පාකිස්තානයේ බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නගන යොවුන් මානව කි‍්‍රයාකාරිනියක ලෙස ප්‍රසිද්ධියට පත් පාකිස්තාන දැරිය මලාලා යූසොෆ්සායී ඊයේ (17) ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසින් වාර්ෂිකව පිරිනමන, ‘හෘද සාක්ෂියට කන් දෙන මානව කි‍්‍රයාකාරියා’ යන ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවාය.
මේ වසරේ එම සම්මානය මලාලාට පමණක් නොව, ඇමෙරිකන් ගායක මෙන්ම මානව කි‍්‍රයාකාරියකු ද වන හැරී බෙලාෆොන්ට් අතරේ ද සමව බෙදී ගියේය.
බි්රතාන්යයේ ලන්ඩන් නුවර කේන්ද්‍ර කොට ගනිමින්, පිහිටුවා ඇති ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය එම සම්මාන ප්‍රදාන උළෙල පැවැත්වූයේ අයර්ලන්තයේ ඩුඞ්ලින් නුවරදීය.
පාකිස්තාන දැරිය මලාලා මේ වනවිට ජාත්‍යන්තර සම්මාන කිහිපයකින් පිදුම් ලබා සිටින්නීය. ඉකුත් ජූලි 12 වැනිදා ඇය ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට පැමිණ බාලිකාවනට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය සම්බන්ධයෙන් විශේෂ දේශනයක් ද පැවැත්වූවාය.
බාලිකා අයිතීන් වෙනුවෙන් හඬ නැගීමේ වරදට තලේබාන් සටන්කාමීන් අතින් වෙඩි ප්‍රහාරයකට ලක්වී, බි්රතාන්යයේදී ප්‍රතිකාර ලබා සුවය ලැබූ, මලාලා වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ජූලි 12 වැනිදා ‘මලාලා දිනය’ ලෙස නම් කර ඇත. මලාලාගේ උපන්දිනට යෙදී ඇත්තේ ද එදිනටය. ඉකුත් ජූලි 12 වැනිදා මලාලා සැමරුවේ ඇගේ 16 වැනි උපන් දිනයයි.
මලාලා ජීවත් වූයේ පාකිස්තානයේ ස්වාත් මිටියාවතේය. බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් අන්තර් ජාලය ඔස්සේ හඬ නැගීමේ වරදට ඇය තලේබාන් සටන්කාමියකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්වූවාය. හිසට වෙඩි වැදී තුවාල ලැබූ මලාලා බි්රතාන්ය රජයේ අනුග්‍රහයෙන් බි්රතාන්යයට ගෙනෙණු ලැබුණි. ඇයට වැඩි දුර ප්‍රතිකාර ලැබුණේ බි්රතාන්යයේදීය.
දැන් ඇයත් ඇගේ පවුලේ අයත් ජීවත් වන්නේ ද බි්රතාන්යයේය. ඒ බි්රතාන්ය රජයේ ආරක්ෂාව මැදය. ඇය යළි පාකිස්තානයට පැමිණියහොත් මරා දමන බවට තලේබාන් සංවිධානය අනතුරු අඟවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාමා කසෙල් ඔයා.ඔයා කියන නිතිය නම් තියෙනවා.ඔයා දන්නවද ? මැදපෙරදිග කුඩුකාරයෝ සල්ලාලයෝ අධිකබව. (ස)
රහීම් ,අනුන්ගේ නම් වලින් අදහස් දාන්න එපා. ලජ්ජා නැද්ද ?විශ්වාසබංග වීමක්ද?ඔය කියන එකක් වත් ඉස්ලාමයේ නැහැ. නිකන් මනස්ගාත කියවන්න එපා (නි)
