න්‍යෂ්ටික යුද ශීර්ෂයක් රැගෙන යා හැකි ආකාරයේ දිගුදුර මිසයිලය පෙරේදා (15) සාර්ථකව අත්හදා බැලූවේය.
අත්හදා බැලීම සිදුකෙරෙැණේ ඔරිස්සා ප්‍රාන්තයට නුදුරින් පිහිටි ඉන්දීය අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදීය. බුබනේෂ්වෝර් නමැති මෙම මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ කුඩා දුපතකය.
අත්හදා බැලීම පෙරේදා උදෑසන 8.50 ට සිදුවුණු බවත්, බලපොරොත්තු වූ ඉලක්කය වෙත සාර්ථකව යෑමට ඊට හැකිවුණු බවත් ඉන්දීය ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය කියා සිටී.
‘අග්නි 5’ මිසයිලය මීට පෙර, ඉකුත් අපේ‍්‍රල් මාසයේදීද අත්හදා බැලීමකට ලක් කළේ යැයි ඉන්දීය පුවත් සේවා මතක් කරදෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩගින්නේ දහස් ගණන් මැරෙනවා,කුඩා දරුවන් වීදියක් වීදියක් ගානේ හොරා කනවා,එහෙම නැත්නම් කුලියට වැඩ කරනවා.අපිරිසිදුකමෙන් ලෝකෙන් අංක 1. පාසල් නොයන මිලියන ගණනක් ළමයි මහ පාරේ. එනමුත් මිසයිල හඳට යන්න උත්සාහ කරනවා. අනේ මෙහෙම උඩගුකමක්? (නි)
අපිත් එකක් හදමු (නි)
ඉන්දියාවේ මෙම දුර දිග මිසයලයෙන් ඔවුන් අදහස් කරන්නේ යුරෝපයවත් ඇමෙරිකාවවත් නොව චීනය වෙත පණිවිඩයක් දීමය. නමුත් මේ මිසයිල වල ප්‍රමිතිය කෙසේද නොදන්නෙමු. මෙය ඔවුන්ටම දිනක පාරා වළල්ලක් වනු ඇත. ඉන්දියාව අවි ගන්නේ අවියෙන් නසා ගන්නට වන්නට පුළුවන (නි)
පර සක්වල විනාස කරන්න මිසයිල හැදුවත් ඉන්දියානුවන් තාම මහ පාරේ වැසිකිලි කැසිකිලි යන ජාතියක්. මම නෙවී කියන්නෙ. බීබීසිය. (අ)