අමෙරිකා ජනපති බැරක් ඔබාමා තමාගේ කලිසම් සාක්කුවේ නිරන්තරයෙන් බහා තබාගෙන යන යන තැන රැගෙන යන විශේෂ මතක සටහන් කිහිපයක් පිළිබඳව එරට රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
ඔහුගේ දේශපාලන ජීවිතයේදී මුණ ගැසුණු ලොව ප්‍රබල චරිත කිහිපයක් ඔහුට තෑගි කළ මහාර්ඝ වස්තු ඔහුගේ කලිසම් සාක්කුවේ ඇති බවත් ඒ අතර බුදු පිළිමයක්ද ඇති බවත් ඔබාමා පවසා ඇත.
බෞද්ධ භික්ෂුවක් ඔබාමාට එම බුදු පිළිමය තෑගි කර ඇත. ප්‍රැන්සිස් පාප් වහන්සේ ඔබාමාට ලබාදුන් කිතුනු මාලයක්, කාන්තාවක දුන් හනුමන් දේවරූපයක්, කුරුසයක් ආදී ආගමික සංකේතද තවත් ද්‍රව්‍යද ඔහුගේ සාක්කුවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මෙතන ලොකු බෞද්ධයෝ කියයි සාක්කුවේ දැමීම පවක් කියල (බ)
මම හිතුවේ සාක්කුව ඉරිලා නිසා කියල (බ)
කව්ද දන්නේ පොකට් බිලියඩ් ගහනවද කියල. (බ)
මම හිතුවේ අපෙන් ඉගෙනගෙන අර වශී බෝලයක් සාක්කුවේ දාගෙන ඉන්නවා වෙන්න ඇති කියලයි. (නි)
අපේ උතුමන්ලා කරන දේවල් දකිද්දී ඒ උතුමා බුදු පිළිමයක් ළඟ තබාගැනීම පැසසිය යුතුයි. (නි)
ලංකාවේ නම් අත්අඩංගුවට ගනී, බුදු පිළිමයක් සාක්කුවේ දාලා අපහාස කළා කියලා (නි)
ඒ කියන්නේ ඔහු සියළු ආගම් වලට ගරුකරන කෙනෙක් (නි)
සම්මා සම්බුදු බුදු පියාණන්ගේ පිළිරුවෙහි ඇති කරුණා ගුණමහිමය ගැන එතුමා දැනුවත්වෙලා ඇති... (නි)
මම එය ඡායාරූපයක දැක්කා. එය ඉතා කුඩා බුදුපිළිම වහන්සේ නමක්. (නි)
ලංකාවට ආවානම් අපිත් දෙනවා සුළු ත්‍යාගයක්.(ම)