ප්‍රංශයේ ක්‍රියාත්මක එල්ටිටිඊ දෙමළ බෙදුම්වාදි සංවිධානයට අනුබද්ධ ප්‍රංශ දෙමළ නම් සංවිධානය යුද්ධයෙන් මියගිය ශ්‍රී ලාංකිකයන් සිහි කිරීමේ උත්සවයක් පැවැත්වීය. පැරීසියට නුදුරින් පිහිටි ආර්ජොන්තොයිල් නගර සභා බල ප්‍රදේශයට අයත් ශෙරීස් නම් උද්‍යානයේ කුඩා බිම් කොටසක් මිලට ගෙන එහි ස්මාරකයක් තනවා විශාල දමිළ ජනතාවකගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
අසූව දශකයේ එල්ටිටිඊ සංවිධානය වෙනුවෙන් මියගිය තිලීපන්ගේ ඡායාරූපයක් ස්මාරකයේ ඇත්තේය. දෙමළ ඊලාම් ජනතාවගේ නිදහස වෙනුවෙන් බඩගින්නේ මියගිය තිලීපන් ද, යුද සමයේ නිදහස වෙනුවෙන් දිවි පිදු ශ්‍රී ලාංකිකයන් ද සිහිපත් කිරීම බව එම ඵලකයේ ප්‍රංශ භාෂාවෙන් සටහන්ව ඇත්තේය. ඔහුගේ 29 වැනි සිහිපත් කිරීමේ උත්සවය පසුගිය ඔක්තෝබර් 3 වැනි ඉරුදින ආර්ජොන්තොයිල් උද්‍යානයේදි සිදුවිය.
එම ප්‍රදේශයේ නගරාධිපති ප්‍රංශ දක්ෂිණාංශික පක්ෂයේ ජෝර්ජ් මොත්රන් හා එහි පාර්ලිමේන්තු මන්ත්‍රී සමාජවාදි පක්ෂයේ පිලිප් ඩුසේ මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තෝ වුහ. එල්ටිටිඊ ප්‍රධාන ක්‍රියාකාරීහු බොහෝමයක් පැමිණ සිටියහ. උත්සව භූමිය කොටි ධජ වලින් සරසා තිබුණේය. ආරාධිත විශේෂ අමුත්තෝ එම ධජ යට දේශන පැවැත් වුහ. පසුගිය වසරේ මෙම උත්සවය මෙම ස්ථානයේ පැවැත් වුවද කොටි ධජ ප්‍රදර්ශනය නොකළේය. එනමුදු මෙවර එම ධජ වලින් උත්සව භූමිය සරසා තිබුණේය. ත්‍රස්තවාදි ලැයිස්තුවට ඇතුළත් තහනම් සංවිධානයක අනු ශාඛාවක් මෙලෙස හැසිරෙන්නේ කෙසේද යන්න බොහෝ දෙනාගේ විමතියට හේතුවකි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙත් ඉතින් ඕවා නොවුණාම නෙමෙයිනේ (නි)
ත්රස්තවාදයට උල්පන්දම් දෙන එවුන් ත්රස්තවාදයෙන්ම විනාශවෙලා යාවි. ඒක තමයි ලෝකේ ස්භාවය. (ර)
කොටි ජයටම වැඩ ශ්‍රී ලංකා තානාපති සේවයේ බුද්ධි අංශයේ නිලධාරියා කෝ .? (බ)
කොටි කොඩි ඔසවයි එම්බසිය නිහඩයි ..(බ)
ප්‍රංශය කියන්නේ ප්රජාතන්ත්රවාදී රටක්. එහෙ නීතියට අනුව සැමරීමක් තහනම් කරන්න බැහැ (නි)
යහපාලනයේ සංහිඳියාවත් මෙහේ රෙද්ද පල්ලෙන් බේරෙනවා. මේ වැඩ වලින් වෙන්නේ පැරදුන මිනිහා ආයෙත් අසු පිටට නගින එක. යුද්ධය වවාගෙන කාපු අයට නැවත බලයට එන්න පාර කපනවා. (නි)
සුදත්... .බුද්ධි නිලධාරියා පැරිස් වල කටයුතු කරන්නේ වැඩකට නැති මිනිහෙක් එක්ක (බ)
ඉස්සර එම්බසියේ හිටපු බුද්ධි නිලධාරීන් කරපු වැඩ එක්ක සසදන කොට දැන් ඉන්න කෙනා ගැන කනගාටුයි රටේ මහජන මුදල් (බ)
