ඕස්ට්‍රේලියා ගුවන් හමුදාවට චීනය අනතුරු ඇඟවූ බව චීන පුවත්පත් වාර්තා කර ඇතැයි ඕස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා කියයි.
ඕස්ට්‍රේලියා රාජකීය ගුවන් හමුදාවට අයත් නියමු සහිත නිරීක්ෂණ යානයක් වියට්නාමය, තායිවානය, මලයාසියාව, පිලිපීනය යන රටවල දේශසීමාවලින් වටවී තිබෙන දකුණු චීන මුහුදේ ඉදිකැරෙන ව්‍යාපෘතියක ඔත්තු බැලූ බවට චීනය චෝදනා කරයි.
එම යානය උඩුගුවනේදීම විනාශ කර දැමීමේ හැකියාව ඇතැයි ‘ද ග්ලෝබල් ටයිම්ස්‘ පුවත්පත වාර්තා කර තිබිණි.
ඕස්ට්‍රේලියා ගුවන් හමුදා පුහුණූවක් ලබමින් සිටින බවත් ජාත්‍යන්තර ගුවන් නීතියට අනුව එම සීමාවේ ගමන් කළ බවත් එක්සත් ජාතීන්ගේ සම්මුතියට හා එහි නීති රීතිවලට අනුව සාමාන්‍ය පියාසර කිරීමක් කළ බවද නියමුවා බීබීසී සේවයට පවසා ඇත.
මෙය නොවැම්බර් 25 හා දෙසැම්බර් 4 යන කාලවකවානුවේ සිදුවූ සිදුවීමක් බවත් ඇමරිකාවේ වාර්තා අනුව එම ප්‍රදේශය ගුවන්යානාවලට ගුවනේදීම ඉන්ධන ලබාදීමටත් අනෙකුත් අවශ්‍යතා සඳහාත් නිදහස්ව තබාගත යුතු ප්‍රදේශයක් බවත් ඕස්ට්‍රේලියා ආරක්ෂක දෙපාර්තමේන්තු ආරංචි කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමල්, අපි දැන් චීනය හැර ඔය කියන අනෙක් රටවල කොළනියක් වෙලා නැද්ද? (නි)
චීනය ඈත අතීතයේ සිටම තාක්ෂණය තිබුන රටක්. සමහරු සිතනවා බටහිර රටවල් සහ ඇමරිකාව තමා සියලු තාක්ෂණ සොයාගත්තේ කියා. එහෙත් ඇත්ත වෙන ජාතිකයන් සොයාගත් තාක්ෂණය බටහිර රටවල් සහ ඇමරිකාව මුදලක් දී එහි අයිතිය ගැනීමයි. පසුව එය ඔවුන්ගේ නිෂ්පාදන සැටියට ලෝකයට ඉදිරිපත් කර විශාල මුදල් උපයනවා. (නි)
මේ කට්ටිය වාද කලාට කව්රුවත් කතාකලේ නැහැ දෙගොල්ලන්ගේ දේශපාලන දැක්ම එතන තමා වරද , කාගේ දැක්මද වඩා ලෝකෙට සුබ (අ)
ඇමෙරිකාවේ උගන්වන දේවල් ලංකාවේදී පාසල් වලින් ඉගෙනගෙන, ඔවුන්ගේ බෙහෙත් බීලා, ඔවුන් හොයාගත් තාක්ෂණයෙන් චිනේදී හදපු මැෂිමක් පාවිච්චි කරලා අපේ අය ඔවුන්ටම බනිනවා. ඔය ඔක්කොම ලොකු රටවල් එකයි. එක වල්ලේ පොල් වගේ. එක්කෝ දෙගොල්ලොම හොඳයි, නැත්නම් දෙගොල්ලොම නරකයි (නි)
එක එක්කෙනා මොනවා කීවත් ලංකාවේ කෙනෙක් පිටරටක ජීවත්වීමට වීසා ඉල්ලනවානම් ඉල්ලන්නේ බටහිර රටකට මිසක් චීනෙට හෝ රුසියාවට හෝ වියට්නාමයට නම් නොවෙයි. එක එක කොමෙන්ට් දැම්මට යන්න හදන්නේ ඇමරිකාවට, එංගලන්තයට , කැනඩාවට, ජපානයට වගේ රටකටයි. (ර)
නිපුන සහ නාමල් යන දෙදෙනාම , චීනයට කිසියම් බියකින් පසුවන බව පේනවා , මම ජිවත් වන්නේ බටහිර රටක වුණත් , මම දන්නවා මෙම රටවල් 3 වන ලෝකය ඔවුන්ගේ ආධිපත්‍ය සඳහා ගැන බව , මම ප්‍රංසයේ ජිවත් වුණත් එම රටින් යැපුනත් , මම ආසයි චීනය ආසියාවේ සහ ලෝකය බලවතා වනවාට , බටහිර රටවල ආදාර සහ චීනයේ රුසියාවේ ආදාර වල විශාල වෙනසක් තිබේ , බටහිර රටවල් අපට ආදාර දෙන්නේ කඩචෝරු ඔවුන්ගෙන්ම මිලදී කන්නටය , එහෙත් චීනය රුසියාව වෙනි රටවල අපට අදාර කරන්නේ අපේ පයින් අපටම සිටගෙන අපේ නිෂ්පාදන වලින් අප ගොඩ ගන්නය , වෙනස එකයි , වටහා ගන්න අමාරු එති නාමල් සහ නිපුනට (අ)
