චීනයේ හෙනන් ප්‍රාන්තයේ යුන්තායි කන්දේ අඩි 3540 ක් ඉහළින් පිහිටි වීදුරු මාර්ගයෙහි කොටසක් සංචාරකයින් රැඳී සිටියදී ඉරිතලා ගොස් ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
යූ හැඩයේ වීදුරු මාර්ගයක් වන එහි පතුල වීදුරු වලින් සකස් කර ඇත. මෙම මාර්ගය මහජනතාව සඳහා විවෘත කර ඇත්තේ මේ වසරේ සැප්තැම්බර් මස 20 වැනිදායි.
සිද්ධියවූ අවස්ථාවේ එහි සිටි සංචාරකයින් භීතියට පත්ව ඇති බවත් කියති.
එම වීදුරු මග මුහුදු මට්ටමේ සිට අඩි 4700 ක් උසින් පිහිටා ඇති අතර එය අඩි 200 ක පමණ දිගකින් යුක්තය.
එහි ප්‍රකාශකයකු ඩේලිමේල් වෙබ් අඩවියට ප්‍රකාශ කර ඇත්තේ සංචාරකයකුගේ මළ නොකන වානේ ජෝගුවක් වැටීමෙන් මෙහි ඉරිතැලීමක් සිදුව ඇති බවයි.
තීරු 3 කින් යුත් එහි එක්තීරුවක පමණක් ඇතිවූ එම ඉරිතැලීමෙන් සංචාරකයන්ට හානියක් නොවූ බවද ඔහු පවසා ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේඅය දන්නේ අනුන්ව විවේචනය කරන්න. (ර)
කොහොම හරි චීනා මොනවා හරි හොයා ගන්නවා නිෂ්පාදන කරනවා අපේ අයට පුළුවන් දොෂ් කියන එක තමයි කමක් නැහැ ඒක හරි කරනවා. (ර)
චීන මහාප්‍රාකාරය ලෝක පුදුමයක් උනේ වැඩිම කාලයක් පැවතුන චීන නිෂ්පාදනයක් නිසා. (ර)
ලේ දුන්නට මොලේ දෙන්න බෑ... (ර)
වැඩේ නම් හරිම ලස්සනයි, අලුත් දේවල් කරන්න ඕනි , එත් ආරක්ෂාව ගැන හිතන්න ඕනේ. (ර)
වැරදි හදා ගෙන ඉදිරියට (ම)
අර අනිත් එල්ලෙන පාලම වගේ මේ පාලමෙත් යන අයට විශේෂික වූ පාවහන් හා සුරක්ෂික භාවය තහවුරු කලා නම් ඔහොම වෙන්නෑ නේ.. (ර)
අම්මෝ ඔයින් ගියා ඇති.(හේ)
චීන බඩු බාල නෑ කොලිටි තුනකට හදනවා. චීනෙට බැනල වැඩක් නැත (ම)
චීන බඩු හොඳ ප්‍රමිතියෙන් තියනවා. ඒ් වගේම බාල ගාණ අඩු කුණු බඩුත් තියනවා. අයිපැඩ් එක පිටිපස්සේ ගහල තියෙන්නෙත් මේඩ් ඉන් චයිනා කියලා (බ)
මා චීනයේ වැඩ කලා ලෝකයේ දිගම එල්ලෙන පාලම හොන් කොන් නුවරට හැදුවේ චීනයේ එම ජනතාවගේ වැඩ කිරීමේ දායකත්වය නිර්මාණ ඉතා ඉහල මට්ටමක් අපිට ආදර්ශයක් අනුන් විවේචන කරමින් කාලය කා දමමින් නව නිර්මාණ වලින් ඇත් වෙමින් ගෙනයන ජීවිත උරුම උනේ විදේශික පාලනයෙන්. (ර)
සුද්දන්ට ඉංග්‍රීසි ඉගැන්නු අපිට චීන්නුන්ට පාලම් හදන්න කියා දෙන එක සුළු වැඩක් නොව. (ර)
හදිසි අවස්ථාවකදී බස් රථවල වීදුරු බිදින්න සුදු යකඩෙන් සැදූ මිටි සවි කර තිබෙනවා. (ර)
ඕක තමයි අපි කලින්ම කිවුවේ (නි)
මෙතන චීනෙට බණින අය පොඩ්ඩක් බලන්න ඔයාලගේ පරිගණකය කොහෙද හදලා තියෙන්නේ කියලා (නි)
ජෝගුව මළ නොකන එකක් නිසා තමයි පාලම ඉරි තැලුනේ. මළ බැඳෙන එකක් වුණා නම් ඔහොම වෙන්නේ නැහැ (නි)