මේ රටවල් ත්රස්තවාදීන්ට උඩගෙඩි දෙනවද. කොපමණ කෑවත් මදි වගේ. කවදාවත් පාඩමක් ඉගෙන ගන්නේ නැහැ.මෙයාල ත්‍රස්තවාදියෝ කියන්න හරි හමන් ලාංකිකයක්වත් ඔය රටේ හිටියේ නැද්ද? හරියට වැඩ වෙන්න ඇති. මව් බිමට හෙණ වැදුනත් කමක් නැහැ තමුන්ගේ පාඩුවේ ඉන්න. (බ)
ඒගොල්ලෝ කොටි කොඩි සමග තිලීපන් සමරනවා වගේ අපේ අය තුවක්කු හිටවාගෙන පන්සල් වල රණවිරුවන් සමරන්නේ. මොකක්ද ඒ දෙකේ වෙනස? ලංකාව අපිට විතරයි අයිති කියන සිංහල පිරිසුත් පැරිසියේ ඉන්නවා. ලංකාවෙන් කෑල්ලක් ඕනෑ කියන දෙමළ පිරිසකුත් පැරිසියේ ඉන්නවා. හැබැයි දෙගොල්ලම බොහෝම සුළු පිරිසක් පමණයි (නි)
මේවගේ දේවල් නිසා පොදු විපක්ෂයට කතාකරන්න දේවල් හදනවා. තානාපති කාර්යාලය බුද්ධි නිලධාරියා. මේගැන නිහඩයි .ආරක්ෂක අංශය ඉක්මන් පියවරකට යායුතුයි. (ර)
කුරේ පැරිස්, බුද්ධි නිළධාරියාට වැරදි තෙරතුරු දෙන වැඩකට නැති කෙනා කවුද ? දැනහන්න නම හෙළිකරන්න. (ර)
කුරේ පැරිස්, සුදත් පැරිස්, ඔය කෙනා ගැන අපිත් දැනගන්න කැමතියි (නි)
මට තියෙන කණගාටුව තමයි මේ පුංචි රටෙන් කෑල්ලක් ඉල්ලන එක. ඇයි මේකේ ඔක්කොටම එකට ඉන්න බැරි? (ර)
හොඳ හොඳ සෙල්ලම් තව ඉස්සරහට (නි)
නිලධාරීන් මුනිවත රකිවී තානාපති සේවය, බුද්ධි අංශය මරනින්දේ. නියපොත්තෙන් කලයුතුදේ... අනේමන්දා... (ර)
බුද්ධි නිලදාරියාට පැරිස් විස්තර ඔත්තු දෙන ඔත්තුකරු නිදිද .? (ර)
ඕක තමයි අපි කලින්ම කිවුවේ (නි)
මේවා කියවනකොට ජනතාවගේ අදහස් පිටවෙන්නේ අවු .30 ක් වින්ඳ දුකට. ජනතාව බයයි (නි)
මේවා වලට මහජනයා මැදිහත් වියයුතු නැත. ඒ සඳහා තමයි අපේ බදු මුදල් වලින් පඩි ගෙවලා තානාපති කාර්යාල විදෙස් බුද්ධි අංශ නඩත්තු කරන්නේ. මේ පිළිබදව කටයුතු කිරීම වර්තමාන රජයේ වගකීමකි (නි)
මේවා කරන්න ඇයි ඉඩදෙන්නේ? (නි)
මෙහෙමත් ඉතින් වැඩි වෙනසක් නැහැනේ (නි)
මේ ටිකත් හොඳට මතක තියාගන්න. පැරීසියේ අපේ අය උජාරුවට දෙමළ අයට නොයෙක් දේවල් කියනවා. හැබැයි එක්කෙනෙක්වත් එළියට බැහැලා ඔවුන්ට විරුධව වචනයක් කියන්නේ නැහැ. කිව්වොත් වෙන දේ පැරීසියේ අපේ අය හොඳට දන්නවා (නි)
ලංකාව අපිට විතරයි අයිති කියන සිංහල පිරිසුත් ඉන්නවා. ලංකාවෙන් කෑල්ලක් ඕනෑ කියන දෙමළ පිරිසකුත් ඉන්නවා. හැබැයි දෙගොල්ලම බොහෝම සුළු පිරිසක් පමණයි (නි)
මේවට උත්තර දෙන්න, මුහුණ දෙන්න, විසඳුම් සේයන්න ඔන්න අපි රත්නපුරෙන් පටන්ගත්තා (නි)
බණ්ඩාර අයියා රත්නපුරයේ වැඩේ අපි පැරීසියෙන් පටන් ගමුද ? (බ)
අපේ එම්බසිය සුදු අලියෙක් වගෙයි (නි)
ප්‍රංශය ත්රස්තවාදීන්ට උපකාර කරන රටක්. ඇමෙරිකාවත් යුරෝපීය රටවල් සියල්ලත් එසේමයි. අපේ රටේ පාලකවරු මේ රටවල් සමඟ ප්‍රවේශමෙන් ගනුදෙනු කළ යුතුයි (නි)
