පැරිස් බක්මහ උළෙලේදී විවිධ කුටි අතර පුද්ගලයෙක් හමුවිය.
මල්ලිගේ නම මොකක්ද? මගේ නම තුසිත පෙරේරා. මමත් ලංකාදීපයට ලියනවා. මල්ලි මොනවද ලියන්නේ? රාගම ගුරා කීවම මා ගැන හොඳට දන්නවා. වත ගොත දැන හදුනා ගැනීමෙන් පසු ; ශාස්ත්රයක් අහන්න කීයක් ගන්නවද? මම ඇසුවෙමි. රාගම ගුරා මා දෙස බලා සිනාසුනේය. තුසිත මල්ලි මගේ අත බලලා මොනවද කියන්න පුළුවන්?. මට පැවසූ නොමිලේ අනාවැකි අවසන් වන විටත් යුරෝ10 (රුපියල් 1520) නෝට්ටු ගුලි කරගත් යෞවනියෝ බාල මහලූ බොහෝමයක් අනැවැකි දොරටුව ඉදිරිපස පෝලිම් ගැසී දකුණු අත පිස දමමින් නොඉවසිල්ලෙන් සිටියෝය. බක්මහ උළෙල අවසානයේ රාගම ගුරාගේ කල්ල මරේ බව කවුරුත් කීහ. රාගම ගුරා විසින් සිදුකරන බව කියන කුල්ලයි, ඉටිපන්දමයි, කම්බියයි භාවිතයෙන් කුල්ල ඇවිද්ද වීමේ අංගය අවසානයේ අවලංගු වුයේය. පෙරහුරුවක් ලෙස ශාස්ත්ර මේසය උඩ ගාථා කියමින් ඉටිපන්දම් දල්වා කුල්ල ඇවීද වීමට දැරූ උත්සහය නිශ්පල විය. එබැවින් කුලූ සෙල්ලම් දැකබලා ගැනීමට පැරීසියට නොලැබුණේය. පැරීසියට සුදුසු කුලූ නොවේ කනප්පුවක් බව ගුරා කීවේය.
ඔහු ලවා අත බලවා ගැනීමට සෑහෙන පිරිසක් ආහ. ඊළඟ බක්මහට කනප්පුවක් ඇවිද්දවන බවද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි දෙන්න කට්ටිය ඉන්නවා නම් මමත් හරි කැමතියි. අනාවැකි අහන්න මිනිස්සු හරි කැමතියි (නදී)
මිත්යාව දරුණුතම මුලාවකි (බ)
මෙයා බොරුකාරයෙක්.මගේ යාලුවෙක් මාත් එක්ක මෙයා ළඟට ගියා වශී ගුරුකමක් කර ගන්න.සල්ලි ගොඩක් ගත්තා. එ්ත් වශිය හරි ගියේ නෑ. අහු වෙන්න එපා. (බ)
රාගම ගුරාගේ කුල්ල කෙසේ වෙතත් කල්ල මරේ වගේ.(ම)
මේවගේ සිතු පතු සම්පත් දෙන කෙනෙක් ලංකාවේ ඉන්නවා රුපියල් 500 ක් වටිනා ටිකට් පතක් රැගෙන දේව සංදර්ශනයට එන්න ඕන. (බ)
ප්රංශය වාගේ රටවලටත් ගිහින් බොරු කරලා මිනස්සුන්ව රවටන මිනිස්සු සහ ඒවාට රැවටෙන මිනිස්සුත් තාම ඉන්නවා. (නි)