මළ නොකන වානේ ජෝගුවක් වැටීමෙන් ඉරි තැලුවානම් තඩි සුද්දෙක් වීදුරව මත ලිස්සා වැටුනාම් සුද්දාට බඩුම තමයි. (බ)
මමත් ඔය පාලමෙන් අැවිදල තියෙනවා,, එ්ක සෙන්ටීමීටර් ගණනාවක් පළලයි, පොඩ්ඩක් ඉරි තැලුනට මුකුත්වෙන්නෙ නෑ. ඒක චීනා ඉක්මනට හදයී, ඕවා එච්චර වැඩ නෙමේ චීනට, කරලා තියෙන වැඩ බැලුවම.අපේ රටේ මහා ලොකුවට සංචාරක කර්මාන්තය තියෙනව කිව්වට ,චීනෙට ගිහිල්ලා බලන්ඩ ඕනෙ කොහොමද කියලා, බොරුවට කෑගහන්නේ නැතුව. මේකේ යනකොට සපත්තු දාන්නෙ වැස්ස දවස්වලට මඩ වෙලා පහළ පෙනෙන්ඩ, එවා රෙදි වලින් හදපු සපත්තු (බ)
මේඩින් චයිනා ගැනනම් ගන්න දෙයක් නෑ ඔහොම්ම තමයි (බ)
මෙඩ් ඉන් චයිනා නේ? (ස)
හදපු දවසෙම මම කිවුව නේද ගල් පාරක්වත් දුන්නොත් විනාශයි කියල? (බ)
සැබැවින්ම මනස්කාන්ත දර්ශනයක්..(ම)
අනේ මන්දා, මෙතන පේන කියන කට්ටිය... මගේ නම් ෆෝන් එකත් චීන තමා... ඔච්චර තත්වය හොද නැත්නම් අමෙරිකාවත් මොකද චීනනෙට බය. (ර)
උඩ කොමෙන්ටුව සැබවින්ම මනස්කාන්ත කොමෙන්ටුවකි . (ර)
සාගරගේ අදහස බුද්ධි ගෝචර යි. (ස)
මොකද බටහිරට දෙන අය වැඩි නිසා. (ස)
මට නම් ඇමෙරිකාවයි චීනයයි දෙකම එකයි. ඔක්කොම බලාගෙන ඉන්නේ අපිව ගිලින්න. අපි දැනගන්න ඕන තනියම දියුණු වෙන්න. (බ)
චීන වැඩ ඔහොම්මමයි (ම)
චීන නිෂ්පාදනයක්නේ බාලයි. (ර)
ඇමෙරිකාවත් පාවිච්චි කරන්නේ 'මේඩ් ඉන් චයිනා' තමයි. යුරෝපා රටවල්ද එහෙමමයි. (ර)
වානේ, ඕනෑකමින්ම අතහැරියද දන්නේ නැහැ... (ර)
මල නොකන වානේ ජෝගුවක් අරගෙන පාලමේ මොකට ගියාද මන්දා.අය්යෝ චීන සල්ලි (බ)
විශ්මිත නිර්මාණයක්. චීනා කලොත් දෙයක් එලම තමයි.(අ)
ගොඩක් අය චීන බඩු ගැන හරියටම දන්නේ නෑ. චීන බඩු කොලිටි කීපයකට හදනවා. බටහිර රටවලට යන ඒවායේ තත්වය තරමක් හොඳයි. ලංකාවට වගේ එවන්න බාලම ඒවා. (බ)
අනිත් එක චිනේ ඔය බඩු හැදුවට මොකද තක්ෂණේ වෙනත් රටවල් වල හැදුව කියල නම ගහපු පලියටම බඩුවේ තාක්ෂණය එරටේ වෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට නවීන කැමරාවල තියෙන ඔටෝ ෆෝකස් තාක්ෂණය ඇමෙරිකානු හනිවෙල් සමාගමේ තාක්ෂණයක්. පසුව වෙනත් රටවල් වැඩි දියුණු කලාට? අද චිනේ හරිහරියට ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍ර අඩුමුදලට හැදුවට එකත් ඇමෙරිකානු තාක්ෂණයක්. එව්වට තාක්ෂණ අයිතිය වෙනුවෙන් විකුණන හැම කෑල්ලකටම අර සමාගම් වලට ගානක් ගෙවනවා, ලින් මැඩියන්ට ලින්කටෙන් පෙනෙන්නේ සරුංගලේ සහ එකේ ගහල තියෙන නමයි විතරයි. හදපු කෙනයි, යවන කෙනයි පෙනෙන්නේ නැහැ. (අ)