අපි‍්‍රකා රාජ්‍යයක් වන කෙන්යාවේ, නයිරෝබී නුවර විදෙස් සංචාරකයන් ගැවසෙන ‘වෙස්ට්ගේට්’ සුපිරි වෙළෙඳ සංකීර්ණයට ඉකුත් 21 වැනිදා කඩා වැදී,
|
ප්‍රහාරයට සම්බන්ධ යැයි සැකකෙරෙන අල් ෂෙබාබ් සාමාජිකාව සමන්තා ලෙව්තවේටී |
වෙළෙඳ සැලේ සිටි පිරිස් ප්‍රාණ ඇපයට ගත් අල් ෂෙබාබ් ඉස්ලාමීය ත්රස්තවාදීන් සහ කෙන්යානු ආරක්ෂක අංශ අතර ඊයේ (23) ද වෙඩි හුවමාරු සිදුවිය.
විදෙස් පුවත් සේවා වාර්තා කළේ, ඊයේ උදෑසන අධි බලැති පිපිරීම් තුනක් වෙළෙඳ සංකීර්ණයේ සිදුවුණු බවය. ඒවා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර යැයි අනුමාන කෙරේ. ත්රස්තවාදීන් සහ කෙන්යානු ආරක්ෂක අංශ අතර වෙඩි හුවමාරුව සිදුවුණේ ඉන්පසුවය.
කෙන්යාවේ ප්රචණ්ඩ කි‍්‍රයා සිදු කරන්නෝ අල් ෂෙබාබ් සටන්කාමීහුය. මොවුහු අල් කයිඩාව සමඟ සමීප සම්බන්ධකම් පවත්වන්නෝ ද වෙති.
ඔවුන්ගේ කණ්ඩායම් දෙකක් ඉකුත් 21 වැනිදා සවස, නයිරෝබි අගනුවර වෙස්ට්ගේට් සුපිරි වෙළෙඳ සංකීර්ණයට කඩා වැදුණේ මුහුණු ආවරණය කර ගනිමින්, ස්වයංකී‍්‍රය ගිනි අවි සහ අත්බෝම්බවලින් ද සන්නද්ධවය.
කෙන්යාවේ අසල්වැසි රාජ්‍යයක් වන සෝමාලියාවේ කි‍්‍රයාත්මක තම සහෝදර සටන්කාමීන්ට එරෙහිව කෙන්යානු රජය සෝමාලියාවට හමුදාව යැවීම ගැන විරෝධය පළ කරමින් නයිරෝබි අගනුවර වෙළෙඳ සංකීරණයට ප්‍රහාරයක් එල්ල කිරීමට තම මුජහදීන්වරුන් කටයුතු කළේ යැයි අල් ෂෙබාබ් සංවිධානය අන්තර්ජාලය ඔස්සේ නිවේදනය කළේ පෙරේදා (22) උදෑසනය.
සටන්කාමීන් වෙළෙඳ සංකීර්ණයට කඩා වැදුණු අවස්ථාවේදී, ඔවුන් ගිනි අවි පෙන්වමින් ඇතුළේ සිටි අයට කියා සිටියේ මුස්ලිම්වරුන්ට පිටවී යා හැකි බවත් අනෙක් කාටවත් පිටවී යාමට ඉඩ නොදෙන බවත්ය.
ඔවුන් සුදු ජාතිකයන් සොයමින් ඔවුන්ට වෙඩි තැබීමට පටන් ගත්තේ ඉන්පසුවය. සිදු කළ වෙඩි තැබීම්වලින් 69 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 178 දෙනෙක් තුවාල ලැබූහ.
|
ප්‍රහාරයෙන් මියගිය කැනඩා තානාපති කාර්යාල නිලධාරිනිය ඈන්මරී ඩෙස්ලොජ් |
බි්රතාන්ය ජාතිකයන් තිදෙනෙක්, කැනඩා ජාතිකයෝ දෙදෙනෙක් සහ ප්‍රංශ ජාතිකයෝ තිදෙනෙක් ඒ අතර වෙති. මියගිය එක් කැනඩා ජාතිකයකු කෙන්යාවේ නයිරෝබි නුවර සිටි කැනඩා තානාපති කාර්යාල නිලධාරිනියකි.
