රාජ්‍ය සේවයේ දුෂිත හා අකාර්යක්ෂම නිළධාරීන් පිරිසක් රටම ඉදිරියේ නිරුවත් කළ රූපවාහිනී වැඩසටහනක් පසුගියදා චීනයේ විකාශය විය.
වැඩසටහන මෙහෙයවූයේ පාලක පක්ෂය වන චීන කොමියුනිස්ට් පක්ෂයේ නායක හා චීන ජනපති ෂි ජින්ග්පින්ග්ය.
මෙම වැඩසටහනට සහභාගී කරගෙන තිබුණේ රටේ විවිධ අමාත්‍යංශ හා ආයතන වල මුල් පුටු හොබවන අයයි.
වැඩසහනේදී මෙම පුද්ගලයින්ට කිරීමට සිදුවූයේ තම තමන්ගේ රාජකාරි කටයුතු වලදී සිදුකළ අකටයුතුකම්,වංචා,දුූෂණ ආදිය තිබේනම් ඒවා හෙළි කිරීමයි.
ජනපතිවරයාම වැඩසටහන මෙහෙයවන බැවින් මෙම පුද්ගලයින්ට සත්‍ය හෙළිකරනවා විනා වෙන කරන්නට දෙයක් නොතිබිණි.
මහජන මුදල් වැය කර සාද දැමිීම්,රථ වාහන මිලදී ගැනීම් වල සිට, වංචා කිරීම්,බොරු ගෙතීම්,වැඩ කටයුතු පැහැර හැරීම් දක්වා විවිධාකාරයේ අකටයුතුකම් ඔවුන් බිම් බලාගෙන හෙළි කරන ආකාරය චීනය දැකගත්තේය.
ජනපතිවරයා මේ සියල්ල සාවධානව අසා සිටිනු දැකගත හැකි විය.ඔහු වරින් වර සටහන් ලියා ගත්තේය.
ෂි ජින්පින්ග් පාලක කොමියුනිස්ට් පක්ෂයේ නායක ධූරයට හා පසුව චීනයේ ජනාධිපති ධූරයට පත්වූ දා සිටම රාජ්‍ය සේවය නඟා සිටුවීමට විවිධාකාරයේ වැඩසටන් දියත් කරනු දැකගත හැකිවිය.මෙයත් එම වැඩසටහන් අතුරින්
එකක් ලෙස සැළැකිය හැකි බව චීන දේශපාලන විචාරකයින් කියයි.
‘‘තම තමන් විවේචනය කර ගැනීමේ කලාව‘‘ ලෙස හඳුන්වාදී ඇති මෙම රූපවාහිනී වැඩසටහන ඉදිරියටත් කි‍්‍රයාත්මක කැරෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න රුපවාහිනියටයි අයි.ටී.එන් එකටයි බාරගන්නවා නම් අභියෝගේ .(නදී)
ලංකාවේ එහෙම වෙන්නේ නැ. (අ)
ලංකාවේ කලානම් මුලින්ම වංචා ගැන කියන්න වෙන්නේ මෙහෙයවපු කෙනාටයි. අනෙක් අයට වෙලාවක් ලැබෙන්නේ නැහැ .(නදී)
චීනෙන් ගන්න ඕනේ පරණ බඩු විතරක් නෙමෙයි මේවගේ වැදගත් දේවලුත් ගන්න ඕනේ .(නදී)
අපේ රටේ ඔක්කොටම චාන්ස් එක දෙන්න ගියොත්, පැය 24 ම නොකඩවා වැඩසටහන කරන්න වෙයි..(නදී)
ඔන්න ගන්නවානම් චීනෙන් ආදර්ශයක්.......අපේ ළගම හිතවතෙක් විදියට ඉන්න චිනෙත් එක්ක ජනපති තුමාගේ තියන හිතවත්කම ලෝකෙට පෙන්නන්න එතුමත් මේ ආදර්ශය අරගන මේ වැඩසටහන ඒ නමින්ම මෙහෙය වන්න ඉදිරිපත් උනානම්........බඩුම තමා.....(නදී)
ලංකාවේ කොහොමද ඔය වැඩේ කරන්නේ? (නි)
ලංකාවෙ මේ වැඩේ කරන්න බැරි රජයේ ඉහල නිලධාරින් බොහොමයක් නිර්වස්ත්‍ර කරන්න අවශ්‍යතාවයක් නැති කමයි, ඔවුන් දැනටමත් හෙලුවෙන් ඉන්නේ..(නදී)
අපේ අය නම් රූපවාහිනි වැඩසටහනකට එන්නේ මොකක්හරි ඡන්දයක් වගේ එකක් ළං වුණහම විතරයි. අනික අපේ රජයේ සේවකයෝ ඔහොම හොරවැඩ කරන්නෙත් නැහැ (නි)
පාර්ලිමේන්තුවේ සභා ගැබ තුල තිබෙන වාදවිවාද දිහා බලද්දී, ඔය වගේ සමාජයයට වැදගත් දේවල් මේ රටේ බලාපොරොත්තු විය නොහැකියි..(නදී)
මේ වගේ දේවල් ලංකාවේ අපිට නම් ආශ්චර්යයක්ම තමයි නේද? (නි)
ලංකාවේ හොරු ටික අපි දන්නවා ඒ අය යටට හොදට තදට ඇදල තියෙන්නේ .(නදී)
ප්රශ්නය අපේ රටේ වැඩසටහන මෙහෙය වන්නත් කෙනෙක් නැතිකමයි..(නදී)
අපටත් මෙවන් කායකයෙක් පහළ වේවා! අපේ රටේ ඕක කළා නම් අර කට්ටිය ඔක්කොම නිරුවත්..(නදී)
අපේ රටේ ඕක කොලා නම් වහ කන්න තමයි වෙන්නේ.(නදී)
නායකයා වැරදි කරන්නේ නැත්නම් මේක කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. .(නදී)
මේ ක්‍රමය ලංකාවටත් ඉතාම කදිමෙට ගැලපෙනවා ඉක්මනින් ක්‍රියාත්මක කරන්න .(නදී)
චීන රටේ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.කවදාවත් එහෙම වෙන්නේ නැහැ (නි)
ලංකාවටත් ගැළපෙනවා. (නි)