ගැහැණුන් ඩෙනිම් කලිසම් ඇඳීම හේතුවෙන් භූමිකම්පා වැනි අපල උපද්‍රව ඇති වන බව පකිස්තානයේ ජමියත් උලේමා ඉස්ලාම් ෆාසි පක්ෂයේ නායක මවුලානා ෆස්ලූර් රහ්මන් මහතා පවසයි.
එසේම ඩෙනිම් කලිසම් පැළඳගෙන පකිස්තානයේ සැරිසරන කාන්තාවන් ආරක්ෂක අංශ විසින් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසද ඒ මහතා එරට පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් කියා ඇති බව විදේශ වාර්තා කියයි.
ගැහැණු පිටිගෝනියක් වගේ ඇඳුම් පැළඳීය යුතු බවද එසේ ඇඳුම් නොඅදින ගැහැණු යුද ආයුධයකට උපමා කර ඇති ඒ මහතා පකිස්තානයේ පිපිරෙන බෝම්ම වලටද ගැහැණුන්ගේ ඩෙනිම් උපමා කර ඇති බව සඳහන් වෙනවා.
තවද ඩෙනිම් කලිසම් අඳින ගැහැණු එළියට බසින්නේ නැතුව ඇතුළට වෙලා ඉන්නවා නම් තලේබාන්වරුන් පකිස්තානයට ප්‍රහාර එල්ල නොකර සිටිනු ඇති බවද ඒ මාධ්‍ය හමුවේදී මවුලානා ෆස්ලූර් රහමන් මහතා පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සු කාන්තාවන් යටපත් කරගෙන ඉන්න හදන්නේ. ලෝකේ වෙනස් වෙන විදිහට එයාලගේ කාන්තාවෝ වෙනස් උනොත් මෙයාලගේ ආගම කෙසේ වෙතත් ගැහැණු අයව වහල් කමේ යොදාගන්න බැරිවෙනවා (නදී)
හිටපු ජනාධිපකි සාත්තර විශ්වාස කළා වගේ තමයි (නි)
දැන් එතකොට පාකිස්තානේ පිරිමි මොනවද අඳින්නේ? ඩෙනිම කොච්චර පහසුද? (නි)
පිවිතුරු යහපාල නම් ඩෙනිම් ඇන්දොත් ඉවරයි. ඊයේ මෙතන සභාවේ කට වරද්දාගත් හැටියට පාඨක බවලතුන් එයාගේ ඩෙනිම ඔලුවෙන් ගළවන්න ලැහැස්ති වෙලා ඉන්නේ. (නි)
අද කාලෙ ගොඩක් ගැහැණු අයට(ගැහැණු ළමයින්ට) අදින්න කලිසම් නැතුව වෙන එකක් තියෙනවද? (නදී)
හිනා යන කතා කියන තරඟයක් එහෙ තිබුනද ලඟදි (බ)
මේ වගේ බූරුවෝ මේ ලෝකේ ඉන්නකල් භූමිකම්පා ඇති වෙනවා (බ)
ලංකාවේ ගැහැණුන් අඳින ඇඳුම් වල හැටියට නම් අමුඩයත් හොඳ වැඩියි (නි)
ඒ කතාවේ ඇත්තක් තියෙනවා හොඳින් හිතලා බැලුවහම. (නි)
එතකොට මීරියබැද්දේ බවලතුන් ඔක්කොම ඩෙනිම් ඇඳගෙනද හිටියේ අර නාය යාම සිදු වෙන්න කලින් ? (බ)
මට හොඳටම හිනා. මගේ හිනාවටත් බූමි කම්පා ඒවිද දන්නේ නැහැ.(නදී)
ඩෙනිම් කාන්තාවට ඉතා පහසු ඇඳුමක් වෙන නිසානේ අපේ බවලතුන් හත් අවුරුද්දක් හෝදපු නැති ඩෙනිම් අඳින්නේ. (ම)
කින් බෙනට්, මේ කියන අයටත් තියෙනවා ඇත්තේ ඒ අසනීපය තමයි. ඒකෙන් බේරෙන්න කතාව පාකිස්තානය පිට දාන්න හදනවා ඇති. (නි)
