චීනයේ යුනන් පළාතේ කුන්මින්ග් දුම්රිය ස්ථානයට පිහි රැගෙන පැමිණි පිරිසකගේ ප්‍රහාරයෙක් දුම්රිය ස්ථානයේ සිටි 29 දෙනෙක් මිය ගියහ.
පිහි ඇනුම් කා තුවාල ලැබුවෝ 130ක් පමණ රෝහල් ගත කළහ.
පිහි රැගත් 9දෙනෙකු පමණ දුම්රිය ස්ථානයට ඇතුලු වී, දුම්රිය ස්ථානයේ සිටි මගීන්ට පිහි පහරවල් එල්ල කරන්නට වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.. දුම්රිය ස්ථානයෙන් පිටත දී ද දස දෙනකු ඝාතනය කර ඇත.
මෙහිදී පොලිස් වෙඩි පහරින් සැකකරුවෝ සිව් දෙනෙක් මරුමුවට පත් වූහ.
චීන පොලිසිය පවසන අන්දමට මෙය කලින් සැලසුම් කරනලද, සංවිධානාත්මක හා සාහසික ප්රහාරයකි. චීන රජය මෙය උයිගර් බෙදුම්වාදීන්ගේ ක්‍රියාවක් බවට සැකකරයි.
සීසීටීවී කැමරා දර්ශනවලට අනුව අඩු ගණනේ සැකකරුවන්ගෙන් දෙදෙනෙක් කාන්තාවෝය. පොලිස් වෙඩි ප්‍රහාරවලින් එක් සැකකාර කානත්වාක මිය ගිය අතර අනෙක් කාන්තාව තුවාල ලබා රෝහල් ගත කළ බව එරට පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය හරියටම ලංකාවේ එල් ටී.ටී. එකම වගේ. දැන්ම මර්ධනය කලයුතුයි නේද? (නදී)
චිනේටත් ළඟදීම ලංකාවෙන් උපදෙස් ගන්න වෙනවා වගේ. (නදී)
බෙදුම් වාදීන්(නධී)
පවු, අහිංසක මිනිසුන් මරල මොනවද ලැබෙන්නේ? කොහොමද මේ මිනිසුන්ට මෙහෙම නපුරු හදවත් ඇති උනේ?(නදී)
චිනේ දෙයි නියම බෙහෙත.(නධී)
චීනය කොහොමත් ත්රස්තවාදීන් ගේ මානව හිමිකම් බලන්නේ නැහැ... ඒ නිසා මෙය මර්ධනය කරාවි.. (අ)
එල්ටීටීඊ ත්රස්තයෝ ඩොලර්, කෙන්ට් ෆාම් වල අහිංසක මිනිසුන් මැරුවෙත් මේ වගේම තමයි. (නදී)
ඔය වගේ කතාවක් තමයි දැනට අවුරුදු ගානකට ඉස්සෙල්ලා ටියට්නාමෙන් චතුරශ්‍රයේදී යුධහමුදා ටැංකි දාලා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් දහස් ගානක් චොප්ප කරපුවාම කිව්වෙත්. (නදී)