දිනෙන් දින ඉදිරියට යන ඉරාන අභ්‍යවකාශ වැඩසටහන යටතේ ඉරාන ගගනගාමියකු ලෙස පෘථිවි කක්ෂයට යෑමට තමන් කැමැත්තෙන් සිටින බව ඉරාන ජනපති මොහොමඞ් අහමදිනෙජාද් පවසයි.
ඉරානය ඔවුන්ගේ අභ්‍යවකාශ වැඩසටහනේ ප්‍රගතිය පෙන්නුම් කළේ වඳුරකු සහිත රොකට්ටුවක් ඉකුත් 28 වැනිදා සාර්ථකව පෘථිවි කක්ෂයට යවා එය යළි ගෙන්වා ගැනීමත් සමඟය.
අනාගතයේ දිනෙක ගගනගාමියකු අභ්‍යවකාශයට යැවීමටද ඉරානය බලාපොරොත්තු වෙයි. ලබන ජූනි මාසයේ දී දෙවැනි ධුර කාලයට සමු දී ජනපති ධුරයෙන් ද සමුගැනීමට සූදානම් වන ජනපති අහමදිනෙජාද් පවසන්නේ ඉරානය නියෝජනය කරමින් උඩුගුවනට යන පළමු ගගනගාමියා තමා වීමට තමා කැමැති බවය.
|

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විෂිශ්ඨයි අහමදි,ඒත් පිටසකවලට වඩා ඔබ මේ පෘථිවිය විනාශකාරින්ගෙන් බේරා ගැනීමට දරන උත්සාහය ඊට වඩා වැදගත්. චීනයත් රුසියාවත නැතිනම් ඔබේ රටත් අද ඉරාකයක්. (ස)
එහෙනම් ලංකාවෙන් ගියපු ගගන ගාමියත් උඩදිම හමුවේවි (ස)
උඩුගුවනේ පළමු ත්රස්තවාදියා වෙයි.(නදී)
කොහොමත් හැම අතින්ම ඒ රටවල් දියුණුයි. ලංකාවට නොසෑහෙන්න උපකාර කරපු රටක් තමයි ඉරානය කියන්නේ. නමුත් ලාංකීය සමහරුන්ට ඒ කෙළෙහිගුණය නැහැ. ඒ ඇත්තන්ගේ දියුණුවට අපේ සුභ පැතුම්! (නි)
අපේ රටේ අය දන්නේ මිනී මරන්න විතරයි(නදී)
ඔයා යන ගමන් අපේ කෙනෙක්වත් එක්කගෙන යන්නකෝ. (නි)
වදුරා කොයි එක්කෙනාද?(නදී)
ගුවන්ගත වෙන්න ගිහින් දිවංගත වෙයිද දන්නෙ නැ (ස)
තවත් පිම්මක් (දී)
උඩට ගියාම අර කවදාවත් දැකල නැති ලෝකෙ මැව්වයි කියන කෙනා හමුවේවිද? .(ස)
කෑ ගහන්න එපා. අපේ කට්ටියත් කලබල වේවි (ස)
සෑම්, ඔයාගේ මෝඩ අඥානකම ප්‍රදර්ශනය කරන්න එපා. හැම දේටම බෙහෙත් තිබුණත් මෝඩ අඥානකමට බෙහෙත් නොමැත. (නි)
ෂරියා ත්රස්තවාදීන්ට ඇමරිකාවෙන් බේරුමක් නැත... (ස)
මුතු , ඔය ඉරානෙන් ලංකාවට කරපු උදව්වකට වඩා කරපු හානිය වැඩියි... මතක නැද්ද? පහුගිය දවස්වල ලංකාවට ගෙනා මත්කුඩු මත්පෙති තොග?????? (ස)