හෘදයාබාද හා ආඝාතයට ලක්වීමේ අවධානම මැනීමට සුදුසුම ක්‍රමය ධමනිවල ඇති කැල්සියම් ප්‍රමාණය මැන බැලීම බව පර්යේෂකයෝ කියති. මෙතෙක් ඒ සදහා යොදා ගත්තේ රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් ප්‍රමාණය මැන බැලීමයි.
ධමනිවල කැල්සියම් ස්වල්පයක් ඇති හෝ කිසිසේත් ම කැල්සියම් නොමැති පුද්ගලයන් හෘදයාබාධයට හෝ ආඝාතයට ලක්වීමේ අවධානමක් නොමැති බව සී.ටී. ස්කෑන් පරීක්ෂණවලින් ද අනාවරණය වී ඇත. එසේ වුව ද වෛද්‍යවරු තමන් හමුවට එන රෝගීන්ගේ රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් ප්‍රමාණය මැන බලා ඔවුන්ට අවශ්‍ය නොවන ඖෂධ ලබාදෙන බව ද පර්යේෂකයෝ කියති.
මෙම ස්කැන් පරික්ෂණ මගින් පෙන්වා ඇත්තේ ධමනි වල අඩංගු කැල්සියමි ප්‍රමාණය අඩුනම් වයස, ස්ත්‍රී පුරැෂ බව කෙසේ වෙතත් හෘදයාබාධ සඳහා ඇති අවධානම ඉතාමත් අඩුවන බවයි. එවැනි අයට ජීවිත පැවැත්ම පිළිබඳ උපදෙස් ලබාදීම ප්‍රමාණවත් වේ.
එසේ වුව ද ධමනිවල කැල්සියමි ඝන වීම හෘධයාබාධයනට ලක්විමට ඇති හැකියාව ඉහළ දැමීමට හේතුවී ඇත.
මෙම අලුත්ම අධ්‍යනය ගැන ප්‍රසිද්ධ කර ඇති යුරෝපිය හෘද සඟරාවේ පෙන්වා දී ඇත්තේ ධමනි වල ඇති කැල්සියමි ප්‍රමාණය හෘදයාබාධයන් වැලදීමට ඇති ප්රවනතාවය පිලිබඳ ඉතාමත් වැදගත් සාක්ෂි ඉදිරිපත් කරණ බවයි.
පවුලේ ඉතිහාසය, වෛද්‍යමය තොරතුරු වන කොලෙස්ටරෝල් ප්‍රමාණය සහ රැධිර පිඩනය සහ ජීවන පුරුදු ගැන සොයනවාට වඩා ඔවුන්ගේ කැල්සියමි පරික්ෂාවෙන් හෘදයාබාධ වැළදීමට ඇති හැකියාව ගැන සොයා බැලිය හැකි බවයි. කැල්සියම් පරීක්ෂා කිරීමෙන් හෘද රෝග වැළදීමේ හැකියාව ගැන සුපිරි අනාවැකි කිව හැකි බව මෙම අධ්‍යයනයේ ප්‍රධානි බ්රිග්හමි සහ බොස්ටන් රෝහලේ හෘදරෝග පිලිබඳ විශේඥ වෛද්‍ය මිචෙල් සිල්වර්මන් පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැල්සියම් මගින් හදවත් ආබාද ඇතිවීම නිර්ණය කල හැකි බව ලංකාවේ අපිටනම් අලුත් දෙයක් නොවේ. පාරම්පරික සිංහල වෙදකම මගින් මුලින්ම සිදුකරන්නේ දමනිවල පවතින කැල්සියම් දේශීය බෙහෙත් මගින් ඉවත් කර පිරිසිදු කිරීම. සැත්කම් වලින් තොරව තවමත් ලංකාව තුල හදවත් රෝගීන් සුවපත් කරන දේශීය වෙදකම සුරැකිව පවතින බව ඔබ දන්නවාද? (නදී)
තුසිත, අපේ අයට පිටරට දෙයක් හොයා ගත්ත කිව්වම හරි ලොකුයි. රට ගැන වැරදි දෙයක් දැම්ම නම් බලාගන්න තිබුනා ප්‍රතිචාර. මේ සොයාගන්න බොහෝ දේ අපේ දේශීය වෙදකම් වල තියනවා. (නදී)
ලෝකේ මොනවා හරි අලුතින් දෙයක් හොයාගත්තම කියනවා. නමුත් බැලුවම අතිතයේ අපි ලග තිබිලා තියෙනවා. ඒත් අපි හොයාගත්තට ලෝකේ කිසිකෙනෙක් ඒකට ප්‍රචාරය දෙන්නෙත් නැහැ. ගනන් ගන්නෙත් නැහැ.(නදී)
තුසිත, ඔබ කියන දේ ගැන සාක්ෂි ඉදිරිපත් කල හැකිද? (නදී)
උත්තරා, ඔබට පිස්සුද.සාක්ෂි දෙන්න මේක නඩුවක්ද? (නදී)
සැක හිතන්න එපා. මන් දන්නා දෙන්නෙක් බයිපාස් කරන්න නියම වෙලා තියෙද්දී සිංහල වෙදකම් කරලා සනීප උනා. පොලොන්නරුව පැත්තේ වේද මහත්තයෙක්ගෙන් බෙහෙත් කලේ. දැන් අවුරුදු 15ක් විතර. තාම හොඳට ඉන්නවා බයිපාස් නැතිව සාමාන්‍ය ජීවිත ගත කරනවා.(නදී)
උත්තරාට ඕනෑ නම් මේ පිලිබදව සියලුම දේ දන්වා එවීමට පිළිවන. අපි රටේ පවතින සම්පත් ගැන අපේ අයට තවමත් අවබෝදයක් නෑ.මන්දයත් අපේ රටේ අතීතයේදී සිදුකල විස්මිත දේ අපිට වටිනාකමක් නැති තැනට අද සමාජය පත්වෙලා. අපි හැමෝම අද කතා කරන්නේ පිටස්තර දේවල් ගැන පමණයි.(නදී)