ආර්ෂා, ඔබ තලෙයිබාන් ඝාතකයින්ගේ වෙඩි උණ්ඩය ගැන ආඩමිරෙයන් කියවන්නේ. මලාලාගේ වීර ගතිය විද ගන්න බැරි අමාරුව නිසා. දැන් ඔයාලා ඔය අදහන්නේ බලය පතුරුවා ගන්න අකීකරුවන අයට දෙන වදය මිස, අන් කවරක්ද? නුබලාට මේවා වැරැදි ඉගැන්වීමි, කථා කරන්න නිදහසක් නැත. හොදක් වුනොත් දෙවියන්ට පිං . ආලාබයක් වුනොත් දෙවියන්ගේ කැමැත්ත. ඔබලාට තේරෙනවාද මන්දා මුස්ලිමි මිනිස්සු ගැන අන් අය හිතන්නේ කොහොමද කියලා. ඒ නිසාම ලෝක සාමයට බාදාවක්. (නදී)
තලේබාන්ට පිස්සු. තලිබාන් කියන්නේ සත්තු වගේ මිනිස්සු. (නදී)
බලාගෙන ගියාම මලාල බෙහෙවින් තලේබාන් වරුන්ට ස්තුති කල යුතුය, මන්ද ඔවුන් නිසා තමයි අද ඇය මෙතරම් ලෝක ප්‍රසිද්දියට පත් වී ඇත්තේ, මෙම සිදුවීම නොවුන යැයි සිතමු. අදටත් ඇය ඇෆ්නනිස්ථානයේ නිකන්ම නිකන් මලාලා පමණි.(නදී)
අර්ෂා - ඔයා හරි. කවුරුත් හිතන, කවුරුත් කියන කවුරුත් ලියන දේවල් ඉස්ලාම් නොවේ. ඉස්ලාම් කියන්නේ අල්-කුරානය (මාර්ගෝපදේශනය) සහ මොහම්මඩ් නබි තුමන්ගේ ජීවිත දර්ශනය පමණයි. (අ)
දෙවියන් ගැන කියෙවන ආගමි තම පර පුර රැක ගැනීමට මිනිසාගේ නිදහස වනසා බලහත් කාරෙයන් දැඩි නීති රීතී පනවා ඇත්තේ අදෘශ්‍යමාන දෙවියන් කණට රහෙස් කියන ලද වැදගත් දෙයක් ලෙසය. එනිසා අපි කියන දේ අහපල්ලා. නුඹලා උගත් බුද්ධිමත් උනොත් හෙළුව පේනවා. කාන්තාව දාසියක් වගේ . පිරිමියාගේ වහල් බාවයට පත් කර ගන්න හැකි වන්නේ නූගත් උනොත් පමණයි. එය මලාලා වීර දැරියක් උනේ දෙවියන්ගේ නීතියේ උන්ඩය නිසයි.(නදී)
මිනිසා නමැති සංකීර්ණ මැෂිම පිළිබද ඔහුව මැවූ අල්ලාහ් හොදින් දනී. එය හරියාකාරව හසුරුවා ගැනීමත් පවත්වා ගැනීමත් සදහා අල්-කුරාන් නමැති ශුද්ධ ග්රන්ථයට අනුවම ජීවත් විය යුතුය. (නි)
රසික - ඕමාන් , නිකන් ගල් පැලෙන බොරු කියන්න එපා මනුස්සයෝ මමත් ඕමාන් තමයි ඔහේ කොහෙද ඉන්නේ කියනවා...............(දී)
රත්න ඔහෙනම් මැඩියෙක් නෙමේ ඊටත් අන්තයි ඇමිබාවෙක් ද කොහෙද කුහක කමින් මිදිලා ඇස් ගෙඩි දෙක ඇරලා ලෝකේ දිහා බලනවා...........(දී)
සමහරුන්ට නම් කවුරු හරි කමක් නැහැ මුස්ලිම් ආගමට විරුද්ධව කට අරිනවා නම්. එහෙනම් ඇමරිකාව ෆුල් සපෝර්ට්! මේකත් එහෙම තමා (නි)
කාන්තාවන් ඉගෙන ගැනීම රටකට සම්පතක් . (නි)
මාමා කෙසෙල්, ඔව් ජීවමාන කැකිල්ලේ තීන්දු බලාගන්න නේද? ගැහැණු දරුවො දූෂණය කලාම ඔය උසාවි තීන්දු දෙන්නෙ පිරිමියාගේ හැගීම් ඇවිස්සුවා ඒ නිසා ගල් ගහලා මරන්න හරි බෙල්ල කපලා මරන්න හරි මුලු ජීවිතේම අර මිනිහට දාසකම් කර කර ඉන්න කියලා හරි.. අන්තර්ජාලෙ ඔය වගේ ගොං තීන්දු ගැන ඕන තරම් තියනවා. මොලේ තියන මිනිහෙක් නම් ඔයා වගේ කියන්නෑ... (ස)
මම නම් කියන්නේ පුද්ගලයා දිහා බලලා හොඳද නරකද කියල මනින්න බැහැ. අපි බලන්න ඕන නීතිය දිහා ඒකයි නුවනට හොඳ ?(නදී)
අනේ වාසනාව! (නි)
දිරිය දියණියක්. (ස)
මනුෂ්‍ය ලෝකයට වැළඳුනු දරුණුතම පිළිකාව ජාතිවාදය සහ ආගම්වාදයයි.(නදී)
