පාකිස්තානයේ කරච්චි නුවර සිට ඉන්දියාවට ක්‍රියාත්මක කෙරෙන ගුවන් ගමන් සේවා අත්හිටුවීමට පාකිස්තාන රජය පියවර ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාව හා පාකිස්තානය අතර කාශ්මීර අර්බුදය මේ වනවිට උග්රවෙමින් පැවතීම ඊට හේතුව විය හැකි බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළද පාකිස්තානය කියනුයේ කරච්චි සිට ඉන්දියාවේ දිල්ලි, මුම්බායි දක්වා ගුවන්සේවා ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් තරම් මගීන් සංඛ්‍යාවක් නොමැතිවීම හේතුවෙන් එම තීරණය ගත් බවයි.
නමුත් පාකිස්තානයේ ලාහෝර් නුවර සිට ඉන්දියාවේ නවදිල්ලි නුවර දක්වා ක්‍රියාත්මක කැරෙන ගුවන් ගමන් සේවා එලෙසම ක්‍රියාත්මක බවද පාකිස්තානය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානය වගේ රටකට මිනිස්සු මොනවට යනවද....!
ලාහෝර් සිට දිල්ලියට ගුවන් ගමන් මොකටද ? දුම්රිය සේවාව පාවිච්චි කිරීම වඩා හොඳයි (බ)
මේක ලොකු ප්‍රශ්නයක්.(හේ)
ඌරෝ කැකුණ තලනවිට හබන් කුකුළන්ට රජ මඟුල්ලු. අපේ මොන හබන් කුකුල්ලුද? අපිට වඳුරට වෙච්ච දේ තමයි වෙන්නේ. (නි)
සරත්, මම වෙන තැනක කිවුවේ සිංහලයා කෙළෙහිගුණ නොදන්නා ජාතියක් කියලා. ඇමරිකාව යුද ආයුධ දෙන්න බැහැ කිවුවම පාකිස්ථානය තමයි අපට ආයුධ දුන්නේ. ඒ වගේම කොටියව මායිම් නොකළ එක රටක් තමයි පාකිස්ථානය. (නි)