බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි විලියම් කුමරු පුද්ගලික ආයතනයක සේවය සඳහා යාමට සූදානම්ව සිටියි. ඔහු සේවය කිරීමට අපේක්ෂා කරන්නේ ගුවන් ගිලන්රථ නියමුවකු ලෙසින්යැයි එරට මාධ්‍ය වාර්තා කරයි. බ්‍රිතාන්‍ය කිරුළට සෘජුව හිමිකම් කියන්නකු මින් පෙර මෙවැනි සාමාන්‍ය රැකියාවක නිරතවී නැත.
රාජකීය ගුවන්හමුදාවට බැඳී සිටි විලියම් කුමරු මීට ඉහත දී ගවේෂණ හා මුදවාගැනීමේ නිලධාරියකු ලෙස සේවය කළේය. සැප්තැම්බර් මස මුල දී කුමරු නව රැකියාව සඳහා පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය. කෙසේ වෙතත් කුමරු රැකියාවෙන් උපයන වැටුප අසරණ සරණ ව්‍යාපෘති සඳහා යොදවන බව පවසයි.
ඔහුගේ රැකියා ස්ථානය ඇත්තේ කුමරු ගම්බදව ජීවත්වන ක්වීන්ස් සැන්ඩ්රියැහැම් වතුයාය ආසන්නයේ ය. මේ හේතුවෙන් විලියම් කුමරුට අවුරුද්දක් වයසැති ජෝර්ජ් පුතු සමග වැඩි කාලයක් ගත කිරීමට හැකිවනවා ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මෙයා අර ලංකාවේ ෆිල්ම් එක බලලා. මම රාජ කුමාරයෙක් නෙමෙයි ගමේ කොල්ලෙක් කියල කියන කෑල්ලට ආස හිතිලා.." ආ එහෙම ෆිල්ම් එකක් ලංකාවේ තිබුනද ඒ කොයි කාලේද ? (නදී)
ලංකාව සහ බටහිර රටවල වෙනස මේකෙන්ම පේනවා. බටහිර රටවල රාජ්‍ය නායකයන්ගේ පවුලේ අය ගැන එම රටවලම කිසිවෙක් නොදන්නා තරමට ඔවුන් නිහඩයි. ගෙවන්නේ සාමාන්‍ය ජිවිතයක් (නි)
කුමරුට බයයිද දන්නෙ නැහැ අනාගතය ගැන? (නි)
එංගලන්තේ එහෙම වුණත්, ලංකාවේ එහෙම වෙන්නේ නෑ... (නි)
ශ්‍රි ලංකාවේත් එහෙමනේ... (නි)
මේ මාර සාමාන්‍ය රෑකියාවක් නේ (අ)
ඒකට අපේ රට? (නි)
මොන රටෙත් සමහර දේශපාලකයෝ කාලෙකට ඔය වගේ ඇක්ටින් දානවා. (නදී)
නුවන්, ලංකාවේ එහෙම වෙන්නේ නැත්තේ මොකද? ඔය සමහර දේශපාලකයෝ ඒවගේ බයිලා ගහන්නේ හිටපු ගමන්. මතකද අර කොළඹ මහ පුටුවේ හිටපු එක්කෙනා. ත්‍රීවීල් ජොබ් එකකට යනවයි කිව්වේ? (නදී)
රැජිණ ඔටුන්න අතාරින්නෙත් නෑ. චාල්ස් කුමාරයා කවදා රජ වෙයිද කියන්නත් බෑ. ඉතින් විලියම් කුමාරයා හිතන්න ඇති රැකියා වරහිත ලැයිස්තුවේ ඉන්නවට වඩා, මොකක් හරි ජොබ් එකක් කරන එක හොඳයි කියල. (දී)
කුමාරයට ටික දවසකට වැඩ ඉගෙන ගන්න, අත්දැකීමක් ලබාගන්න හිතිල වෙන්න ඇති. ඕක අපේ ළමයි ජිම් එකට යනවා වගේ දෙයක්. හැමදාම කරන එකක් නෑ. (නදී)
