ගැම්බියාවේ ජනාධිපතිවරණයෙන් පරාජය වූ හිටපු ජනපති යහියා ජමෙහ් මහතා එරටින් පිටවී ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
වසර 22ක් එරට පාලනය කළ ජමෙහ් මහතා පසුගියදා පැවැති ජනපතිවරණයෙන් ප්‍රතිවාදී අපේක්ෂක අදමා බැරෝ මහතාට පරාජය වූ අතර හිටපු ජනපතිවරයා සිය පරාජය පිළිගැනීමට අදිමදි කළේය.
ගැම්බියාවේ මාස තුනක් හදිසි නීතිය පනවා සිය බලය රැකගැනීමට ජමෙහ් මහතා උත්සාහ කළද අසල්වැසි සෙනගාලය ප්‍රමඛ රටවල් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීමේ අවශ්‍යතාවය මත හමුදා යොදවා ගැම්බියාවේ ආරක්ෂාව තහවුරු කළේය. හිටපු ජනපතිවරයා සිය පවුලේ හිතවතුන් සමග ගිනියා රාජ්‍යයට පිටත්ව යාමට පසුව කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ අයගෙන්ද උපදෙස් ගත්තේ? (නි)
ඉමේෂ්, අපේ රටේ මොන ජනාධිපතිවරයාද පැරදුනාට පස්සේ හමුදා කුමන්ත්‍රණ වලින් බලය අල්ලගන්න ගියේ? (නි)
විදේශීය කුමන්ත්රණයක ප්‍රතිඵලයක් වෙන්න ඇති (නි)
අපේ රටේ හිටපු ජනපති නම් රට හැරගියේ නැහැ. තවමත් රට වෙනුවෙන් සටන් කරනවා. නැවත බලයට ඒමට වාසනාවත් තියෙනවා (නි)