පාකිස්ථානයේ ලාහෝර් නුවර සිකුරාදා පැවති පාකිස්තානය හා සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවැනි එක්දින තරඟය අතරතුර ගඩාෆි ක්‍රීඩාංගණය අසල මරාගෙන මැරෙන ත්රස්තවාදීන් බෝම්බයක් පුපුරවා ඇතැයි විදෙස් පුවත් සේවා කියයි.
ගඩාෆි ක්‍රීඩාංගණය අසල සිදුවූ බෝම්බ පිපිරීමෙන් එක් පොලිස් නිලධරයකු හා තවත් අයකු මිය ගිය බව විදෙස් තොරතුරු පවසයි.
2009 වසරේ පෙබරවාරි මස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ සංචාරයක නිරතව සිටියදී ත්රස්තවාදීන්ගේ වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන් පසු කිසිදු ජාත්‍යන්තර තරගයක් පාකිස්තානයේදී නොපැවැත්වුණි. නමුත් සිම්බාබ්වේ කණ්ඩායම දෙරට අතර සාකච්ඡාවකින් පසු ආරක්ෂාව තහවුරු කර ගැනීමෙන් පසු වසර හයකට පසු එහි සංචාරයක නිරතවිය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එම තරඟාවලියට ජාත්‍යන්තර විනිසුරුවරුන් ඉදිරිපත් කිරීම පවා ප්‍රතික්ෂේප කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ ක්‍රියාවලින් සිදුවන්නේ පාකිස්තානය ඇතුලේ කවදාවත්ම ක්‍රිකට් සෙල්ලම් කරන්න බැරි වෙන එකයි. ක්‍රීඩාවටත් දේශපාලනය එයිද ? (බ)
ත්රස්තවාදීන්ගේ උපන් බිම පාකිස්තානයයි. පාතන් ලෙස හඳුන්වන මොවුන්ගේ මොළයක් ඇත්තේම නැත පිරිසුදුකම ගැන ආසාවත් නැත. ලොවටම පිළිලයකි (බ)
නුවන්, දන්නේ නැති දේවල් ගැන කතාකරන්න එපා. ඕනෑම රටක හොඳ සහ නරක පුද්ගලයන් කොට්ඨාශ දෙකම ඉන්නවා. ලංකාවටත් මේක පොදුයි. මම දන්නා විදියට නම් ලංකාවට ගොඩක් ආදරය කරන රටක් තමය පාකිස්තානය... (නි)