රටක් පාලනය කරන්න එනකොට හැමදේම ඉගෙනගෙන ඉන්න ඕන. පොත්පත වගේම සමාජයේ තියෙන දේවලුත්. ඒක නිසා වෙන්න ඇති. (නදී)
අපේ රටේ හොයන්නේ සුපිරි රැකියානේ. එයාලගෙන් ඉගෙනගන්න බොහෝ දේවල් තිබෙනවා. ඒක ඇත්ත. (නි)
අපේ සමහර මෝඩ මිනිස්සුන්ගේ හිතේ රජ පවුල වැටිලා කියල. මේකෙන් පෙන්වන්නේ එයාලගේ නිහතමානිකම. මේ නිසා තමයි ඒ රටවල මිනිස්සු ලජ්ජා නැතුව ඕනෑම රැකියාවක් කරන්නේ. ඒ රටවල දියුණුවේ රහස එයයි.(නදී)
ඔයාල හිතන් ඉන්න හැටි වැරදියි. එයාට දේශපාලනේ කරන්න ඕනා නැහැ. දැනටමත් ඔටුන්න හිමි කුමාරයා. එ්ක තමයි නිහතමානී කම කියන්නේ. ඔයිට වැඩිය හොද රැකියාවක් කරන්න බැරුවද. ලෝකේ හොදම විශ්ව විද්‍යාලයක උපාදියක් අරන් තියෙද්දී අපේ දේශපාලුවෝ ගානට දාන්න එපා. ඇෆ්ගන්, එකේ යුද්දෙට ගියා. හරියට නොදැන කතා කරන්න එපා. (නදී)
හා,හා,හා,හා, ලංකාවේ එහෙම උනත් එංගලන්තේ එහෙම වෙන්නේ නැහැ (නදී)
අසංක, ඔබ කරුණු හරියට දන්නේ නැතුව අදහස් දක්වල තියෙන්නේ. විලියම් කුමාරයා ඇෆ්ගන් යුද්ධයට ගියා වගේම හැමදෙයක්ම ඉගෙන ගන්න බව මේකෙන් පේන්නැද්ද? (නදී)
රැකියාව රැකියාවමයි.ඔය රටවල ලොකු පොඩි රැකියා කියලා නැහැනේ. ඒක තමයි දියුණුවේ රහස. (නි)
මොකද්ද ඒ රැකියාව මට තේරුනේ නැහැ (දී)
රජ පවුල් වලට අපල යුගයක් . (නි)
අපේ අය නම් මෙවැනි රැකියාවක් කරයිද? (නි)
මෙන්න මිනිස්සු! (නි)
සුද්දාගෙන් ඉගෙනගන්න තව බොහෝ දේ තිබෙනවා. (නි)
අපරාදේ! එයාටත් ඇමති කෙනෙක් වෙන්න හරි එහෙමත් නැත නම් ලේසියෙන්ම නීතිඥයෙක් වෙන්න හරි පුළුවන්කම තිබුනනේ! (ස)
දේශපාලකයන්ගේ පොත්. ලංකාවෙත් ඔහොම උනා. (නදී)
රුක්ෂාන්, එංගලන්තේ නීතිඥයෙක් වෙන්න ඕන නම් ප්‍රශ්න පත්තරේට තමන්ම උත්තර ලියන්න ඕනෑ, ලංකාවේ වගේ යාලුවෙක් ලවා උත්තර ලියලා නීතිඥයෙක් වෙන්න බැහැ (නදී)
මෙයා අර ලංකාවේ ෆිල්ම් එක බලල.... මම රාජ කුමාරයෙක් නෙමෙයි ගමේ කොල්ලෙක් කියල කියන කෑල්ලට ආස හිතිලා.... (දී)
අපේ රටේ අයත් ඔය වගේමයි. (නි)
රාජාණ්ඩු ක්‍රමය ටිකෙන් ටික බිද වැටීමක් තමයි මටනම් පෙන්නේ (දී)
මට පිස්සු හැදීගෙන එනවා (දී)
රැජින විරුද්ද නැද්ද (දී)
නියමයි නියමයි (දී)
මේ තමයි මිනිස්සුන්ගේ නිහතමානිකම ......(දී)
අපේ කම්මැලියන්ට හොද පාඩමක් නිහතමානී ආදර්ශයක් (අ)
අනේ අපොයි රජ පවුලට ගිය කලක් (දී)
මහ රැජිනට දුක හිතිලා ඔටුන්න ඉක්මනටම දේවි (දී)