එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඊයේ (25) ආරම්භ වූ අතර ඊට සහභාගීවීමට ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට පැමිණි ඉරාන ජනපතිට විරෝධය පළ කරමින් විරෝධතා රැලි පැවැත්විණි.
එම විරෝධතා පැවැත් වූයේ ඉරාන ජනාධිපති මොහොමඞ් අහමදිනෙජාද් නැවැතී සිටි වෝවික් හෝටලය ඉදිරිපිටය. නිව්යෝක් පොලිසිය පැවැසුවේ විරෝධතාවට සිය ගණනක් දෙනා සහභාගී වූ බවය.
ඇමෙරිකානුවන්ට අමතරව ඉරානයෙන් පිටුවහල් වී ඇමෙරිකාවේ ජීවත් වන ඉරාන විපක්ෂ කි‍්‍රයාකාරීන් ද විරෝධතාවට එක් ව සිටි බව වාර්තා විය.
විරෝධතාවට එක් ව සිටි ඇතැම්හු ජනාධිපති අහමදිනෙජාද්ගේ මුහුණට සමාන අයුරින් වෙස් මුහුණු පැළැඳි සිටියහ.
ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් බවත්, ලෝකයට ත්‍රස්තවාදය පතුරුවන්නේ ඉරානය බවත්, ජනපති අහමදිනෙජාද් යක්ෂයකු බවත් පවසමින් ද තවත් විරෝධතාකරුවෝ පිරිසක් කෑ කෝ ගසන්න වූහ.
2005 වසරේ ජනපතිධුරයට පත් වීමෙන් පසු ඉරාන ජනපති අහමදිනෙජාද් සෑම වසරකම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සහභාගී වී සමුළුව අමතා ඇත. මෙවර ඔහු එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගී වන්නේ අවසන් වතාවටය.
පසුගිය වසරවල සමුළු ඇමැතූ සෑම අවස්ථාවකදීම ජනපති අහමදිනෙජාද්, ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාධක සම්බන්ධයෙන් ඇමෙරිකාව සහ ඉරානයේ සතුරා වන ඊශ්‍රායලයට බැණ වැදුණේය.

1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ ගෙදර දේවල් ගැන බලා අනුන්ගේ දේවල් නොසොයා ඉන්නවා නම් තමා හොද, ඇමරිකානුවනි. (නි)
මට හිතෙන විදියට කවදාහරි ඇමරිකාව පාඩමක් ඉගෙන ගන්නෙත් ඉරානයෙන් තමයි. (නි)
ඔව් ඉතින් ඇමරිකාවට විරුද්ධනම් එයා ත්‍රස්ථවාදීන්ට උදව් කරනවා, භයානක අවි තියෙනවා. පක්ෂයිනම් එයා සාන්ත දාන්තව ඉන්නවා..(ස)
ඇමරිකාව මොනවා කරයි ද (අ)
මතකනේ යුද්ධය අවසානයේදී ඇමරිකාව දාපු ලෙඩ. (නි)
අපිට මොකද අනේ
එඩිතර ඇමරිකානු විරෝධියෙක්.. ජය වේවා..! අහමඩ් (නු)
ඇමරිකාව ලෝකෙ තියෙනකල් අනික් රටවල් වලට වෛරස් බෙදන එක නවතින්නෙ නැහැ. (නි)
ඊලඟ ඉලක්කය (ස)
කරන දේ කියන කියන දේ කරන ශක්තිමත් නිර්භීත නායකයෙක්..! (නු)
අද නම් ලියලා තියෙන ප්‍රතිචාර ටිකක් බුද්ධිමත් විදියට ජාතිවාදයෙන් තොරව ලියලා තියෙනවා. (නි)
අහමදි නෙජාඩ් හොදයි. ගඩාපි හොදයි .බින් ලාඩන් හොදයි. සදාම් හුසේන් හොදයි. මම ජාතිවාදී නෑ නේද හිල්මි? (ස)