ඉන්දියාවේ සියලුම සිනමාශාලා චිත්‍රපට දර්ශනයක් ආරම්භ කිරීමට පෙර ජාතික ගීය වාදනය කළ යුතු බවත් ජාතික ගීය වාදනය වන අවස්ථාවේදී ජාතික කොඩියත් ප්‍රදර්ශනය කළ යුතු බවත් ඊට ප්‍රේක්ෂකයන් නැගී සිට ආචාර කළ යුතු බවත් එරට ශ්‍රේෂ්ඨාධිකරණය (30) නියෝග කළ බව වාර්තා වෙයි..
එම නියෝගය ක්‍රියාත්මක කිරීමෙන් ඉන්දියානුවන් තුළ දේශප්‍රේමීත්වයත් ජාත්‍යාලයත් ගොඩනැගෙනු ඇතැයි ද එම නියෝගය දෙමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධීකරණය ප්‍රකාශ කළේය.
දීපක් මිශ්රා සහ අමිතාවා රෝයී යන විනිසුරුන්ගෙන් සමන්විත ද්විත්ව විනිසුරු මඬුල්ලක් විසින් එම තීන්දුව දුන් අතර ජනතාව තම මාතෘභූමියට ආදරය ප්‍රකාශ කළ යුතු කාලය එළැඹ ඇතැයි ද ඔවුහු එහිදි කීහ.
“ජනතාවට මේ මගේ රට යන හැඟීම ඇතිවිය යුතුයි. මෙය මගේ මාතෘභූමියයි. ඔබ සියල්ලටම කලින් ඉන්දියානුවෙක්. අනෙක් රටවල ඔබ සීමා කිරීම් හා නීතිවලට ගරුකළ යුතුයි. එහෙත් ඉන්දියාවේදී ඒ සඳහා නීති අවශ්‍ය වන්නේ නැහැ” යැයි විනිසුරු මිශ්රා පැවසීය.
අංක 1951 ජාතික ගෞරවය අපහාස කිරීම වැළැක්වීමේ පනත යටතේ ජාතික ගීය වාදනය වන විට එය ගායනය කිරීම හෝ ඊට ගෞරව දැක්වීම හෝ සෑම පුරවැසියකුගේම වගකීම හා යුතුකම යැයි ද විනිසුරුවරයෝ කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුවණ නොගැළපෙන වැඩක්. ජාතික ගීයට අවමානයක් වෙන එක තමයි වෙන්නේ මේකෙන්. (නි)
1980 පමණ වනතෙක්ම ආපේ රටේ සිනමා ශාලා වල ඔය හොඳ ආදර්ශය තිබුනා. ඉන්පස්සේ අපේ රටේ නායකයෙක් කිවුවනේ සාහිත්‍යය, සංස්කෘතිය කන්නද කියලා. ඉතින් ඊට පස්සේ රට විවෘත වුණා ඕනෑ දෙයකට. නරක හැමදේම පිටින් ආවා. අපි අපේ හොඳ දේවල් අකුලා ගත්තා. එකට අපි කිවුවා දියුණුව කියලා. (නි)
ආගම හා සංස්කෘතිය බලෙන් මහජනයාට ගිල්වන්න එපා. (ර)
සෙනග එන්නෙම නැති සිංහල චිත්‍රපටිවලට මොන ජාතික ගීද ? (ර)
ජාතියාලය ඇති කිරීමට ගත් සාර්ථක උත්සහයක්. (ර)
රුවන්, ඔබ ජාතිය ගැන ආඩම්බර විය යුතු නැහැ. මේ ලොව හැම කෙනෙක්ම බිහිවී ඇත්තේ යම්කිසි ජාතියකට සම්බන්ධවයි. ජාතියකට ගරු කිරීමට නීතිරීති අවශ්‍ය නැ. ගරුකළ යුත්තේ මෙලොව අන් අයටයි. මා කරන හැම දෙයකටම සම්බන්ධයක් නැතුව ඇති. නමුත් එය මගේ පුද්ගලික ක්‍රියාවක්. මේ නීතිය සමුහ මහජනයාට බලකිරීමක්. (නි)
චිත්‍රපටිය පටන්ගන්න ඉස්සෙලා සිංහලෙන් කියල චිත්‍රපටිය අවසාන උනාම දෙමලෙන් කිවුව නම් හරි. නිදහස් දවසේ කලා වගේ. ලෝකෙම හිනස්සන වැඩ. (ර)
ප්‍රාදේශීය වශයෙන් කොපමණ වෙනස්කම් නුරුස්සනකම් තිබුනත් ඉන්දියානුවන් අතර ජාතික හැගීම ඉතාම ඉහලයි. ක්‍රීඩා, සිනමාව, උත්සව ඒ ජාතික හැගීම ඔවුන් අතර තීව්ර කරනවා. අපේ අය අතර එහෙම එකක් නැහැ. (ර)
ඉන්දියාවේ තවත් මෝඩ වැඩක් (නි)
දැන් නිල් චිත්‍රපට වලටත් ජාතික ගීය ගයයි. නිකන් බාල්දුවෙන වැඩ මේවා. ඉන්දියාවේ අනාගතයේ තේ කඩේටත් ගෙනෙයි කන්නබොන්න කලින් හිටගෙන කියන්න කියන නීතිය (නි)
ඉන්දියාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (බ)
අකිල,මිනිපෙ, ජාතිය ආගම කියන සංකල්ප මිනිසුන්ට බලෙන් ගිල්ලවන එක නොවෙයි මෙතන තියෙන්නේ. එහෙම කළාට කවුරුත් විරුද්ධ වෙන්නේ නැහැ. මේ තුළින් වක්‍රව ජනමතය වෙනස් කළහැකියි (නි)
රුවන්, ජාතිය ආගම කියන සංකල්ප මිනිසුන්ට බලෙන් ගිල්ලවන්න යාම අවශ්‍ය වියයුතු නැහැ. ඉන් මිනිසුන්ට ඒවා එපාවිය හැකියි. (නි)
රට,ජාතිය,ආගම,සංස්කෘතිය ගැන හැඟීමක් නැති එකා නරුමයෙක්. (බ)
ලංකාවෙත් මෙය නැවත කළයුතුය (නි)
මිනිපේ, නුඹ කරන හැමදේටම සම්බන්ධයක් තියනවද. ජාතියක අභිමානය කියන්නේ කොන්ද පණ ඇති බවට ළකුණක්. ජාතියක් ජන්මයක් අභිමනයක් නැති අයට කොන්දක් නැහැ (නි)
ජාතික ගීයේ සහ චිත්‍රපටය අතර සම්බන්ධතාවය කුමක්ද? ආගම හා සංස්කෘතිය බලෙන් මහජනයාට ගිල්වන්න එපා. (නි)
ලංකාවේ ජාතික ගීය භාෂා ගණනකින් කියල චිත්‍රපටිය පටන් ගන්නකොට එලි වෙලා තියේවි! (බ)
අප කුඩා කල සිනමා ශාලාවකට ගියාම ඔය කියන දේවල් හැමදේම සිද්ධ වුණා (බ)