චීනයේ බෙයිජිං බලා යද්දී සතියකට පෙර අතුරුදන් වූ මලයාසියා ගුවන්යානයේ අබිරහස තව තවත් ව්‍යාකුල තත්වයකට පත්කරවමින් එම ගුවන්යානයෙන් යැයි අනුමාන කළ හැකි සඥා තවමත් අවට සැරි සරණ චන්ද්‍රිකා වෙත ලැබෙමින් පවතින බව මෙම විපත පිලිබඳ පරීක්ෂනපවත්වන කණ්ඩායම් පවසයි.
මේ ගුවන් යානය සොයා මලයාසියාව, සිංගප්පුරුව, වියට්නාමය, තායිලන්තය, පිලිපීනය, ඉන්දුනිසියව යන රටවල් ඒකාබද්ධ මෙහෙයුමක් අරඹා ඇති අතර තවමත් එය සොයා ගැනීමට නොහැකි වී ඇත. ඒ සඳහා නැව් 35 ක්ද, ගුවන් යානා 40 ක්ද, චන්ද්‍රිකා 10 ක් ද යොදවා ඇත. මෙම දැවැන්ත මෙහෙයුම ක්‍රියාත්මක වන අතර තුර මලයාසියාව පුරාම විවිධ කණ්ඩායම් ආගමික පුද පුජා සහ යාඥා ආදියෙහි නිරතවෙමින් එම ගුවන්යානයේ ගමන් ගත් සියලුදෙනාහටම සෙත් පතති.
මෙවැනි එක පිංකමක් ක්වාලාලම්පුර් ක්වාලලාම්පූර් නගරයේ, 'බ්‍රික්ෆීල්ඩ් බෞද්ධ මහා විහාරයේදීද පවත්වනු ලැබිය. ඒ සඳහා මලයාසියා පොලිස් නිලධාරීන් සමඟ බෞද්ධයෝ රැසක් එක් වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ උතුම් පුණ්‍ය කර්මයේ බලයෙන් යානාව ඇතුළු සියලු මගීන් නිරුප්‍රදිතව යලි තම රටට ලඟාවේවා.(දිල්)
අපිට කරන්න තියෙන දේ අගමනුකුලව හැමදෙආමව රැකදෙන්න කියල විතරයි.. (අ)
මේ ඉල්ලීම ලංකාදිපයටයි මැලේසියාවේ නැති උන ගුවන්යානය ගැන අලුත් විස්තර හැමදාම දාන්න අපිට මිස් ඉන්දියාගෙන් වැඩක් නැහැ (දී)
බුද්ධ ධරමයේ බලයෙන් හැමෝටම යහපතක් වේවා (අ)
ජාතිය ආගම කුමක් වුවත් සාමකාමී මිනිස් ජිවිත , තම ඉල්ලිම් වෙනුවෙන් බිලි ගැනීමට සුදානම් වන ඕනෑම ත්‍රස්තවාදියෙකු විනාශ කර දැමිය යුතුයි.(නදී)
නැතිවු ගුවන් යානය පිලිබදව ඉක්මන් පිලිතුරක් ලගදීම ලැබෙයි (දිල්)
මේ වෙලාවේ අපි ලෝකයා එකට එකතුවෙලා ප්‍රාර්ථනා කරන්න ඕනේ කිසිම කෙනෙක්ට කරදරයක් වෙන්න එපා කියලා (දී)
ඇත්තටම මේ විපතෙන් කිසිම කෙනෙක්ට හානියක් වෙන්න එපා. හැමෝම හොදින් ඉන්න ඕනේ (දී)