අන්තර් පාසල් ක්‍රිකට් තරඟයක එක් ඉනිමක දී පෞද්ගලිකව ලකුණු දහසක සීමාව පළමු වරට පසුකර යාමට ඉන්දිය පාසල් ක්‍රීඩයකු වන ප්‍රනව් ධනවඩේ සමත්ව සිටියි. ඔහු ලැබූ ලකුණු සංඛ්‍යාව 1009 කි. මේ සඳහා ඔහු මුහුණ දි ඇත්තේ පන්දු 323කට පමණක් බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඔහු මෙම ලෝක වාර්ථාව තබා ඇත්තේ පසුගියදා ඉන්දියාවේ පැවැති එච්ටී බණ්ඩාරි කුසලාන අන්තර් පාසැල් ක්‍රිකට් තරඟාවලියේදීය.
පහළොස් හැවිරිදි ප්‍රවීන් බිඳදමා ඇත්තේ 1899 වර්ෂයේදි ආතර් කොලින්ස් විසින් ලකුණු 628ක් ලබා ගනිමින් තබා තිබූ වාර්තාවයි.
ප්‍රවීන්ගේ පිති හරඹයට හයේ පහරවල් 59ක් සහ හතරේ පහරවල් 127ක් අයත් විය. “මම වාර්ථාවක් තැබීමට හිතාගෙන ක්‍රීඩා කළේ නැහැ. ඒත් ලෝක වාර්තාවට ලංවූ පසු මට එය අභිබවා යා හැකි බව පැහැදිලි වුනා“ යැයි ප්‍රවින් මාධ්‍යට පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා 1009 ගහනතුරු පිල අනෙක් අය මොකද කළේ? ඒ අයට සෙල්ලම් කරන්න කාලයක් ඉතුරු වුණාද? (නි)
අනෙක් අයට සෙල්ලම් කරන්න පුළුවන් වුණාද දන්නෙ නැහැ (නි)
සුබ පැතුම්! මට හිතාගන්න පුළුවන් ඉන්දියාවේ පන්දු යවන්නන්ගේ අනාගතය කෙසේද කියලා (නි)
කේ. සී. ගාන්ධි විද්‍යාලය පළමු ඉනිම 1465/3යි. ආර්ය ගුරුකුල් කණ්ඩායම පළමු ඉනිම 31/10 සහ දෙවැනි ඉනිම 52/10. කේ. සී ගාන්ධි විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 1382ක ජය. හිතාගන්න පුළුවන්නේ කණ්ඩායම් දෙකේ දක්ෂතාවල පරතරය (නි)
කිසිදිනක ඉන්දීය කණ්ඩායමට නම් එන්න නොහැකිවෙයි වගෙයි (නි)
අනෙක් පැත්තෙ 11 දෙනාගෙ අැස් බැඳලාද දන්නෙ නැහැ පන්දු යවන්න අැත්තේ (නි)