දකුණු සුඩානයේදී පරීක්ෂණ මෙහෙයුමක නිරතවෙමින් සිටි එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවට අයත් හෙලිකොප්ටරයට පහරදී බිම හෙළු පිරිසට වහාම දඬුවම් දෙන්නැයි රුසියාව දකුණු සුඩානයෙන් ඉල්ලා සිටී.
එම සිද්ධියෙන් හෙලිකෝප්ටර් යානයේ ගමන්ගත් රුසියානු ජාතිකයක් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන්ට එරෙහිව වහාම පරීක්ෂණ පවත්වා දඬුවම් කර නැවත දකුණු සුඩානය තුළ මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට කටයුතු කරන්නැයි රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
අපි‍්‍රකානු රාජ්‍යය තුළ සිදු වූ මෙම ප්‍රහාරයත් සමඟ එ.ජා. සාමසාධක මෙහෙයුම්වල ආරක්ෂාව පිළිබඳ ගැටලූ රැසක් මතුව ඇති බව එම නිවේදනයේ දැක්වේ.
එ.ජා සාමසාධක මෙහෙයුම්වලට සම්බන්ධ සියලූ දෙනාගේම ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව දකුණු සුඩාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.
එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී මූන්, එ.ජා. ආරක්ෂක මණ්ඩලය සහ ඇමෙරිකාව මෙම ප්‍රහාරය හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කළේය.
හෙලිකොප්ටර් යානයට ප්‍රහාරය එල්ල වූ ජොංග්ලි පළාත නිරන්තරයෙන් වාර්ගික ගැටුම් හට ගන්නා ප්රදේශයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක බලවතාට කියන්න (දී)
ෂෙරිෆ්, ලෝක බලවතාට මේ දවස්වල නොසෑහෙන ප්‍රශ්න. ඒ නිසා කරදර කරන්න එපා. (නි)