ලංකාව බටහිර , චීනය , ඉන්දියාව හෝ ලෝකයේ කිසිම රටක ගැත්තෙක් නොවී සියලු රටවල් සමඟ සහයෝගයෙන් තමන්ගේ රටේ ආර්ථිකය හදා ගන්න ඕනේ . (ම)
චීනය නොහිටින්න අද අපි බටහිර කොලනියක් වෙලා. (ම)
නාමල්, ඔබේ කතාව ඇත්ත... සමහරුන්ගෙ බටහිර විරෝධය දැක්කහම හිනා යනවා. ලංකාවට නිදහසින් පසු වැඩිපුරම ආධාර දී ඇත්තෙ බටහිර රටවල්. ඒ රටවලට වීසා දෙනවා කිව්වොත් යන්න පොරකනවා, නමුත් තරුණ කාලේ කටපාඩම් කරවපු සමාජවාදය, බටහීර විරෝධය ගිරවු වගේ මෙතැන කියවනවා... (නි)
නාමල් වගේ අය ලංකාවේ සිටිනතුරු ලංකාවටත් ගොඩඒමක් නැහැ (නි)
ඔන්න ඔන්න ඕස්ට්‍රේලියාව ඉල්ලගෙන කන්න හදනවා. (නි)
නාමල්, දැනටම ඇමරිකාව, යුරෝපය, ඉන්දියාව වගේ රටවල් අපිව ඒගොල්ලන්ගේ කොළනියක් කරගෙන කියලා ඔයාට පෙනෙන්නේ නැද්ද? (නි)
එකාධිපති චීනය තමන්ගේ තරම දැනගෙන හැසිරිය යුතුයි.. ඇමරිකාව, යුරෝපය, , ඉන්දියාව වගේ රටවල් නොහිටින්න චීනය අපිවත් ඔවුන්ගේ කොලනියක් කරගෙන (අ)
ඇමරිකාව සහ ඉන්දියාව යැපෙන්නෙත් ඒකාධිපති චීනයෙන් තමයි. නමුත් ඉන්දියාවට අපේ චීන ගනුදෙනුව පෙන්නන්න බැහැ. මොකද ඔවුන්ගේ ජරාව විකුණාගන්න තැනක් අහිමිවෙන නිසා. (නි)
නාමල්, ඔබ වගේ යුරෝපයට, ඇමරිකාවට ආවඩන පිරිස නිසා ලංකාවට මේ පවතින ක්‍රමයට ගමන් කළොත් ඉදිරියේදී අත්වන ඉරණම බොහෝ කණගාටුසහගතයි. චීනයත් ,රුසියාවත් නිසා ආසියාතික රටවල් යම් ප්‍රමාණයකට ආරක්ෂා වෙන බව අමතක නොකරන්න. (නි)
ඇමෙරිකාව,එංගලන්තය, ආසියාවේ හා ලතින් ඇමෙරිකාවේ දියාගෝ ගාෂියා,ෆෝල්ක්ලන්ඩ් වැනි තැන්වල කඳවුරු පවත්වාගෙන යනවා නම් චීනා කළාම තරහා යන්නේ මොකද? (නි)
හැබැයි ඉතින් එංගලන්තේ හිටපු අගමැති කෙනෙක් වන විල්සන් චර්චිල්ම තමයි කියලා තිබුනේ චිනෙත් එක්ක පැටළෙන්න යන්න එපා, උඹලගේ උණ්ඩ ඉවරවුණත් චිනේ මිනිස්සු ඉවරවෙන්නේ නැහැ කියලා.ඒක හින්දා ප්‍රවේශම කෝකටත් හොඳයි නේද? (නි)
නාමල් හීනෙන් බයවෙලා වගේ. ආසියා කලාපයේ මේ වාගේ බලවතෙකු සිටීම ගැන අප සන්තෝෂ වෙන්න ඕනෑ. නැත්නම් අද අපි ඉන්දියාවේ කොළනියක් වෙලා. නැත්නම් ,බටහිර රටවල වහලුන් වෙලා (නි)
මොනවා කළත් ප්‍රවේශමෙන්! (නි)
අනේ නාමල්.....! (නි)
චීනයේ ශක්තිය අවතක්සේරු කිරීමේ විපාක තව නොබෝ කලකින් තේරුම් ගැනීමට හැකිවනු ඇත. නොබැඳි ජාතීන්ගේ නායිකාව මැදිහත්ව එදා ඉන්දු - චීන ප්රශ්නය නොවිසඳුවා නම් අද ඉන්දියාවක් ඉතුරු නොවීමට ඉඩ තිබුණි. චීනය නොමැති ලෝකයක් ගැන සතුරු රටකවත් අද සිතන්නේ නැත. (නි)
ඔව් නේද නාමල් චීන කොලනියක් වෙනවට වඩා ඇමෙරිකා කොලනියක් වෙන එක හොදයි නේද .....එතකොට අපි පොෂ් නේ.(අ)
එකාධිපති ඇමරිකාව තමන්ගේ තරම දැනගෙන හැසිරිය යුතුයි. චීනය, රුසියාව වගේ රටවල් නොහිටින්න ඇමරිකාව අපිවත් ඔවුන්ගේ කොලනියක් කරගෙන (අ)