ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් නිශ්චිත සීමාවක් පැනවීම පිළිබඳව ඇමෙරිකා රජය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඊයේ(11) පැවැසීය. ලොව ප්රජාතන්ත්රවාදී රාජ්‍යයන් එක්ව එවැනි පියවරක් නොගතහොත් ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන අඛණ්ඩව සිදු කරනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් නිශ්චිත සීමාවක් පැනවිය යුතු බව කී අගමැතිවරයා යම් අවස්ථාවක එම සීමාව ඉක්මවා ඉරානය කටයුතු කළහොත් එහි ප්‍රතිවිපාක අත්විඳීමට සිදුවන අයුරින් එම සීමාවන් පැනවිය යුතු බව අවධාරණය කළේය. මෙම පියවර ගනු ලබන්නේ ඉරානයට සම්බාධක පැනවීමෙන් හෝ බලපෑම් එල්ල කිරීමකින් නොවන බවත් ඔහු කීය. ඉකුත් සතියේදී ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම්වන බවට පැතිර ගිය තොරතුර සම්බන්ධයෙන් ඇමෙරිකාව තරමක් නොසන්සුන් විය. මේ වන විට ඇමෙරිකාව පර්සියා ගල්ෆ් ප්‍රදේශයේ නාවික බලය වැඩි කර තිබේ. මේ සම්බන්ධයෙන් ඊශ්‍රායල ජනපති සිමොන් පෙරේස් ඇමෙරිකාවට සිය කෘතඥතාවය පළ කර ඇති බව ද වාර්තා වේ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිලන්ත, ඒක රහසක්. (නි)
තරංගගෙ හීන සැබෑ වෙන්න ටිකක් කල් යයි..!!(නු)
ඊශ්‍රයලය ඉරානෙට බය නිසා තමයි බටහරිර රටවල සහය ලැබෙනකම් ඉන්නෙ.. නැත්නම් අනිවාර්යයෙන් ගහන බව දන්නවා..සිංහ හම පොරවාගත්තට හිවලා හිවලාමයිනෙ.. කෑ ගැහුවට බයයි.!! (නු)
අපේ අය ඒ රටේ රැකියා කරලා සල්ලි එවනකොට හොදයි.. අනේ මෙහෙමත් මිනිස්සු..(නු)
ඉරානයට ජය වේවා! (නි)
මධූ, මම හිතන්නෙ ඔයාගේ රහස තමයි ඇමරිකන්ලයි ඔයාගෙ ඇඟේ දුවන්නෙ, මම හරි නේද? (ස)
දිල්ශානි, ඔයාට සාත්තුකරන්න වෙන රටක් හම්බුවුණේම නැද්ද? එන්නකෝ මෙහාට, අපි සාත්තු කරන්නම්. (නි)
අත්පුඩි ගහන්න අත් දෙකක් ඕනෑ. (නි)
ඊශ්‍රායලයට ගහන්න ටිකක් වෙලා යයි. ලෝකෙ කොහේ රට විනාස උනාත් ඊශ්‍රායලය විනාශ වෙන්නැහැ. (ස)
නැතිනම් ලෝකෙම ඉවරයි
මහා කරදරයක් මේ න්‍යෂ්ටික අවි
ගහල ඉවරයක් කරලා දාන්න..(ස)
ඔය මුස්ලිම් තම්බියන්ට නම් ගහලා ඉවරයක්ම කරන්න ඕනෑ. (නි)
ඊශ්‍රයලය සිතියමෙන් නැති උනොත් අපිට මොකද වෙන්නේ.. මම ඊශ්‍රයල් සාත්තු සේවිකාවක්..!!(නු)
මධූ, මොකද ඔයත් ඇමරිකාවට ආවඩන්නේ?(නි)
ගැහුවොත් අපිත් ගහනවා. (නි)
ඊශ්‍රායලය සිතියමෙන් නැතිවෙලා යයි වගේ. (නි)
ඇමරිකාව විසින් මේ ත්‍රස්ත ක්‍රියා වහාම නතර කළ යුතුයි. (නි)
අවසාන මොහොත මාගේ පොරකය දෑස මානේ පෙනේවී මැවිලා ඉරානේ.... (නි)
ඇයි බයද ? (ස)
ගහල බලන්න .පුළුවන්නම් ගහන්න.කොට්ටෝරුවගේ කතාව අහල තියෙනවද (ස)
ටිකක් වෙලා යයි...(ස)