අධි වේගයෙන් මෝටර් රථය පදවා පොලිසියට හසුවූ නගරාධිපතිවරයෙකු තමන් එසේ මෝටර් රථය පැදවූයේ එය දැන් සේදු බැවින් එහි රැදී ඇති ජලය වේලා ගැනීමට යැයි පවසා ඇති පුවතක් ප්‍රංශයෙන් වාර්තා වේ.
ප්‍රංශයේ උතුරු ප්‍රදේශයේ කෝර්සෙල්ස් ඒපායලේස් ප්‍රදේශයේ නගරාධිපති වන ජීන් ලූවි හෙනොන් මෙසේ පොලිසිය හමුවේ නිදහසට කරුණු දක්වා තිබේ.
පොලිසිය පවසන්නේ ඔහු පැයට සැතපුම් 55 ක වේගයකින් මෝටර් රථය ධාවනය කළ යුතුවූ ප්‍රදේශයක පැයට සැතපුම් 100 ක වේගයෙන් පැමිණි බවයි.
පසුව මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කර ඇති නගරාධිපති තමන් නීතියට උඩින් සිටින්නෙක් නොවන බවත් පොලිසිය තමන්ට දඩ ගෙවීමට නියම කළ බවත් පවසා තිබේ.වරද තේරුම් ගත් බැවින් මින් මත්තට එවැනි වීමට ඉඩ නොතබන බවටද ඔහු පොරොන්දු වී ඇත.
දින කිහිපයකින් නගරසභා මැතිවරණය පැවැත්වීමට නියමිතය.දඩ කෑ ජීන් කෙසේ තරග වදීදැයි සියලූදෙනා විමසිල්ලෙන් සිටීති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට පෙනෙන්නේ ලලිත් එම නගරාදිපති තුමා ළඟ උපදේශකයෙක් වෙලා ඉඳල තියෙනවා වගේ. ලංකාවෙන්ම යන්න ඕන ඔය වගේ උපදෙසක් දෙන්න.(නදී)
මේක සුළු දෙයක්... (නි)
තව දෙයක් ලක්ෂ්මන් අයියේ, දැන් ඉන්න පිරිමින් කොස්ස අරගෙන වටේ දුවලා මට්ටු කරන්න බැහැ.හොඳ දෙකේ දෙකේ පොල්ලකින් ඔලුවටම ගහන්න ඕනෑ, සතියක් විතර එක තැන ඉන්න. (නි)
මන් හිතුවේ එහෙම අය ඉන්නේ ලංකාවේ විතරයි කියලා (දී)
ලක්ෂ්මන් ජයවර්දන, ගොඩක් දවසකින් හිනාවෙන්න අදහසක් දැම්මට ගොඩක් ස්තුතියි. මම පහු වෙලා නිව්ස් එක කියෙව්වේ. (ස)
මරු. අන්න මිනිස්සු... (ස)
ලලිත්, අනේ කියන්නකෝ ඔයා ඉන්න රට ගම ගැන අපිට දැනගන්න.අපි ඔය ඉදල හිටලා පොඩි සවාරි යනවා.හම්බවෙන්නවත් බැරියැ. (ස)
මොනවා හෝ කියන්න ඕනෙනේ නැත්නම් තත්වයට හොද නැහැනේ (දී)
අනේ පවු ලලිත්, මගෙත් වාහනේ මේ ලඟදි ඇල්ලුවා යු.කේ (උස්වැටකෙයියාවෙදි) වලදී. මගේ වාහනේ හීතල වෙලා තිබුනේ නැහැ, ඒත් මම රත් වෙන්න දාල හිටියේ.(නදී)
අපේ රටේ එහෙම මේ වගේ දෙයක් උනානම් සැලියුට් එකකුත් ගහල යවයි. එහෙම නැතිව නීතිය ක්‍රියාත්මක කරන්න ගියානම් ඉතින් පහුවදාම රාළහාමි ගෙදර එහෙමත් නැත්නම් දුර පළාතකට මාරු.(නධී)
අපේ මාමා නාලා ඉවර වුනාම තුවායෙන් පිසදාන්නේ නැහ ගේ වටේට රවුන් කීපයක් දුවනවා. නැන්දා කොස්ස අරන් පන්නන නිසා. (නදී)
මලා, මේ වැඩේ මමත් නිතරම කරනවා , වාහනේ හෝදලා පිහදාන්න වෙලා නැති නිසා අධිවේගයේ දිගේ සැතපුම් කීපයක් යනවා , එතකොට වතුර හුළගට යනවනේ.(නදී)
අපේ රටේ මෙය සිදුවිය හැකිද? (නදී)
නගරාධිපතිට තිබුනේ දඩය ගෙවන්නේ නැතුව ලංකාවේ ඇමති කෙනෙකුට කතා කරලා උපදෙස් ගන්න. ඊලග ඡන්දෙන්නුත් උඩින්ම දිනනවා සිකුරුයි.(නදී)
අන්න වරදනම් වරද නිතියන්ම් නිතිය කටත් පොදුයි (දී)
ලලිත් වාහනේ වටේ ගිනිමැලයක් ගැහුවනම් දඩ කන්න වෙන්නේ නැනේ, මීලග පාර වාහනේ හීතල වෙලා තිබුනොත් එහෙම කරන්න (දී)
ලලිත් කොහෙදිද දඩ කෑවේ පුත්තලමේදීද?, අනේ ඔයාගේ දඩ කාපු කතාවත් එසැනට ලියල එවන්නකො. (නදී)
ප්‍රංශයේ නිසා පොලිස් නිලදාරියා බේරුනා. අපේ රටේ නම් පොලිස් නිලදාරියගේ ඇටකටු කාලා දැනට ඉස්පිරිතාලේ.(නදී)
55 වේගෙන් යායුතු පාරේ 100ට යන එක වරදක්වන බව මේ නගරාධිපති තේරුම් අරන් තියෙන්නේ අද. (නදී)
ප්‍රංශ රටේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ . මේ නගරාදිපතිලා නීති කඩන්නනේ නෑ.(නදී)
නගරාධිපතිගේ උත්තරය හොදයි ලංකාවට. ඒ රටවල් වලට ඔය බණ දේශනා හරියන්නේ නැහැ.(නදී)
අනේ පව් ඒ කතාව ඇත්ත වෙන්නත් ඇති. සීතල රටක ඉද්දි උදේ පාන්දර වාහනේ රත් වෙනකල් ටිකක් වේගෙන් ගිහින් මමත් දඩ කාල තියෙනවා. ඒ රටවල්වල වාහන හෝදන යන්ත්‍ර වලින් වාහන වෙලෙන්නෙත් බාගෙට තමයි.(නදී)
නීතිය ක්‍රියාත්මක වන රටවලට ඕවා සුළු දේවල්. බටහිර ඕස්ට්‍රේලියාවේ නීතිපති බීලා එළවලා දඩ කෑවා. වික්ටෝරියන් හිටපු අගමැති වේගයෙන් පදවා දඩ කෑවා. ඊළඟ අගමැතිගේ පුතා බීලා ගිහින් කාර් එක හප්පගත්තාම අගමැති ඉල්ලා අස් උනා.(නදී)
ලංකාවේ ඉන්න ඕන කෙනෙක්නෙ.(නදී)