ඩෙනිම ජනප්‍රිය වීමේ අනෙක් හේතුව තමයි කාර්යබහුල කාන්තාවන්ට එය හත් අවරුද්දකින් නොසෝදා වුනත් භාවිතයට ගන්න හැකි වීම. (නදී)
මේ ගල් යුගයේ ආගම් හා මතවාද ලෝකයේ තහනම් කල යුතුය. ලෝකය ආපස්සට ඇදගෙන යන නිදහස් චින්තනයක් නැති උම්මත්තකයන් පිරිසක්. (නදී)
ලලිත්,ගෙදර උන්දැට අපහාස නොකරන්න.එයා බැඳපු අලුත හීනියට ඉන්න ඇති. (බ)
කාන්තාවනි ඩෙනිම මට දෙනු. මම ඇඳගෙන යමි. (බ)
පොලිසියට ගල් ගහනව කිව කතාවට දෙවෙනි නැහැ මේ කතාව , මේ ඔක්කොම ලිං මැඩියෝ , මගේ ඉන්නවා මිතුරෙක් පාකිස්තාන් . දවසක් ලොතරැයියක් දාන්න හදනකොට මම නිකමට ඇහුව ඔබලාගේ ආගමට අනුව ලොතරැයි දාන එක තහනම් නේද කියල ? මිනිහ මට හොඳ උත්තරයක් දුන්න , ඒ කාලේ ලොතරැයි තිබුනේ නැහැනේ එක නිසා අවුලක් නැහැ කීව , මෙන්න මේ වගේ කාලින විදියට හිතන පතන මිනිස්සුත් ඒ ආගමේ ඉන්නවා . (ස)
අන්දරේගේ අනුගාමිකයෝ තව ඉන්නවා එහෙනම්... (ර)
අසන දේ සිතා බලා ගැළපෙයි සිතෙනවා නම් එකඟවීමත්, කාන්තාවන්ට සමානත්වයත් දෙන්නේ නැතිව කරන දේ? (නි)
කාන්තාවන් ඩෙනිම ඇන්දහම ගොඩක් මිනිසුන්ගේ සිත් වලනම් භූමිකම්පා ඇතිවෙන්න තියන ඉඩකඩ වැඩි ඇති (නි)
ඇල්බට් අයින්ස්ටයින් කියා තියනවා විශ්වයට සීමාවක් තිබෙන්න පුළුවන්, එහෙත් මුග්ධයාගේ අනුවණකමට සීමාවක් නැහැ කියලා. (නි)
මොළේ ඇත්තෙම නැහැ කියලයි මට නම් හිතෙන්නේ (නි)
ආගමක රටක නායකයෙක් උනාම මෙයිට වඩා බුද්ධිමත් වෙන්න ඕනේ. ආදර්ශමත් වෙන්න ඕනේ, අලුත් දේ සමග මිනිස් හදවත් වලට එබිකම් කරන පුරුද්දක් නැතිව රටක් දෙස බලන්න ලෝකය ඉදිරියේ දෙපයින් හිටගන්න බැහැ (ම)
සීලාචාර ඇදුම හොද දෙයක්. (ර)
මේ වගේ මිනිස්සු සහ මෙයාලගේ අනුගාමිකයෝ තමා මේ ලෝකේ ඉන්න මෝඩ ඔටුවෝ!! (බ)
එක. මුස්ලිම් නායකයෙක් කිව්වා. ලෝකබෝලේ කැරකෙන්නේ නැහැ කියලා. මේ එයාගේ. අයියා ඇමරිකාවට ආවානම් බලාගන්න පුළුවන් මේ අය බිකිනියෙන් දමන සෙල්ලම මේහේ ඉන්න මුස්ලිම් මිනිස්සු මෝඩ නැහැ බාගයක්ම කට්ටිය තමන්ගේ නිදහස උපරිමයෙන් බුක්ති විදිනවා. කාටවත් හිරිහැරයක් නැහැ (බ)
ගෝත්‍රික මිනිස්සු අතර ඔහොම කතා තියෙනවා කියලා පොත්වල කියවලා තියෙනවා. අපේ අය අතරත් ඔහොම ඒවා තිබෙනවා. ඒකනේ සාත්තරකාරයෙක් රට වෙනස්කළේ. (නි)
මට කටට එන දේවල් මේකේ ලියන්න බැහැ (නි)
මේ මිනිස්සු තාම ඉන්නේ ගල් යුගයේද? කොච්චර කිව්වත් අහන්නෙත් නැහැ,මෝඩ ගති යවාගන්නෙත් නැහැ. (නි)