ප්‍රහාරය සැලවීමත් සමඟ ඉකුත් 21 වැනිදා සවස කෙන්යා හමුදාවේත් පොලිසියේත් ආරක්ෂක අංශ වහා කි‍්‍රයාත්මක වී, වෙස්ට්ගේට් වෙළෙඳ සංකීර්ණය වැටැලූ අවස්ථාවේ දෙපිරිස අතර හටගත් අවි ගැටුම් පැය 17 ක් පුරා පැවැතිණි.
වෙළෙඳ සංකීර්ණයට ඇතුළු වී සටන්කාමීන් මරා දමමින්, වෙළෙඳ සංකීර්ණයේ ස්ථාන කිහිපයක ප්‍රාණ ඇපයේ සිටි විදේශිකයන් සහ වෙළෙඳ සේවිකාවන් බොහෝ දෙනකු බේරා ගැනීමට කෙන්යා කොමාන්ඩෝ භටයෝ පෙරේදා සවස සමත් වූහ.
‘වෙස්ට්ගේට්’ සුපිරි වෙළෙඳ සංකීර්ණය ඊශ්‍රායල සමාගමකට අයත් වෙළෙඳ සංකීර්ණයකි. ඊශ්‍රායල හමුදාවේ විශේෂ කාර්ය සාධක බලඇණි නිලධාරීන් කිහිප දෙනකු ද කෙන්යානු ආරක්ෂක අංශවලට සහාය දුන් බව වාර්තා විය.
පෙරේදා රාති‍්‍රය වෙද්දී, කෙන්යානු ආරක්ෂක අංශ මෙන්ම එරට රජය ද කියා සිටියේ ‘වෙස්ට්ගේට්’ සුපිරි වෙළෙඳ සංකීර්ණය තම පාලනයට යළි පත් වුණු බවත් ප්‍රහාරයට පැමිණි ත්රස්තවාදීන් සියල්ලන්ම මරා දැමුණු බවත්ය.
අල් ෂෙබාබ් සංවිධානය අන්තර් ජාලය ඔස්සේ ප්‍රහාරයට පැමිණි සටන්කාමීන් 15 දෙනකුගේ නම් ප්‍රසිද්ධ කිරීමට ඊයේ කටයුතු කළේය.
ප්‍රහාරයට බි්රතාන්ය මුස්ලිම් ජාතිකයන් දෙදෙනකු ද හවුල් වී සිටින බව අල් ෂෙබාබ් සංවිධානය නිවේදනය කර ඇත. ඔවුහු දෙදෙනා 23 හැවිරිදි ලිබන් ඇඩම් සහ 24 හැවිරිදි අහ්මද් නෂීර් නමැති අය වෙති.
ඊට අමතරව අල් ෂෙබාබ් සහ අල් කයිඩාව විසින් වීරවරියක යැයි හඳුන්වා දී ඇති 29 හැවිරිදි සමන්තා ලෙව්තවේටී නමැත්තිය ද ප්‍රහාරය සඳහා පැමිණ ඇති බව වාර්තා විය.
මැය ද බි්රතාන්ය ජාතික මුස්ලිම් කාන්තාවක වන අතර ත්‍රස්තවාදියකු යැයි බි්රතාන්ය ආරක්ෂක අංශ විසින් හඳුන්වා දී තිබේ. මැය කලක් බි්රතානයයේ බකිංහැම්ෂයර්හි පදිංචිකාරියක වී සිටියාය. ප්‍රහාරය පසුපස සිටින මහ මොළකාරිය ද මැය බව පැවැසෙයි. කෙසේ නමුත් ඇය මරා දැමීමට හෝ අත්අඩංගුවට ගැනීමට හෝ ආරක්ෂක අංශ මෙතෙක් සමත් වී නැත.