ටොයියන්ට සතුටුයි ද දැන්? (ර)
ප්රන්සයේ තානාපති තුමා හා බුද්ධි නිලධාරියා හා විෂයට අදාළ නිලධාරින් මේ පිලිබදව අදාළ ආයතන සමග කටයුතු කලාද .? (ර)
කොටි වැඩ අරබයි තානාපති කාර්යාලය මර නින්දේ... (ර)
බුද්ධි නිලදාරියා ගොරව ගොරවා නිදිද .? (ර)
අනේ මහින්ද මහත්තයා හිටියනම්... (ර)
මීටපෙර සිටි බුද්ධි නිලදාරියා මේ වගේ අවස්ථා වලදී කෙළින් කටයුතුකළා අපිට මතකයි. දැන් එයාට මොකද වෙලා තියෙන්නේ? (නි)
ඇත්තටම මේ සිද්ධවෙන දේවල් දැක්කහම අපි ගැනත් බයයි (නි)
මෙහෙ යහපාලනේ වගේම එහෙ ඒ අදාළ පාලනයත් නැගලා යනවා වගෙයි (නි)
තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් ළඟදීම බලාපොරොත්තු වෙන්න පුලුවන් මෙහෙම යනකොට (නි)
ලංකාවෙත් ඔය කියන සැමරුම් ජයටම සමරපු එකේ පිටරටවල් ගැන ආයේ බලන්න දෙයක් නැහැ. අපි අපේම වළ කපා ගත්තා (නි)
එම්බසියේ නිලධාරින් හා අනෙක් අය මොකද කළේ? ඉදිරියට මොනවද කරන්නේ? (නි)
ප්රංශටට ත්‍රස්තාවාදි බෝම්බ ගැහුවම අපේ සමහරු මහ ලොකුටව ප්‍රංශ කොඩි දාගත්තා. අපි වෙනුවෙන් අපේ රට වෙනුවෙන් වචනයක් කියන්න කවුරුවත් නැහැ (නි)
ප්‍රංශයේ එම්බසිය නිදි වුණත් ලංකාදීපය අවදියෙන් (නි)
අපේ තානාපති කාර්යාලයක් ප්‍රංශයේ තිබේද? (නි)
අපේ රටෙත් මෙහෙම දේවල් නොවුණත් මීට සමාන දේවල් වුණානේ (නි)
මේ මිනිස්සු මළගිය නෑදෑයෝ සිහිකරනවා. එ්ක ඒගොල්ලන්ට කරගන්න දෙන්න. එ්කට වටිනාකමක් දුන්නොත් තමා ලංකාව කොටියාගේ වෙන්නේ. මේ මිනිස්සු ගිහිල්ල ප්‍රංශයෙනුත් කෑල්ලක් ඉල්ලන්න ගියා වුණත් එ්කට අපි කරදර වෙන්නේ ඇයි. (නි)
එහේ සමරනකොට අපේ සමහරුන්ට මෙහේ මල් හතයි (නි)
මේ සිරි ලංකාවෙත් මෙවැනි දේවල් සිදුවෙද්දී පිට රටවල් ගැන කුමන කතාද? (නි)
අනිල්, තහනමක් තියෙද්දිත් මේක කරන්නේ කුමනාකාරයේ කොට්ඨාශයක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ (නි)
ජානක ... අැම්බසියක් ඇත ...ඇම්බසියක් ඇත්දෝ මන්දා ..(බ)
මියගිය අය සිහිකරන්න කාගෙන්වත් තහනමක් නැත.... තහනම් කල සංවිධානයක කොඩි භාවිතා කිරීම ප්‍රශ්යනක් එහි සම්පුර්ණ වගකීම තානාපති කාර්යාලය බුද්දි නිලධාරියා සතු කාර්යකි... ඇමතිවරු ආරක්ෂා කිරිමටවඩා රට මවුබිම සුරැකීම මහජන මුදලින් යැපෙන මේ අයගේ යුතුකම් අපි මතක් කලේ අමතක වී ඇතැයි අපිට සිතේ. (ර)
විග්නේශ්වරන්ගේ හඩ පැරිස් වලින් පටන්ගනිවීද..? (ර)
මේ පිලිබදව තවමත් අදාළ ආයතන මුනිවත රකිවී. අවාසනාවක මහත. (ර)
අනේ මේ වෙලාවේ අපේ මහින්ද රාජපක්ෂ මහත්තයයි, ගෝඨාභය සර් හිටියානම්. (ර)