මට මතක් වෙනවා එක මුස්ලිම් දේශකයෙක් කියලා තිබුනා ඒගොල්ලන්ගේ ආගම නව විද්‍යාවටත් අභියෝග කරනවා කියලා. (නි)
මේ මිනිසුන්ගේ මොළය තියෙන්නේ කොහෙද කියලා බලන්න ඕනෑ (නි)
මේ වගේ මෝඩ කතා කියන්නේ මෝඩකම හින්දාම නෙමෙයි. ලංකාවේ සංස්කෘතියට අනුකූල ලෙස හැඩගැසී ඉන්න ඔය ජාතියේ අය ළඟ නම් ඔය ලකුණු දකින්න ලැබෙන්නේ බොහෝම අඩුවෙන්. (නි)
අනේ ඇත්තට මෙහෙමත් කතා? (නි)
මේ කතාව සම්පූර්ණ ඇත්ත. ලෝකය ඹසවන්න ඉන්න කැස්බෑවා මෙම කාන්තාවන් දැක කලබල වෙනවා. එතකොට පොලව සෙලවෙනවා. බටහිර රටවල හැමෝම බිකිනි අඳින නිසා කැස්බෑවට ගානක් නෑ. ඉතින් පොලව හෙල්ෙලන්නෙත් නෑ. (ර)
ඇත්ත කතාව. (ර)
මචෝ උබට පිස්සු නැත්නම් නියමයි (බ)
අපේ චීත්තේ ,හැට්ටය ,ගවුම ,අපේ ඔසරිය තව ටික දිනකින් කෞතුකාගාර ගතවනවෙන දිනය වැඩි ඈතක නොවේ. ස්වාමී භක්තිය නැතිවෙලා ,උතුම් කාන්තා රත්නයකට හිමි ගෞරවයත් නැති කරගෙන (නි)
කෝ අනේ අපේ ලංකාවේ කට්ටිය? කොහේ ගිහින්ද? ඕක ලංකාවේ කිවුවා නම් ගුටිත් කන්න වෙනවා අපේ කාන්තාවන්ගෙන් (නි)
දැන් එතකොට අපි අමුඩ කෙටියක් ගහගෙන කුඹුරට බැස්සොත් ගිනි කඳු පුපුරනවා කියාවිද දන්නේ නැහැ (නි)
අනේ අපේ ඩෙනිම් ඇන්දට පස්සෙද පාකිස්තානෙ හෙල්ලෙන්නේ....? කොහොමද අපේ වැඩ? (නි)
වැඩිය ඕනෑ නැහැ . අපේ ඔසරියට වෙලා තියන දෙය හොඳටම ඇති. දැන් ඒකේ හැට්ටය කියලා දෙයක් නැහැ. අඳින විදියට කොයිවෙලේ කඩා වැටේවිද දන්නේ නැහැ. සමහර විවාහ උත්සව වල මනමාලිගේ ඔසරිය පහළින් මැක්සියක් කරලා. මම ප්‍රසිද්ධ ක්‍රීඩකයෙකුගේ විවාහයේදී මනමාලිගේ ඔසරියට කරලා තිබුන විකාරය ගැන කියන්නේ. ඒ නිසා ඩෙනිම හොඳයි. අඩු ගානේ කඩා වැටෙන්නේ නැතුව තියෙයිනේ. (නි)
ඩෙනිම ඇන්ඳහම භුමි කම්පා ඇති වෙන්නේ කොහොමද? ඒක ගළවලාවත් ගියා නම් ඔන්න එහෙම දෙයක් හිතන්නවත් තිබුණා (නි)
ගෑනු ඩෙනිම් ඇන්දම පිරිමින්ගේ කලිසම් සරම් වලට නම් භූමි කම්පා ඇති වෙන්න තියෙන ඉඩ වැඩියි ..(හේ)
මේක ශීත රටවල කම්කරු ඇඳුම නිසා කම්කරු රැකියා කරන කාන්තාවන් ඇඳිය යුතුයි (නි)
අපේ උන්දෑ නම් ඩෙනිම් තියා මොකක් ඇන්ඳත් පිටි ගෝනිය වහේ තමයි. (නි)
මොවුන්ට නම් තියෙන්නේ මාර මොළයක් තමයි.වසරේ අලුත්ම සොයාගැනීම. (නි)
දැන් ඉන්දීය ආණ්ඩුවට තියෙන්නේ ගැහැණුන්ට ඩෙනිම් අන්දලා පාකිස්තානු දේශ සීමාවට අරින්න. රණ්ඩු කරකර ඉන්න ඕනෑ නැහැ. එක සැරෙන් පාකිස්තානය ඉවරයි (නි)