පෘථීවියේ කාලගුණය අවශ්‍ය හැටියට පාලනය කළ හැකිවේදැයි සෙවිමට ඇමරිකාවේ මධ්‍යම බුද්ධි ඒකකය (සී.අයි.ඒ) සැරසේ.
පරීක්ෂණ කටයුතු සදහා ඩොලර් ලක්ෂ 6 ක මුදලක් වෙන් කර ඇතැයිද සදහන්ය.
අවශ්‍ය වේලාවට හිම හෝ වැස්ස වැට්ටවීමට හා නැවැත්වීමට ආදී ලෙස ප්‍රාථමික මට්ටමෙන් කාලගුණය පාලනය කිරීමේ ක්රමෝපායන් දැනටමත් ලොව රටවල් භාවිතා කරයි.මේවා සදහා බොහෝවිට යොදාගැනෙන්නේ රසායන ද්‍රව්‍යයන්ය.
එම රසායන ද්‍රව්‍යයන් ගුවනේ සිට වළාකුළු වලට ඉසිනු ලබන අතර ඒවා නිසාවෙන් වළාකුලු වල ස්වභාවික සංයුතිය වෙනස් වේ.මෙනිසා යොදන රසායන ප්‍රමාණය හා වර්ගය අනුව වැසි වැටීම හිම වැටීම තීරණය වේ.
සී.අයි.ඒ සංවිධානය බලාපොරොත්තු වන්නේ කාලගුණය පාලනය කිරීමේ ක්‍රියාවලිය මෙම ප්‍රාථමික මට්ටමෙන් ඔබ්බට ගෙනයාමයි. ටොනේඩෝ,සුළිසුලං ආදී ස්වභාවික ආපදා ගණයට වැටෙන කාළගුණ විපර්යාසයන් විනාශයට ප්‍රථම නවතා දැමිය හැකිවේදැයි සෙවීම මෙම පරීක්ෂණ කටයුතු වල අරමුණයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක විතරයි මෙතෙක් කල් කරන්න බැරුව හිටියේ (ස)
ඕක කරන්න පුලුවන්නම් මුළු ලෝකයම පාලනය කරන්න පුළුවන්. (ස)
සොබාදහම් පලන්යකරනවා කියන්නේ තමා විහින් තමාම වලකපගැනිමක්. (ස)
ලෝක විනාසයත් ඉක්මන් කරවන්නයි ඒ හදන්නේ.. (ස)
කලින් බෝම්බ දාලා රටවල් විනාශ කළා. දැන් කාලගුණය වෙනස් කරලා රටවල් විනාශ කරන්න හදන්නේ. (නි)
බැරි වෙන එකක් නැහැ .. සුබපැතුම් ! (අ)
අප්‍රිකාවට වස්සන පුළුවන් වේයි (අ)
මේක සුබවාදී විදියට හිතන්න. මිනිසාගේ සුබ සිද්ධිය වෙනුවෙන් මේ ක්‍රියාව කරනවා නම් කොපමණ හොදයිද? මේවා සොබා දහම දෙවියන්ගේ මැවීම් කියා කියා හිටියා නම් අද මේ ලෝකේ කිසි දියුණුවක් නැහැ. කොටින්ම මේ පුවත දැනගන්නෙත් නැහැ අන්තර්ජාලය නොතිබුනා නම්. එදා සිටි මිනිසුන් අලුත් යමක් හොයන්න පෙලඹෙද්දී ඕක බැහැ ඕක හරියන්නේ නැති වැඩක් කියපු මිනිස්සු ඕනෑ තරම් ඉන්න ඇති. මේක විනාශයක් කියලා හිතන්න එපා. විනාශය අවම කරන්න උත්සහවන්ත මිනිසුන්ගේ තවත් උත්සාහයක්. සුබ පතමු සාර්ථක වෙන්න කියලා (නි)
ඒ පිටින් තියලා රට රට වලටමොන මොන විෂ ඉසියිද දන්නෑ..(අ)
සි.අයි.ඒ. එක මේකට සම්බන්ධ වෙන එක තමයි ප්රශ්නය. ඇමරිකාවේ වෙන ආයතන නැද්ද පර්යේෂණ කරන්න (නාසා එක වගේ ) (නි)
අද ලෝකය තාක්ෂණයෙන් දියුණු වෙලා තියන හැටි බැලූ විට සමහර විට ඔය දෙය කරන්න බැරිකමකුත් නැහැ.නමුත් ඇමරිකාව හැම විටම ලෝකයේ බලය අතට ගන්න හදන්නේ ලෝකයට යහපතක් කරන්නමද කියලා තමා ටිකක් හිතලා බලන්න ඕනෑ... (නි)
ඩොලර් ලක්ෂ 6 ??? පටන් ගන්න කලින්ම නවතීවි වගේ. (නි)
"කලින් බෝම්බ දාලා රටවල් විනාශ කළා. දැන් කාලගුණය වෙනස් කරලා රටවල් විනාශ කරන්න හදන්නේ." ඕකට ඔයහැටි බයවෙන්න එපා. ඔය තාක්ෂණය කෙටි කලකින් චීනයත් රුසියාවත් ප්රංශයත් එංගලන්තයත් සොයා ගන්නවා. චීනය සහ රුසියාව නිශේද බලය පාවිච්චි කරනවා. එතකොට ඇමරිකාවට කරන්න පුළුවන් දෙයක් නැත. චීනයට ආවඩන්නේ ඇමෙරිකාවට තිබෙන තරහට මිසක් චීනයට තිබෙන කැමැත්තට නොවෙයි (නි)
සොබා දහම නිර්මාණය වෙලා තියෙන්නේ සමබරතාවය සහිතව.සීමාව ඉක්මවා සොබා දහම වෙනස් කරන හෝ ප්‍රතිනිර්මාණය කරන විට මෙම තුලනය වෙනස් වෙලා හානිකර විපත් ඇති වෙනවා.ග්ලැසියර් ඛාදනය ඕසෝන් ස්ථරය විනාශ විමේ එක් ඵලයක්.ස්වාභාවික විපත් සියල්ල නිර්මාණය කරගත් ඒවා මිස වෙනත් බලවවේග නොවේ.සියලුම සතුන් හුස්ම ගන්න වායුගෝලය ආරක්ෂා කරන එක ඔය කොයි බලවතාගෙත් වගකීම වෙනවා.ඔය අලුත් නිර්මාණවලට යටත් නැති ධර්මයක් ලෝකයේ තිබෙනවා.ඒකෙන් කියවෙන්නේ ලද දෙයින් සතුටු වෙයල්ලා කියන එකයි. (නි)
සොබාදම් මෑණියන්ට සොබාදහම පාලනය කරන්න දෙන්න. මිනිසා නිසා අද මුළු ලෝකයම විනාස වෙලා තියෙන්නේ. ඔය වැඩවලින් වෙන්නේ මුළු ලෝකයම විනාස කිරීමයි. (ස)