ඉන්දියාවේ රුපියල් 500 හා 1000 නෝට්ටු තහනම් කිරීමත් සමග ඒවා මාරු කරගැනීමට පැමිණි ජනයා අතරින් දිගු බැංකු පෝලිම්වල සිටි 70ක් මියගොස් ඇතැයි එරට විපක්ෂය අගමැති නරේන්ද්‍ර මෝදිට චෝදනා කරයි.
හදිසියේ ගත් නෝට්ටු තහනම් කිරීමේ තීරණය හේතුවෙන් බැංකුවල දිගු පෝලිම් දක්නට ලැබුණු බවත් තෙරපීම හා විවිධ වයස්ගත පිරිස් දැඩි වෙහෙසට පත්වීම ආදී සිදුවීම් හේතුවෙන් බොහෝ පිරිසක් මියගොස් ඇතැයි කියති.
කාන්පූර්හි ජලාඋන් පෙදෙසේ විශ්‍රාමික ගුරුවරියක් පැය 8ක් තිස්සේ බැංකු පෝලිමක සිටියදී මිය ගිය බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය. මහාරාෂ්ට ප්‍රාන්තයේ බැංකු පෝලිමක සිටි 70 හැවිරිදි අයකු මිය ගිය බවද දින පහකට පෙර වාර්තා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු ලෝකයම හිතුවේ ඉන්දියාවේ හුඟක් අය මැරෙන්නේ කන්න නැතුව කියලා. දැන් බලාගෙන යනකොට බොහෝ දෙනෙක් මුදල් නෝට්ටු වියදම් නොකර හංගගෙන ඉඳලා දැන් ඒවා මාරු කරන්න පෝළිම් වල තෙරපිලා ඒ පීඩාවෙන් මැරිලා. අනේ මෙහෙම ලෝකයක්! (නි)
සිගරට් අරක්කු බීල මොනතරම් මිනිස්සු මැරෙනවද .ඒවාට කවුරුවත් කිසිවෙකුට චෝදනා කරනවද . (ම)