න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් බටහිර රටවල් පැනවූ ආර්ථික සහ වෙළෙඳ සම්බාධකවලින් මිරිකී සිටින ඉරානය, ඇමෙරිකාවෙන් තිරිඟු මිලදී ගෙන රටේ ආහාර සංචිත ඉහළ දැමීමට බලාපොරොත්තු වේ. ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් ඉරානයට එරෙහිව සම්බාධක පනවා ඇත්තේ ඉරාන පරමානු බෝම්බ නිපදවන බවත් එය ලෝකයට තර්ජනයක් බවත් පවසමින්ය. එහෙත් ඉරානය තරයේ කියා සිටින්නේ තමන් පරමාණු බෝම්බ නිපදවන්නේ නැති බවය. ඇමෙරිකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියා සිටියේ ඉරානය ටොන් 1,20,000 ක ඇමෙරිකන් තිරිගු තොගයක් මිලදී ගත් බවය. ඉරානය සහ ඇමෙරිකාව අතර සිදුවූ එම ගනුදෙනුව ඓතිහාසික වෙළෙඳ ගනුදෙනුවක් බව ද ඇමෙරිකාව වැඩි දුරටත් කියා සිටියි.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් රටවලට කිසිමගනුදෙනුවක් ඉරානෙත් එක්ක කරන්න එපා කියලා ඇමෙරිකාව කොහොමද එහෙම කරන්නේ?