ඉරාකය පසුගියදා එරටදී පැවැත්වූ මුල්ම රූ රැජිණ තේරීමේ තරගයෙන් පසු එහි ජය හිමිකරගත් 20 හැවිරිදි ෂයිමා කසීම් අබ්දුල්රහුමාන් ට අයිඑස් ත්රස්තවාදීන් දුරකථන ඇමතුමක් ලබාදී තම සංවිධානයට එකතුවන ලෙස ඉල්ලා ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
අයිඑස් ත්‍රස්ත නායකයා ඇය ලිංගික වහල්කමට ගැනීමට බලාපොරොත්තුවන බව එම දුරකථන පණිවිඩයෙන් දන්වා ඇතැයි කියති.
ඉරාක කාන්තාව පිරිමි අය මෙන්ම දක්ෂ හා හැකියාවෙන් යුතු අය බව ඇය පැවසූ අතර කිරුළ හිමිකරගැනීමෙන් ලත් ජනප්‍රියත්වය රටට සහ ජනතාවට සේවයක් කිරීමට යොදා ගන්නා බව ඇය පවසා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
...දැනට සති 2 ට විතර කලින් මම කිවාසේම ...මේ සුන්දර ලඳ ගින්දර සමගයි සෙල්ලම් කරන්නේ...(ස)
මේ තරුණියගේ ජීවිතය අනතුරේ බව මට සිතේ (නි)
නිවටයන් සේ ජීවත් වීමට වඩා මිය යාම වඩා වැටී (ම)
ලංකාවේ කී දෙනෙක් දැනටමත් අයි එස් සංවිධානෙට බැඳිලද? අපේ දරුවන්ගේ අනාගතෙත් මේ වගේ වෙයි කියල බයක් නැද්ද? (කෞ)
දැනට ලංකාවේ 45 දෙනෙක් ගිහින් කියලා පත්තරේ තිබෙනවා. මේ අය ගැන දන්නවා නම් ළඟම පොලිසියට කියන්න. දෙවියන්ගේ නාමෙට මෙරට ලේ විලක් කරන්න දෙන්න එපා. ඒක හැම රටවැසියෙකුගේම යුතුකමක්. (නි)
ඔය කියන හැටියට අයි එස් නායකයා ලිංගික අවපීඩනයෙන් පෙළෙන්නෙක් යැයි සිතේ. වහාම එයට මානසික ප්‍රතිකාර දියයුතුය. නැත්නම් ඔහු අවට සිටින්නන්ද මෙම තත්වයෙන් පීඩාවිඳිනු ඇත. (නි)
අසෝක, ඔබ කියන්න වගේ මේ රට ලේ විලක් කරන්න දෙන්න බැහැ. දැන්වත් දෙයියනේ කියලා තව වැඩිපුර සිංහල දරුවන් බිහිකරලා අපේ ජාතිය අපි රැකගනිමු. (නි)
ලෝක බලවතුන් කිය කියා පම්පෝරි ගහන රටවල් වලට තාම බැරිවුනානේ මේ අයව මට්ටු කරන්න . (ර)
කසුන් සිංහල දරුවන් කොහොමත් බිහිවෙනවා.ශ්‍රිලංකාවේ ඉපදේවා සෑම දරුවෙකුම සිංහල දරුවන් තමයි.ඒ දරුවන් කුමන ආගමක් නියෝජනය කලත් ඒ සෑම දරුවෙකුම ජාතියෙන් සිංහල දරුවන් තමයි.වෙන්න ඕනේ දරුවන් බිහිවීම නෙවෙයි බිහිවෙන දරුවන් සමාජයට හිතවාදී අදහස් දරන සදාචාරාත්මක හැදියාවක් ඇතිව හැදීමයි. (අ)
තමන්ගේ ලස්සන මොකටද ලෝකෙට පෙන්නන්නේ. එකට තමයි කියන්නේ වහගන්න කියලා. තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගත යුතුයි. මේ වගේ ප්‍රශ්න වලට කොච්චර කෑ ගැහුවත් වැඩක් නෑ. ඒවාට විසදුම් ලැබෙන්නෙත් නෑ. ස්වයං ආරක්ෂාව තමයි වැදගත්ම දේ. ශරීරය ආවරණය පරිදි ඇඳුම් ඇඳීම ඉතාමත් වැදගත්. එය අතීතයේදීත් කාන්තාව ආරක්ෂා කරා. එය වර්තමානයටත් ගැලපෙනවා. අනාගතයේදීත් නිසි විසදුමක් වේවි. (ර)
ෆාර තාම ගල් යුගයේද ? මනුෂත්වය ගල් යුගයෙන් එහාට පරිණාමය වියයුතුයි. මිනිසුන් වනසතුන් වගේ නොවී, සුන්දරත්වය විනාස නොකර එය විදීමට අද්යාත්මිකව පරිණාමය විය යුතුයි. ඒවගේම මානසික රෝගීන්ට පිළිසරණ වියයුතුයි. ඔවුන්ගේ රෝගී තත්ත්ව වලින් ගොඩ ඒමට. එහෙම නැතුව අතිසාරේට අමුඩේ ගැහුව වගේ තාවකාලික විසදුම් හරියන්නේ නැහැ. බලන්න අරාබි රටවල කාන්තාවන්ට ඇතිවෙලා තියන තත්වය. පිරිමියෙක් නැතුව තනිවම ගමනක් වත් යන්න බැහැ. (අ)
යන නොයන එක එයාගේ වැඩක් (නි)
ෆාරා ඔය ගෝනි බිල්ලෙක් වගේ ඇදන් ගියාට මිනිසාගේ මනස සංවර කරගන්නකම් කිසි දේකින් ගැලවීමක් නැහැ. ඔය කියන විදියට මුස්ලිම් රටවල්වල ස්ත්‍රී දුෂණ සිදුවෙන්න විදියක් නැහැනේ. එ්ත් අපි දන්නවා මනස සංවර නැති උන්ගේ වැඩ (බ)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
අසාද්, ඔබගේ අදහසට මම ගරුකරමි. (නි)