|
කෙන්යාවේ සිටින බි්රතාන්ය තානාපති කි‍්‍රස්ටියන් ටර්නර් (වමේ) තුවාලකරුවන්ට ප්‍රතිකාර කරන නයිරෝබි මහ රෝහලට ගොස් රුධිරය පරිත්‍යාග කළ අයුරු |
|
වෙළෙඳ සංකීර්ණයේ කොටු වූ පිරිස් බේරා ගනිමින්... |
|
සටන්කාමීන්ගෙන් බේරී වා කවුළුවක සැඟවී සිටි සේවිකාවක බේරා ගනිමින් |
|
කෙන්යානු ආරක්ෂක නිලධාරීන්ට ඊශ්‍රායල නිලධාරීන්ගේ සහාය |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නරක දේ වපුරන්නා නරක දේ නෙලා ගනියි (නි)
ආගමික අන්තවාදය ලෝකය පුරාම වේගයෙන් ව්‍යාප්ත වෙන එක යම් තරමකට හරි පාලනය වෙලා තියෙන්නේ ඇමෙරිකාව නිසයි. ඒක නිසා බන්දුල පෙරේරා මහත්තයයි වික්‍රම මහත්තයයි දෙන්නම කියන එක හරි..... (නි)
වික්‍රම මහත්තයා, ඔබ වැරදියට තේරුම් අරගෙන..ඔබතුමා කියපු දේත් නොකියපු දේත් ඇතුළුව මුස්ලිම් ලෝකයත් අමෙරිකාවත් ගැන ඔබතුමාගේ මතයම තමයි මගේ මතයත්.තමන්ගේ යම් පරමාර්ථ සදහා ආගමික අන්තවාදය ඇමෙරිකාව ප්‍රයෝජනයට ගන්නවා වගේම මේ අන්තවාදයේ පැතිරීමත් ඇමෙරිකාව විසින්ම යම් පාලනයකට නතු කරනවා .ඒ ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන්.නමුත් ඒකෙන් අනෙක් ආගමිකයන්ගේ පැවැත්මටත් යම් හිතකර පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා. (නි)
කුමාර රෝමය -මේ මම අවේ සාමය ඇති කරන්න කියා සිතන්න එපා. මම අවේ අක්කාගෙන් නංගී අයගෙන් මල්ලි වෙන් කිරීමටයි .මේ කොහෙද සඳහන් වෙන්නේ.බොරු විතරක් කියන්න එපා නිකන් (ස)
බොස්ටන් වික්‍රම ගොඩක්ම හරි... ඒත් එක ආගමක් තියනවා ලෝකෙ. ඒ ආගමිකයන්ට මොන රටකවත්, මොන ආගමිකයන් එක්ක වත් ඉන්න බැහැ. මරන්න මයි බලන්නෙ. අන්තර්ජාලෙ පිරික්සලා බලන්න. ඔවුන්ගෙන් එක්කෙනෙකු හෝ ඉන්නා රටක ආගම් ප්‍රශ්න ජාති ප්‍රශ්න... ජපාන ක්‍රමය. අන්තවාදී ආගම් වලට පහත්ම තත්වයට දාලා ඒ ජාතියට රටට එන්නවත් දෙන්නෙ නැතුව ඉන්න එක. ජපානෙ යුද්ද නැ.. බලන්න. (අ)
බන්දුල පෙරේරා මහතාට අමු කැවිලා වගේ . මේ ගොඩක් අන්තවාදී ත්රස්තයන් බෝ කරන්නේ ඇමරිකාව . වෙනත් රටවල ප්‍රශ්න ඇති කර, තමන්ගේ ව්‍යාපාර කර ගෙන යාමට. ඇෆ්ගනිස්ථානයේ ත්රස්තයන් බිහි කලේ බින් ලාඩන් සමඟ ඇමරිකාව. සෝවියට් දේශයට විරුද්ධව සටන් කිරීමට, සදාම් හුසේන්ට අවි දී ඉරානයට විරුද්ධව යුද්ධයක් මෙහෙයවා දහස් ගානක් මරුවා. අද අප ලංකාවෙත් ත්රස්තයන් වෙනුවෙන් අපට විරුද්ධව ඔවුන් වෙනුවෙන් නැගී