චන්ද්‍රිකා 104ක් එක් වාරයකදි ගුවන් ගත කරමින් ලෝක වාර්තාවක් තැබීමට ඉන්දියාව සමත් වී ඇත. ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි ශිහාරි කොටා අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන් ගත කළ රොකට්ටුවක් මගින් මෙම චන්ද්‍රිකා ගුවන් ගත කර ඇත. විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ මීට පෙර රුසියාව විසින් චන්ද්‍රිකා 37ක් එකවර ගුවන් ගත කරමින් තබා තිබූ වාර්තාව මේ අනුව බිඳ වැටෙන බවයි.
ඉන්දියාව විසින් ගුවන් ගත කළ මෙම වන්ද්‍රිකා 104න් ඉන්දියාව සතු චන්ද්‍රිකා ඇත්තේ තුනක් පමණක් බවත් අනෙක් සියලුම චන්ද්‍රිකා විදෙස් රට වලට අයත් ඒවා බවත් ව්‍යාපෘති අධ්යක්ෂ බී. ජයකුමාර් මහතා පවසයි. මෙම ක්‍රියාවත් සමග ඉන්දියානු ඉතිහාසය ප්‍රතිනිර්මාණය වනු ඇති බවත් සියලුම ඉන්දියානුවන්ට මෙය ඉතා වැදගත් අවස්ථාවක් බවත් ඔහු වැඩි දුරටත් පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙන් යවපු චන්ද්‍රිකාවට මොකද උනේ ? (ර)
ලංකාවෙන් යවපු චන්ද්‍රිකාව ඩේසි ආච්චිගේ ඔඩොක්කුවේ. (අ)
චන්ද්‍රිකාව ගුවන් ගත කරා නම් , මහින්දට ලොකු සැනසිමක් ...(අ)
ඉන්දියාවේ සාදන මේ චන්ද්‍රිකා , එහෙ හදන බජාජ් සහ නැනෝ කාර් වගේ ඇති , ප්‍රමිතිය , එකයි එකවර චන්ද්‍රිකා 104 ක් අරින්න ඇත්තේ , කියක් හෝ ක්‍රියා කරාවී . (අ)
අනික් රටවල චන්ද්‍රිකා වලට අහසේ ඉඩ නැතිවෙනවා.(ම)
එයා තාම යැවුවේ නැහැනේ. යමින් එමින් තියනවා. (බ)