කියුබාවේ කෙළවරක පිහිටි ඇමෙරිකාවට අයත් ග්වන්තනාමෝ බේ සිර කඳවුර වසා දැමීමේ කටයුතු කඩිනම් කරන බවට ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා යළිත් වරක් පොරොන්දුවක් ලබා දුන්නේය.
තමන්ට සිදුවන කුරිරු වධ බන්ධනයන්ට එරෙහිව ග්වන්තනාමෝ බේ සිරකඳවුරේ රැඳෙවියන් මාස ගණනාවක් තිස්සේ උපවාසයක් අරඹා ඇත.
උපවාසයේ යෙදන රැඳෙවියන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතළ බව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය නිවේදනය කර ඇත. බන්ධනාගාර නියාමකවරුන් උපවාසයේ යෙදෙන තමන්ට වතුර පොදක් හෝ ලබා නොදෙන බව ද රැඳෙවියෝ පවසති.
ඇමෙරිකා රජය ත්රස්තවාදයට එරෙහි සටනේදී, අත්අඩංගුවට ගන්නා සැකකරුවන් රඳවා තැබෙන්නේ මෙම ග්වන්තනාමෝ බේ සිරකඳවුරේය. වසර ගණනක් තිස්සේ එහි සිරගත කර සිටින ඇතැමුන් නිරන්තරයෙන් කුරිරු වධ බන්ධනයන්ට ලක් කෙරෙන බව පැවැසෙයි.
උපවාසයේ යෙදෙන එම රැුඳෙවියන් කියා සිටින්නේ තමන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කරන්නේ හෝ නඩු විභාග පවත්වන්නේ හෝ නැතිනම් තමන් වහා නිදහස් කරන ලෙසටය.
ග්වන්තනාමෝ බේ බන්ධනාගාරය පවතින්නේ ඇමෙරිකානු හමුදා පාලනය යටතේය. එහි නියාමකවරුන් වන්නේ හමුදා භටයන්ය.
2008 වසරේ ජනපතිවරණයට ඉදිරිපත් වෙද්දී, ග්වන්තනාමෝ බේ බන්ධනාගාරය වසා දමන බවට ඔබාමා ප්‍රතිඥා දුන්නේය.
දෙවැනි ධුර කාලය ආරම්භ කළත්, ඔබාමාට එම පොරොන්දුව ඉටු කිරීමට නොහැකි විය. ඊට හේතුව එම රැඳෙවියන් මුදා හැරීම ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වීමය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර කථාවක්නේ. හමුදාව උතුරේ ඉන්නවා කියලා කෑ ගහනවා, මේ අයගේ බන්ධනාගාර පාලනය කරන්නෙත් හමුදාව. මෙන්න මානව හිමිකම් කඩනවෝ! මානව හිමිකම් සංවිධාන කරන්නේ අප වගේ රටවල් සමතලා කරන්න උදව් කිරීමට මිස මානව හිමිකම් රැකීමට නොවේ. (නි)
ඕකේ ඉන්න අය එලියට දාලා සි අයි ඒ එකට එයාලා පස්සේ පන්නන වැඩේ බාරදෙන්න. ඉතුරු වුණොත් කොහේ හරි ආයෙත් පත්තු කරයි. (නි)
ලෝකෙම නායකයන් තනිකර කෙලින්නෙම පිස්සු.(නදී)
ඇමෙරිකාවට කඩේ යන මුරුගන්,චූලා,කෝ? ඇමෙරිකාව ඔහොම ගිහිල්ල ගිහිල්ල කාගෙන් හරි කනවා කෑමක් හොදි නැති වෙන්න. වියට්නාමෙන් වගේ නෙමෙයි ඊටත් වඩා.(නදී)
ත්රස්තවාදයට මුළු ලෝකයම විරුද්ධයි. නමුත් අනුන්ගේ රටවල ත්‍රස්තවාදී සැකකරුවන් නඩු විභාගය කින් තොරව සිරගතකර තැබීම මානව හිමිකම් වලට පටහැනි නොවේද?(නදී)
මහපොළොව සිඳිලා වියළිලා යාම පුදුමයක් නෙමෙයි. සතර අපායට වැටුන සත්වයෙක් එයින් ගොඩ එන්න ලැබුනොත් අන්න ඒකයි පුදුමේ. අනුන්ට හිංසා නොකරන්න. ප්‍රතිපල භයානකයි. (නි)
කමල්, පූසාරියා කෝවිලේ පැහැරුවට කමක් නැහැ. (නි)
මේ තම්බින්ට මොකද කරන්නේ? (නි)