ඉතා දුර්ලභ මෙන්ම මිල අධික ආහාර ලබාදෙන්නේයැයි කටමැත දොඩමින් සිටි අවන්හලකින් ආහාර සදහා පිළියෙල කර තිබූ කොටි මස් හා දිවි මස් තොගයක් සොයාගැනීමට රුසියාවේ මොස්කව් නුවර පොලිසිය පසුගියදා සමත් විය.
කොටියන් හා දිවියන් අන්තරායට ලක්ව තිබෙන සත්ත්ව විශේෂයන් යැයි එරට නම් කෙරී තිබෙන අතර එම සතුන්ව මරා දැමීම බරපතල දඩුවම් ලැබිය හැකි වරදකි.
මෙම සතුන්ගේ මස් අනුභව කිරීමෙන් ජීවිතයේ දෛනික කටයුතු වල යෙදීමට අමතර ශක්තියක් ලබාගත හැකියැයි ඇතැම් රුසියා ජාතිකයින් අතර විශ්වාසයක් පවතින බව සඳහන්ය.
අවන්හලට පැමිණ ඇත්තේ ඉතාම ධනවත් පුද්ගලයින් බව මූලික පරීක්ෂණ වලින් අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිව ඇත.
අවන්හලේ හිමිකරු ලෙස සැළකෙන වියට්නාම ජාතිකයකු අත්අඩංගුවට ගෙන තිබේ.
කොටියන් හා දිවියන් මසට මරා දැමිමට අමතරව එම සතුන්ගේ සිරුරු කොටස් විවිධ ඖෂධ නිපදවීම සදහා ආසියාතික රටවලට අපනයන කර ඇතැයි හෙළිව තිබෙන හෝඩුවාවකට අනුව ඒ සම්බන්ධයෙන්ද පොලිස් පරීක්ෂණ කි්රයාත්මකය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝ මිනිස්කමට ගිය කලක් (බ)
දුමින්ද, ඇයි කොටියොයි දිවියොයි විතරද පන තියන සත්තු. කුකුල්ලු මරනවා කිව්වොත් මේ වගේ දේවල් කියන්නේ නැහැ නේද.(නදී)
හපොයි හරින්ද්රගේ හිතීමේ තරමක මහත (නදී)
හරින්ද්ර, කුකුල්ලු වදවීගෙන යන සත්තු වර්ගයක් නේ ..(හේ)
ඔව් ඔව් හරින්ද්ර හරි සේරම සත්තු මරණ එක වැරදි එහෙමනම් .මොකද අපේ අය හරක් මරන්න එපා කියනවා පවු කියනවා එතකොට එළුවෝ උරෝ කුකුල්ලු මොන මස්ද නොකන්නේ ?ඒවාට පවු නැද්ද ?(හේ)
හරින්ද්ර,මාගලි ෆොන්සේකා, ඔබ දෙපළ හරියටම හරි. ප්රාණඝාතය,සතා ලොකු පොඩි කියලා වෙනස් වෙන්නේ නැහැ. (නි)
මිනිස් ජීර්ණ පධතිය මාංශ දිරවීමට නොව ශාක සඳහා ය. මරණ ලද සියලුම සතුන්ගේ ශරීර කොටස් ආහාරයට ගෙන සැනසී සිටේම මිනිස් කමට නිගාවකි. කුකුලාටත් මාලුවාටත් මෙය අදාලය. නිරෝගී වෙන්න මස් වලින් වලකින්න. සුභ අනාගතයක්. (නදී)