පසුගියදා සැමරුණු ගිනස් ලෝක වාර්තා පොතේ 60 වැනි සංවත්සර උත්සවයේදී ලොව උසම මිනිසා හා ලොව මිටිම මිනිසා එකිනෙකා හමුවූහ.
අඩි 8 යි අඟල් 1 ක් උස තුර්කි ජාතික සුල්තාන් කොසෙන් ඉදිරියේ අඟල් 21.5 ක් උස නේපාල ජාතික ඩන්ගි සිටින අයුරු කුඩා කළ නැරඹූ ගලිවර් චිත්‍රපටයේ ගලිවර් ඉදිරියේ ලිලිපුට්ටන් සිටි ආකාරය සිහිගැන්වීය.
ඔවුන් දෙදෙන මෙසේ හමුවූයේ ප්‍රථම වතාවටය.අතට අත දෙන්නට යෑමේදී සුල්තාන්ට බිමටම නැමෙන්නට සිදුවූවත් එය ඔහුට ගණනක් නොවුනි.ලොව කුඩාම මිනිසා හමුවීමේ ආශාවෙන් තමන් පෙළුනු බව ඔහු කීය.
ඩන්ගි නම් වැඩි අදහස් පළ නොකළේය.මේ යෝධයා ඉදිරියේ ඔහු බියපත්ව සිටින බවත් පෙනුණි.
සුල්තාන් කොසෙල් ලොව උසම මිනිසා වීමේ ලෝක වාර්තාවට හිමිකම් කීවේ 2009 වසරේදීය.ඒ දක්වා ලෝකයේ උසම මිනිසාව සිටි අඩි 7 යි අගල් 8 ක් උස චීනයේ ෂි සුන්ග් ගේ කිරුළ ඔහු සතුකර ගත්තේය.
ලෝකයේ උසම මිනිසා වීමේ වාර්තාවට අමතරව ඔහු ලෝකයේ විශාලම දෙඅත් හිමි මිනිසාවීමේ වාර්තාවටද හිමිකම් කියයි.ඔහුගේ අතක මැණික් කටුවේ සිට මැදැගිල්ලට ඇති දුර අඟල් 11.22 කි.
නේපාල ජාතික චන්ද්‍රා බහදූර් ඩන්ගි 2012 වසරේ සිට ලෝකයේ මිටිම මිනිසා වීමේ වාර්තාව තමන් සතුකරගෙන සිටින්නෙකි.ඔහුගේ පවුලේ සාමාජිකයින් සියලූදෙනා සාමාන්‍ය උසක් ඇත්තවුන් වන අතර ඩන්ගිට පමණක් මෙසේ අස්වාභාවික මිටි බවක් ලැබුණේ ඇයිදැයි මේ දක්වාම පැහැදිලි කරගැනීමට හැකිව නොමැත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙන්න ඇති. (ර)
හරිම සුන්දර, හදවත රිදුම් දෙන හමුවීමක් . මගෙන් සුබ පැතුම් මේ දෙන්නටම (අ)
රත්නායකගෙයි අජිත්ගෙයි කුහකත්වය එළියට පැන්නා. ඔවුන්ගේ ප්‍රසිද්ධියට මොන විදිහටද පහරගැසිය යුත්තේ කියා සිතීමේ ප්‍රතිඵල. (නි)
නිශා,මෙය දෙවියන් වහන්සේගේ කාරුණික කැමැත්තමද? (නි)
හරිම සුන්දර හමුවීමක් (නි)
නියම දසුනක් (නි)
මිනිසුන් විවිධාකාරයි (නදී)
අනේ ඇත්තට, මෙහෙමත් දේවල්! (නි)
බලන්නකෝ ඔවුන්ගේ පෙනුම! (නි)
මිනිසුන්ගේ දෛයිවය පුදුමාකාරයි. (ර)
අනුකම්පාව දැනෙනවා. එත්, ඔටිවයි වටුවයි මතක්වෙනවා.(හේ)
මහින්ද මහත්තයයි පොදු අපේක්ෂකයි වගේ..(හේ)
මේවා දැකපුවාම හරිම සංවේදී බවක් දැනෙනවා. සංසාරයේ අනිත්‍ය බව වෙනාදාට වඩා දරුණුවට මට දැණුනා. (අ)
හිතාගන්න අමාරුයි.(හේ)
ගිනස් පොතට ගියාට මොකෝ දෙන්නම ලෙඩ්ඩු. ලබන ආත්මෙවත් සාමාන්‍ය මිනිසෙක් වෙලා උපදින්න වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.(හේ)
රත්නායක, පෙර කළ පින් බලය වෙන්නත් පුළුවන්. මෙහෙම ප්රසිද්ධවෙලා සැප විඳින්න. අපි විඳින දහදුක් වල හැටියට. (නි)
ඒකනම් ඇත්ත රත්නායක. (ර)
මේවා පෙර ආත්ම වල කල පාප කාර්ම (දී)