ඉතාලියේ ටස්කන් මුහුදු සීමාවේදී මීට සති දෙකකට පෙර ගිලී ගිය කොස්ටා කොන්කෝවියා නෞකාවේ සිටි පිරිස් සෙවීමේ මෙහෙයුම් අවසන් කර ඇතැයි සමුද්‍ර බලධාරීහු පවසති. අතුරුදන්වූ හෝ මියගිය පිරිසගේ මළ සිරුරු සෙවීමට යොදා සිටි කිමිදුම්කරුවන්ට එම මෙහෙයුම් කටයුතු ඉදිරියට ගෙන යාමේ අපහසුතා මතුවී ඇතැයි ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කරන ඉතාලියේ සිවිල් ආරක්ෂක සමුද්‍ර අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. මෙම නැව දිගින් මීටර් 290 ක් වේ. මෙම යෝධ නැව තව තවත් වරින්වර ගිලෙමින් පවතින හෙයින්, සෙවීම් කටයුතු අපහසුවී ඇතැයි එම නිවේදනයේ තව දුරටත් සඳහන් වී තිබේ. එහෙත් තවත් 15 දෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනීමට මෙතෙක් හැකිවී නැත. කොස්ටා කොන්කෝඩියා නැව ගිලෙන අවස්ථාවේදී එහි කාර්ය මණ්ඩලය ඇතුළු මගීන් 4200 සිටි බව හෙළිවිය. මෙම නෞකාව අනතුරට පත්වීමට හේතුව නැව් සමාගම පවසන පරිදි නැවේ කපිතාන් බව අනාවරණය විය. නමුත් කපිතාන්වරයා එය ප්‍රතික්ෂේප කරයි. කුඩා දිවයිනක්වූ ගිග්ලියෝ දූපත ආසන්නයේ මීටර් 150 ක් තුළ නැව හැරවීමට තැත් කිරීමේදී එය පර්වතයක ඇනී නැව් පතුල සිදුරුවීම නිසා අනතුරුට ලක්විය.
1
කසාවතින් ආවරණය කරගත් මත්ද්‍රව්‍ය චාරිකාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd