ඕස්ට්‍රේලියා ආදිවාසීන් ගේ වත්මන් උරුමක්කාරයින් ඕස්ට්‍රේලියා දිනයට සමගාමීව මහා බ්‍රිතාන්‍යයේ ජනසංහාර ක්‍රියාදාමය හෙළා දකිමින් වික්ටෝරියා පාර්ලිමේන්තුව ඉදිරිපිට දී උද්ඝොෂණයක් කළහ.
හිරු නොබසින අධිරාජ්‍යය ලෙස හඳුන්වන මහා බ්‍රිතාන්‍යය ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන් කෘෘර ලෙස මරා දැමීමෙන් අනතුරුව ඉතිරි වූ බොහෝමයකගේ මානසික හා කායික ශක්තියද බ්‍රිතාන්‍යයන්ගේ අවශ්‍යතා සඳහා උදුරා ගත් බව ඔවූහු චෝදනා කළහ.












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයිට් කන්ට්‍රි බ්ලැක් හිස්ට්‍රි ! (බ)
මේ ආදිවාසීන් 19 වෙනි ශතවර්ශයේත් අද නිරුවත්ව, සතුන් අල්ලා පුළුස්සා කමින් වනචාරීන් විදිහට ජීවත් වෙච්ච අය.. සුද්දන්ට පින්සිද්ද වෙන්න තමා මේ අය ශිෂ්ටාචාර ගත වුනේ.. දැනටත් මේ ආදිවාසීන්ට විශේස වරප්‍රසාද ඕස්ට්‍රේලියානු රජයෙන් දෙනවා.. (කෞ)
ඕකම නොවේද එදා අපේ රටටත් වුණේ? (අ)
අපේ රටේ සමහරු ඕස්ට්‍රේලියා ගිහින් සුද්දන්ට කත් අදිනවා. ආදිවාසීන් තමා ඕස්ට්‍රේලියාවේ උරුමක්කාරයෝ. සුදෝ නෙමේ. මගේ ආදිවාසීන්ට. (බ)
සුද්දෝ ගිය ගිය තැන උරුලෑවා වගේ ගඳ ගස්සපු ජාතියක් (නි)
මේ එංගලන්ත ජාතිකයන් සහ එංගලන්ත සම්භවයක් ඇති ඕස්ට්රේලියානුවන්ම නේද අපිට බණ කියන්න එන්නේ? වැදි බණ කියන්නේ මේවට තමා (නි)
සුසිල්, නමුත් සුද්දන් විසින් ආදිවාසීන් සමුල ඝාතනය කිරීම අනුමත කරන්න බැහැ. ශිෂ්ටාචාරගත වීම හෝ නොවීම තීරණය කළයුත්තේ සුද්දන් නොවේ (නි)
මම ජීවත් වෙන්නේ උතුරු ඕස්ට්‍රේලියාවේ. මම මෙහෙට එනකොට ආදිවාසීන් ගැන දැනගෙන හිටියේ නැහැ. අවුරුදු හැත්තෑදාහක පමණ ඉතිහාසයක් මොවුන්ට මේ රටේ තියෙනවා. හිතාගන්නත් අමාරුයි ඔවුන්ගේ ආධ්‍යාත්මික් දියුණුව ගැන. ඔවුන් ස්වභාව ධර්මයත් සමඟ ජීවත්වන ලොව පැරණිම සංස්කෘතියට හිමිකම් කියනවා. ඔවුන්ගේ නෑටුම්, චිත්‍ර සෑම දෙයක්ම විශේෂයි. මම පුදුම විදියට මොවුන්ට ගරුකරන්නේ. (නි)
ආර්ථික වහල් බැමිවලින් දුක්විඳින ජනතාව ලෝකයේ සෑමතැනම තවමත් සිටිනවා. (නි)
මට මතක හැටියට 2008 දී , ඕස්ට්‍රේලියාවේ අගමැති වරයාව සිටි කෙවින් රඩ් මහතා ,පාර්ලිමේන්තුවේදී " අබෝරිජින් " ආදිවාසි ඔස්ෙට්ර්ලියානුවන්ගෙන් සමාව ඇයද සිටියා, සිදුවුණු සියලුම වැරදිවලට. නමුත්...දැනට අවුරුදු 250 කට විතර උඩදී, ඔස්ට්‍රේලියාව සොයාගත්, ,එංගලන්තයෙන් ආ කපිතාන් ජේම්ස් කුක්, ඔස්ට්‍රේලියාවට රැගෙන ආවේ මහා දාමරිකයින් පිරිසක්. (බ)
අබෝරිජින්වරු වතුර බොන ගංගා ඇල දොළ වලට වස මුසුකලා ..මේ කිසිත් නොදත් ඒ අසරණයින් සිය දහස් ගණනක් මියගියා. ඇල්කොහොල් පානය "හඳුන්වා දුන්නා.මෙය ඉංග්‍රීසි කාරයෝ අපේ රට යටත් කරගැනීමටත් යොදාගත් උපක්‍රමයක්.ඒ අතරම " දුම්පානය " හඳුන්වා දුන්නා. වර්තමාන ඕස්ට්‍රේලියානු රජයන් මේ අබෝරිජින්ලාට බොහෝ උපකාර කරනවා.නමුත් මේ සමාව ඉල්ලීම කළ යුතුයි.....මොකද අපි දැන් ජීවත්වන්නේ නවයුගයක නිසායි. එහි වහල්බැමි නැතිබවත් කියවෙනවා. නමුත් ආර්ථික වහල් බැමිවලින් දුක්විඳින ජනතාව ලෝකයේ හැමතැනම සිටිනවා. (බ)