බටහිර විජ්ජාවල්. ළමුන් කී දෙනෙක්ව මැරුවද ?දැන් එක්කෙනෙක්ව තියාගන මැජික් පෙන්නන්නවා තලයිබාන් කාරයෝ ඇතිකරලා දැන් ඒක වහන්න තව එකක් පටන් අරන්.(නදී)
මලාලා දැන් දැන් අන්තර් ජාතික දේශපාලන ඉත්තෙක් වෙලා ද ? (ස)
ඇෆ්ගනිස්ථාන් මිලේච්චභාවය ගැන කිසිම විවාදයක් නැහැ ,..නමුත් බටහිරයෝ එම අවස්ථාවට ( මලාලා සිද්ධිය ) දෙන්නේ පුදුම හිතෙන ප්‍රචාරයක්,..ඔවුන්ට ලංකාවේ සිදුවුණා කොටි එල්ටීටීඊ ඝාතන දුහුවිල්ලක් තරම්වත් ගණනක් නැහැ ... උන් ඔක්කොම අවතාවදීයෝ (ස)
ඔව් ඔව් මේ වගේ අපේ මුස්ලිම් සහෝදර සහෝදරියන්ට නිවැරදිව ලෝකය දකින්න, අන්ද විශ්වාස වලින් ඈත් වෙන්න ලගදීම කාලය උදාවේවි කියල මමත් ප්‍රාර්තනා කරනවා. එදාට මුළු ලෝකයේම සාමයේ මල් පිපේවී.(නදී)
මුස්ලිම් ආගම ගැන හරියට නිර්වචනයක් දෙන්න පුළුවන් කාටද..? මම පිරිතුරක් බලාපොරොත්තු වෙනවා .. (ස)
කාන්තාවන් ඉගෙන ගත්තොත් පිරිමින්ට උවමනා විදියට නටවන්න බැහැ.දෙන දෙයක් කාල බීලා, දෙන දෙයක් ඇඳලා පිරිමියා සන්තර්පණයට පමණක් සූදානම් වී සිටිය යුතු කියනවා වගේ අදහස් ඇති මිනිසුන්ගේ ගති තමා මේ වගේ ක්‍රියාවලින් පෙන්නුම් කරන්නේ. කොහොම උනත්, තවමත් බටහිර ජාතින් ඒ අංශයෙන් අවංකව ක්‍රියා කරලා මලාලාට සාධාරණත්වය ඉෂ්ඨ කර ඒ ළමයාව ජාත්‍යන්තර වීරවරියක් කළා. (ස)
කුරානයේ කොහෙවත් කියල නැහැ පව් වැඩ කරන්න කියාලා. අල්ලාහ්ගේ මැවීම් පිළිබඳව හොඳින් අධ්‍යනය කරන්න කියා කුරානය හරහා අල්ලාහ් පවසනවා. ෂරියා නීතිය අනුව මලාලාට වෙඩි තියපු පුද්ගලායට දඬුවම් ලැබිය යුතුයි. (අ)
වරදට සරිලන උපරීම දඩුවම දිය යුතුමය නැත්තම් ලෝකය අපරාධ කරුවන්ගේ රජදහනක් වනු ඇත. රත්න ලිදේ ඉන්න මැඩිය වගේ කැ ගහන්නේ නැතිව මැදපෙරදිග ඇවිත් බලන්න නීතිය හා සාමය.(නදී)
ඉස්ලාමයේ නීතිමලාවන් ඔබලාට පහසු විදිහට වටහාදෙන්න ඕක සුරඟන කතා පොතක් නොවේ. ඉතා පුළුල්ව විග්රහ කලයුතු දෙයක්. අද සමහර මාධයෙන් පෙන්නන දේ නොවේ ඉස්ලාම් කියන්නේ ?සත්‍ය ජයගනී.(නදී)
ඩබ්. සුමේධ ප්‍රනාන්දු , ඒ නීති මාලාව හරි හෝ වැරදි වේවා එහි අනුගාමිකයන් අන්ධයන් සේ පිළිපැදිය යුතුයි. හරියටම හරි. ඒකයි ඉස්ලාම් ලෝකයේ පිලිකාව වෙලා තියෙන්නෙ. ආගම වෙනුවෙන් මිනිමැරීම සාධාරණීකරණය කරනවා. (ස)
මුස්ලිම් ආගමික ඉගැන්වීම් කිසියම් හෝ පෘතග්ජන පුද්ගලයකු විසින් ලිඛිත නීති මාලාවක් විදිහටයි මා දකින්නේ. ඒ නීති මාලාව හරි හෝ වැරදි වේවා එහි අනුගාමිකයන් අන්ධයන් සේ පිළිපැදිය යුතුයි . ඒ අන්තවාදී ඉගැන්වීම් වලට විරුද්ධව හඞ නැගු මලලාටත් අද ජීවිතේ තර්ජන පවා එල්ල වෙලා තිබෙන්නේ ඔවුන්ගේ ඒ පටු ආගමික ඉගැන්වීම් ඉක්මවා සත්‍ය දැකීම නිසයි. කෙසේ වෙතත් ඔබගේ ඒ එඩිතර හැගීම් අපි අගේ කොට සලකනවා. (ස)