ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර සහ ඒ අවට පළාත් කිහිපයක ඊයේ (4) උදෑසන බෝම්බ 11 ක් පුපුරා ගියේය. ඉතා සැලැසුම් සහගතව සිදු කළ එම බෝම්බ ප්‍රහාරවලට 70 දෙනෙක් බිලිවූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 100 කට ආසන්නය.
ඉරාක ආරක්ෂක අංශ කියා සිටියේ, පැය දෙකක් තුළ බෝම්බ පුපුරා ගිය බවය. බෝම්බ පුපුරා ගියේ ෂියා මුස්ලිම්වරුන් ජීවත් වන පළාත්වලය.
බෝම්බ ප්‍රහාර එල්ල කරන්න ඇත්තේ සුන්නි මුස්ලිම් සටන්කාමීන් යැයි එරට ආරක්ෂක අංශ කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තියෙන්නේ නිදසුනක් අහිංසක රටක් අස්ථාවර කරපු හැටි. බොරුවට රසායනික ආයුධ සහ වෙනත් දේ තිබෙයි කියා ඇමෙරිකාව විසින් නැති කරපු රටක්. අහිංසක මිනිසුන් දිනපතා සිය ගණන් මිය යනවා. (නි)
බටහිර රටවල හිසේ මල් පිපුන වගේ ඇති.ෂියා සහ සුන්නි දෙක කොටවල දැන් පැත්තකට වෙලා හිනාවෙවී බලන් ඉන්නවා.(නදී)
සරෝජ්, දම්, ඔබ හරියටම හරි. "භේදකර පාලනය කිරීම" අකුරටම වැඩකරනවා නේද මෙතන ? ඒ මදිවට ඊජිප්තුවේ එහෙම "ප්රජාතන්ත්රවාදේ " අපුරුවට පිහිටුවල දැන් වලිකනවා සිරියාවෙත් 'පිහිටුවන්න'. ඇමෙරිකාව ලංකර ගත්තොත් සිද්දවෙනදේ ගැන ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගන්න අරාබි රටවලට බැරිවීම ලොකු අවාසනාවක්. (දී)
මේ ඇසෙන්නේ අමෙරිකාවේ තවත් යුද ජයග්‍රහනයක ප්‍රතිපලයකි. (අ)
හදනවකෝ මේවටත් චිත්‍රපටි, කෝ පිල්ලේ නිදිද (දී)
සරෝජ් ජයසේකර නිදාගෙන අවදිවී තිබෙන හැඩයි. ඊට පෙර ඉරාකයේ සාමය තිබුණාද? (නි)
මුස්ලිම් ජනයා මිය යාම ගැන කිසිවෙකු කණගාටු වීමට අවශ්‍ය නැත. අල්ලාහ්ගේ කැමැත්ත එය නම් එය සිදුවෙනු ඇත. එය අපට අදාළ දෙයකි. අපේ ප්‍රශ්න අපට විසඳා ගත හැකියි. අල්ලාහ්ගේ මාර්ගයේ නොයන මුස්ලිම් වරුන් සියළුදෙනා විනාශවූ පසු සැබෑ මුස්ලිම් ජාතිය ලෝකයේ බබළනු ඇත.(නදී)
ඔයාලගේ අදහස නම් මෝඩ අදහස් (නි)
සුනීත, ලෝකයේ හැම රටකම සාමයක් නොමැත. ඉරාකයේ තුබුණේ සදාම්ගේ ඒකාධිපති පාලනයයි. සදාම් හුසේන්ව ඒකාධිපති කෙනෙක් කළේ ඇමෙරිකාව ඇතුළු බටහිර ලෝකයයි. (නි)
මතකද ලංකාවෙත් මෙවැනි කාලයක් තිබුණා? ඇත්තටම ලාංකිකයෝ වාසනාවන්තයි.(නදී)
ශාන්, ඔබ කිව්වා වගේ මේ වගේ කාලයක් ලංකාවේ තිබුනා. අවුරුදු 5කට අඩු කාලයක් ඇතුලත ඒවා සියල්ල අපේ සිංහලයන්ට අමතකවී ගොසින්. (නි)