සිටින්නේ ඇමරිකාව ඇතුළු බටහිර රටවල් . කෙසේ නමුත් මෙම ත්රස්තයන් මුළු ලෝකයටම විනාශයක් . අද එය ඇමරිකාවටම පාර වළල්ලක් වෙලා එනවා . මම ජිවත් වෙන්නේ ඇමරිකාවේ එහෙත් මම ඇමරිකාවට කඩේ නොයමි . ඇමරිකානු මිනිසුන් බොහෝ හොඳ ජාතියක් . එහෙත් ඇමරිකානු පාලන ක්‍රමය ඉතාම පහත් වැඩ කරන්නේ තමන්ගේ බලය වෙනුවෙන් . අප කිසිවෙකුට කඩේ නොයන එක වඩා හොඳයි . බන්දුල පෙරේරා මහතාණනි. (ස)
මෙම කෙන්යාවේ අන්තවාදීන් අතර ඇමරිකාවේ සරණාගත විසා ලබා ගත් අන්තවාදීන් දෙදෙනෙක් ඉඳලා තිබෙනවා . මෙය බටහිර ලෝකයට හොඳ පාඩමක් . වෙන රටවල ත්රස්තවාදීන් ගේනවා සුරතල් කරමින් . අප වැනි තුන්වෙනි ලෝකයේ රටවල අභ්‍යන්තර බෙදුම්වාදී ත්රස්තයන්ට උදව් කිරීම බටහිර ලෝකයේ සිරිතකි. (ස)
මෙතන නොයෙක් අය විවිධ අදහස් ප්‍රකාශ කළත් සත්‍ය එය නොවේ. නුදුරු අනාගතේදී සත්‍යය හෙළිවේවි. (නි)
ඉස්ලාම්වාදීන් උත්සාහ කරන්නේ ජනතාව මගීන් ආගම ඉදිරියට ගෙනියන්න.නමුත් අනෙක් ආගම් හදන්නේ ආගම තුලින් ජනතාව ඉදිරියට ගෙනියන්න. (නි)
"සටන්කාමීන් වෙළෙඳ සංකීර්ණයට කඩා වැදුණු අවස්ථාවේදී, ඔවුන් ගිනි අවි පෙන්වමින් ඇතුළේ සිටි අයට කියා සිටියේ මුස්ලිම්වරුන්ට පිටවී යා හැකි බවත් අනෙක් කාටවත් පිටවී යාමට ඉඩ නොදෙන බවත්ය" ඕක තමයි සත්‍යය..අපි ඇමෙරිකාවට කොච්චර බැන්නත් ඇමෙරිකාව නැත්නම් අපිට වෙන දේත් බලන්න තිබුනා.(නදී)
ලොවටම පිළිලයක් වී ඇති අන්තවාදයට එරෙහිව අපිත් එකමුතු විය යුතුය (නි)
සාමයේ ආගමෙන් සාමයට තෑග්ගක්... (නි)
කවුද මේ ලෝකෙට තුවක්කු අවි ආයුධ විකුණන්නේ? සියල්ලටම කලින් මේ ගොල්ලන්ව අල්ලගන්න ඕනෑ (නි)
කවුරුවත් මොකුත් කියන්න අවශ්‍ය නැහැ. එයාලගේ කැමැත්තනේ (නි)
ලුම්බිණි, ඔබ හරි. නමුත් මෙය ත්‍රත්තවාදය පමණක්ම නොවේ. ලොවටම පිළලයක් වී ඇති අන්තවාදයයි. (නි)
මම හිතනවා හැමෝම එකතු වුණොත් ත්‍රස්තවාදය පරදවන එක ලොකු දෙයක් නොවෙයි කියලා. (නි)
මෙම වෙළඳ සලට සති අන්තයේදී ලංකීකයෝ විශාල පිරිසක් පැමිණ සන්ධ්‍යා කාලය මෙහි ගත කරති. අපගේ වාසනාවට මෙම ප්‍රහාරයෙන් කිසිම ලාංකිකයකුට කිසිම හානියක් වී නොමැත. (නි)
මුස්ලිම් අය ලෝකෙටම පිළිලයක් වෙලා (නි)
අල්ලගෙ කැමැත්තටනේ... (නි)
මේ මිනිස්සුන්ට වෙලා තියෙන දෙයක්? (නි)
ලෝකේ කලබල කොහෙද, එතන අරගොල්ලන්ගේ සම්බන්ධයක් තියෙනවා ! (නි)
කෙන්යාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ (නි)