මීළඟ පාප්තුමන් කවුරුන් වනු ඇති ද යන්න ගැන ලෝක ප්‍රජාව අවධානයෙන් සිටින මොහොතක නව පාප්තුමන් තෝරා ගැනීමට අදාල කි‍්‍රයාවලිය වතිකානුවේ සිටින කාදිනල්හිමිරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ(4) ආරම්භ කෙරිණි.
වතිකානුවේ පැවැත්වෙන මෙම සාකච්ඡාවලදී නව පාප්තුමකු තෝරා ගැනීමේ දිනයක් තීරණය කර ගනු ඇතැයි පැවසේ. නව පාප්තුමකු තෝරා ගැනීමේ කි‍්‍රයාවලිය සඳහා වයස අවුරුදු 80ට අඩු කාදිනල්හිමිවරු 115 දෙනෙක් සහභාගී වෙති.
යුරෝපයෙන් බැහැර රටක කාඩිනල් පියතුමකු එම පදවියට තේරී පත් වනු ඇතැයි ද, එම කාඩිනල් පියතුමා වයස්ගතයකු නොවනු ඇතැයි ද බොහෝ දෙනා විශ්වාස කරති. පාප් පදවියට සුදුසුකම් ලබන්නෝ කාදිනල්හිමිවරුය. එම කාඩිනල් හිමිවරු පාප්තුමකු තෝරා ගැනීමට වතිකානුවට රැස්වී, අභ්‍යන්තර ඡන්ද විමසුමක් පවත්වති.
පාප්තුමන් තෝරා ගත්තේ ද නැද්ද යන්න වතිකානුව ලෝකයාට සංඥා කරන්නේ ශාන්ත පීටර් බැසිලිකා දෙව් මැදුරේ දුම් කවුළුවෙන් නිකුත් වන දුමේ පැහැය මගින්ය.
කාඩිනල් පියතුමන්ලා පාප් පදවියට කෙනෙකු තෝරා ගත්තේ නම් ඒ බව ලෝකයාට දන්වන්නේ සුදු පැහැති දුමක් පිට කිරීමෙනි. තීරණයකට එළැඹී නැතිනම් මෙන්ම පාප් තුමකු ස්වර්ගස්ථ අවස්ථාවකදී නිකුත් කෙරෙන්නේ කළු පැහැ දුමකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ නියෝජනයට අපි සුබපතමු (දී)
මගේ ප්‍රාර්ථනය නව පාප් වහන්සේ ශ්‍රී ලංකාවෙන් බිහිවේවා යන්නයි. (නි)
මීළඟ පාප් තුමා කවුරුන් විය හැකිද (දී)
දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේ වැනි කෙනෙක් නැවතත් පත්වේවා! (නි)
මගේ ප්‍රාර්ථනාව ලංකාවෙන් බිහිවේවා යන්නයි. (නි)
කවුරු පත්වුණත් අපේ ප්‍රශ්න නම් එහෙම්මමයි. (නි)
මීලග පාප් වහන්සේ උතුරු ඈමරිකාවෙන් බිහිවෙයි.(නදී)