණු වූ අය නම් තවමත් දොස්ම තමයි කියන්නේ (නි)
ජගත් , චීනාගේ චීන මහ පවුරින්ම චීනා කවුරුන්ද කියා ඔබ පොතපත කියවා දැනගන්න. (නි)
පාලමට සමගාමිව යටින් පාලමකුත් හැදුවා නම් කොහොමද ?(හේ)
විශිෂ්ට නිර්මාණයක්. අවස්ථාවක් ලැබුනොත් මම නම් අනිවාර්යෙන් යනවා. (නි)
"මේඩ් ඉන් චයිනා" නිසා ටිකක් ප්‍රවේශමෙන් තමයි ඇවිදින්න වෙන්නේ (නි)
කොල්ලෙක් ගලක්වත් ගැහුවොත් විනාශයි. කට්ටියම බිම. (නි)
මම නම් ගියා. වීදුරුවෙන් පහළ බලනකොට ඇඟ හිරි වැටෙනවා. දෙයියෝ සිහි කරගෙන ගියා (නි)
අපිත් කොළඹ මෝඩපාලමක් හදලා තිබුණා හදිසි අනතුරු වුණා ලෙඩ්ඩු ගෙනියන්න. පාර හරහා යන්නේ නැතුව ලෙඩා සහිත ට්‍රොලිය තල්ලු කරගෙන අඩි ගණනක් උසට ගෙනගොස් නැවත පාරේ අනිත් පැත්තට අඩි ගණනක් තල්ලු කරගෙන බහින්න.(ලෙඩාටත් සේවකයන්ටත් ව්‍යායාමයක්) .දැන්නම් පාලම ගලවලා (අ)
මටත් මේ පාලමේ යන්න ආසයි - බයයි ....! (අ)
අනේ බුදු අම්මෝ එයාල කිව්වට යන්න බයවෙන්න එපා කියල ඔය පැත්තට ගිය කෙනෙක් වැරදිලාවත් ජීවිතයට ආදරේ නම් ඕකේ යන්න හිතන්නවත් එපා මොකද ඕක හදල තියෙන්නේ චීනයේ (අ)