ඊමේල් තාක්ෂණයේ නිර්මාතෘ රේ ටොම්ලින්සන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
මිය යන විට 74 වැනි වියේ පසුවූ ටොම්ලින්සන් ඊමේල් නිර්මාතෘවරයා මෙන්ම ඊමේල් ලිපින සඳහා @ සලකුණ යෙදීමේ මූලිකයා ද විය.
කේම්බ්‍රිජ්හි මැසචුසෙට්ස් හි කාර්යාලයේ සේවය කරමින් සිටි ඔහු පසුගිය සෙනසුරාදා හෘදයාබාධයකින් මිය ගිය බවත් එය ස්ථිර ලෙසම තහවුරු කරගෙන ඇත්තේ අද (7) බවත් විදෙස් පුවත් සේවා කියයි.
1971 දී ආපනෙට් නමින් ඊමේල් වැඩසටහන් ආරම්භ කිරීමේ පුරෝගාමියා වූ ටොම්ලින්සන් ඇමරිකා ජාතිකයෙකි. නිව්යෝක් නුවර ඇම්ස්ටඩ්රෑම් හි ඔහු උපත ලැබීය. වෘත්තියෙන් ඔහු ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවරයෙක් ද වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙරුවන් සරණයි නිවන් සුව ලැබේවා (බ)
ඔබට නිවන්සුව අත්වේවා.! (ර)
ලොවට අමිල සේවයක් කළ ඔබතුමාට මොක් සුව ......! (නි)
මොහොතකට මෙහෙම හිතන්න. ඊමේල් වලට අවුරුදු 10ක පේටන්ට් එකක් ගත්තා නම්, ඒ කාලයේ හුවමාරු වුණ එක ඊමේල් එකකින් ශත 001ක් අය කළා නම් ඔහුගේ ආදායම කොපමණ වේවිද? ඔවුන් තමන් අතට ලැබුන " සිතු පැතු දේ ලැබෙන මැණික " මිනිස් වර්ගයාගේ යහපත වෙනුවෙන් ඉවතට විසිකළ උතුම් මිනිසුන් ලෙස මම සළකන්නේ ඒ නිසයි. (නි)
ලොවටම අපමණ සේවයක් කල ඔබට නිවන් සුව අත්වේවා.(හේ)
මම ඉතාමත්ම ගරුකරන,තොරතුරු තාක්ෂණය හා ඉහළින්ම බැඳුනු නම් කිහිපයක් තියෙනවා.රේ ටොම්ලින්සන් මහතා එක්කෙනෙක්.තවත් දෙන්නෙක් නම් ඉන්ටෙර්නෙට් නිර්මාතෘ ( තව කිහිප දෙනෙක් දායක වුණා ) වින්ට් සර්ෆ් සහ ලෝක ව්‍යාප්ත අන්තර්ජාලයේ ( වර්ල්ඩ් වයිඩ් වෙබ් ) හි නිර්මාතෘ ශ්‍රීමත් ටීම් බර්න්ස් ලී යන මහත්වරුන්. මුළු හදවතින්ම "මහත්වරුන් " ලෙස ඇමැතිය හැකි මේ අය, මේ අයගේ වටිනාකම ගැන කිසිම තක්සේරුවක නොයෙදුන ශ්‍රේෂ්ඨ මිනිසුන් ලෙසයි මම හඳුන්වන්නේ.වේ අයට ඉහලින්ම හැකියාවක් තිබුනා තම නිර්මාණයට " පේටන්ට්" බලපත්‍රයක් ලබාගන්න.එසේ කළානම් අද ලෝකයේ ඉහලින්ම සිටිනා ප්රකෝටිපතියන් කිහිපදෙනා අතර ඉහලින්ම සිටින්නේ මේ අයයි.(බ)
හොඳ බුද්ධිමතෙක් ලෝකෙටම නැතිවුණේ. නිවන් සුව! අපි අතරේ යළිත් ඉපදේව (කෞ)
හොඳ බුද්ධිමතෙක් ලෝකෙටම නැතිවුණේ. නිවන් සුව! (නි)
ලෝකෙට අවශ්‍ය ඔබ වැනි වීරයන් (ම)
ලෝකය වෙනස් කළ වේගවත් කළ ඔබට නිවන් සුව ලැබේවා.(හේ)
ඔබගේ නම සදාකාලිකයි. අපගේ ගෞරවය සමග මොක්සුවය පතමු! (හේ)
ලොවට සදා පවතින සේවයක් කළ ඔබගේ නම සදාකාලිකයි. අපගේ ගෞරවය සමග මොක්සුවය පතමු! (නි)
අද මිය ගියද, ලෝකයට කළ සේවාව වෙනුවෙන් මා ඇතුළු සියලු ලෝක වාසීන්ගේ ආශීර්වාදය ඔබ තුමාට සදා කල් හිමි වෙනවා ඇත. ඔබතුමා සාමයේ සැතපෙත්වා ! (බ)
ලෝකෙට සේවයක් කර මිය ගිය ඔබ සමාදානයේ සැතපේවා (හේ)
මැතිතුමනි! ඔබට නිවන් සුව. (ර)
ලෝකෙට සේවයක් කර මිය යන මිනිස්සු ......(බ)
නිවන් සුව මහතාණෙනි.ඔබවැනි උත්සහවන්ත මිනිසුන් නිසා මේ ලොව කොතරම් පහසු විද. ඉ මේල් සියල්ල උඩු යටිකුරු කරමින් මොනතරන් වෙනසක් කලාද. මොන තරඟ නම් පිරිසක් ඔබේ සොයාගැනීමෙන් ප්‍රයෝජන ගන්නවද.ඔබට අප සම ණයයි. නිවන් සුව ඔබට.(හේ)