හමුදා පාලනයටත්, හමුදා පාලකයන් පිහිටුවූ අන්තර්වාර රජයටත්, පටු දේශපාලනික අරමුණු වෙනුවෙන් හඬ නගන විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලටත් එරෙහිව ඇරැඹූ සටන අත් නොහරින් බව බලයෙන් නෙරපා දැමුණු ජනාධිපති මොහොමඞ් මොර්සිගේ මුස්ලිම් සහෝදරත්වය පක්ෂය කියා සටී.
ජනපති මොර්සි හමුදා කුමන්ත්‍රණයක් මගින් ඉකුත් 3 වැනිදා නෙරපා දැමුණේ, විපක්ෂ දේශපාලන පක්ෂයක් වන ‘ටැමරොඞ්’ පක්ෂය සහ එරට ප්‍රධාන සන්ධාන දේශපාලන පක්ෂය වන ඊජිප්තු ජාතික ගැලැවීමේ පෙරමුණ මැදිහත් වී පැවැති විරෝධතා හේතුවෙනි.
හමුදා කුමන්ත්රණයෙන් පසු නව අන්තර්වාර ජනපති ලෙස පත් වූ අඞ්ලි මන්සූර් ඉකුත් 10 වැනිදා නව ව්‍යවස්ථා ආඥාවක් ඉදිරිපත් කළ අතර, එය ප්‍රතික්ෂේප කරන බව ඊජිප්තු ජාතික ගැලැවීමේ පෙරමුණ සහ ‘ටැමරොඞ්’ පක්ෂය එකහෙළා කියා සිටී.
මේ වන විට මොර්සි ගේ ආධාරකරුවන් සහ මොර්සි විරෝධීන් අතර දරුණු ගැටුම් හට ගනිමින් පවතී. එම ගැටුම්වලින් 70 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇති අතර 1000 කට ආසන්න පිරිසක් හමුදා අත්අඩංගුවේ පසුවෙති. ඒ අතර, ජනාධිපති මොහොමඞ් මොර්සි ඇතුළු ඔහුගේ රජයේ ජ්‍යෙෂ්ඨයෝ ද වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුස්ලිම් කොතනද ලේ වැගිරීම් ,සටන් ඇත. සටනක් කොතනද මුස්ලිම් එතන ඇත. ලෝක සාමයට මුස්ලිම් ප්‍රජාව බරපතල තර්ජනයක් (දී)
සදුන් හරියට හරි (දී)
ගවමස් කෑමේ සාපය තමා ඔය (අ)
සඳුන්, ඔයාට අමතක උනාද ලංකාවේ අවරුදු 30 ක යුද්දය.නිකන් මෝඩයෙක් වගේ කතා කරන්න එපා. (අ)
අර්ෂා, මම කතා කලේ මුළු සමස්ත ලෝකය දිහා බලලා. අපේ රටෙත් බහුතරය මුස්ලිම් වුණා නම් තත්වය සිරියාව වගේ තමයි. (දී)
මුස්ලිම් අය තමන්ගෙ අයවත් මරා ගන්නවා. අනුන්ටත් කරදර කරනවා. මෙයාලට අවශ්‍ය වෙන මොකක්වත් නෙවෙයි. අධ්‍යාපනය. (දී)
ආදර්ශයට නම් ගන්න එපා (දී)
යුද්ධය යනු සාපයකි (දී)
දැන් එතකොට බොදු බලේට ඕනේ මොකක්ද දන්නේ නෙහෙනේ?නැත්තන් මෙච්චර කෑ ගහන්නේ? (අ)
බොදු බල සේනාවට මොකුත් කියන්න එපා (දී)
ජනතා කැමැත්තෙන් පත් වූ ආණ්ඩුවක් හමුදාව විසින් බලයෙන් පහකර ඇත.ඊජිප්තුවේ වර්තමාන කලහකාරී ගැටුම්වලට හේතුව එයයි .සදුන් කොහෙද යන්නේ මල්ලේ පොල්. (දී)
සඳුන් -එකනේ නේ මියන්මාරේ වගේ නේ ?නැද්ද කියන්නේ (අ)
මේවා ඉල්ලගෙන කන පරිප්පු. හොස්නි මබාරක් නරක මිනිහෙක වෙන්න ඇති. එත් ඇමරිකාව ලංකර ගත්තොත් කොටි වල්ගේ අල්ලගත්ත තමයි කියන එක තේරුම් ගත්තේ නැහැ විප්ලව කාරයෝ ටික. දැන් ඇමෙරිකාවේ හිතවත්තු කට්ටිය මෙහෙ "ප්‍රජාතන්තරේ" පිහිටෝල පැත්තකට වෙලා බලා ඉන්නවා කුලල් කා ගන්න හැටි. වැඩේ කියන්නේ අනික් කීප දෙනාත් මේක දැක දැක තමන්ගේ රටවලුත් විනාශ කරගත්තානේ. (අ)