ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි සෙකුන්දෙරාබාද් නුවර වසර 80 ක් පැරැුණි මහල් තුනකින් සමන්විත හෝටල් ගොඩනැගිල්ලක් ඊයේ (8) හිටිහැටියේ බිමට සමතලා විය.
ගොඩනැගිල්ල කඩා වැටීමෙන් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. සුන්බුන් සහ කොන්කී‍්‍රට් තට්ටු යට සිරවුණු 14 දෙනකු බේරා ගැනීමට සහන සේවකයෝ සමත් වූහ.
තවත් බොහෝ දෙනකු සුන්බුන් අතර සිරවී සිටින බවත් ඔවුන් සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් සෙකුන්දෙරාබාද් පොලිසිය පැවැසීය. ගොඩනැගිල්ල නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා එය කඩා වැටුණු බව ඉන්දීය බලධාරීහු වැඩි දුරටත් කියා සිටිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක තමා අපට ඉන්දියාවට කියන්න තියෙන්නේ, කතාව දෝලාවෙන් ගමන පයින් කියලා.(නදී)
තාම හරියට වුනේ නෑ. (නි)
පව් තමා අනතුරටපත් අහිංසක මිනිසුන්ට.බුද්දගයාවට වැරදි විදියට සලකපු එකේ විපාක තවම පටන් ගත්තේ නැ.ත්රස්තවාදීන් ජාතක කරන්නේ පාලකයෝ නිසා උන්ට රිදෙන්න තරම් මේක මදි. (අ)
ඉස්සරහට තව වන්දි ගෙවයි. (අ)
ඉස්සරහට තව වන්දි ගෙවයි. බුද්ධගයාවට වැරදි විදියට සලකපු එකේ විපාක තවම පටන් ගත්තේ නැහැ. ඔතන බුද්ධගයාවට බෝම්බ තියපු අයත් ඇති. නැත්නම් එයට මග පාදපු උපකාර කල අයත් ඇති. මතකනේ ඇෆ්ගන් වලට වුන දේ. කොටි දළදා මාලිගාවට ශ්‍රී මහා බෝධියට ගහලා තමයි පොට වරද්දා ගත්තේ (නි)
බුද්ද ගයාවට කලදේ? අපිට ඇහෙනකොටම ...අපි දැනගත්ත . ඔය දේට ඉන්දියාවට මුහුණ දෙන්න වෙන බව ...? කෙනෙකුට විපතක් වෙන විට අපි සතුටුවෙන ජාතියක් නෙමේ ..! එත් බුදුන් වහන්සේ ජීව මාන ලෙසින් ලෝකයම පිළිගත් උන් වහන්සේ උපන් භුමියට. උන්වහන්සේ ගේ ධර්මයට,නිගා කල උන්ට... සැනසීමක් නැහැ...? කුමන ආගමකට උවත් නිගරු කරන්නේද ? එහි පල විපාක විදින්න වේවි ...? (අ)
ඇෆ්ගනිස්තානෙට වුනෙත් ඕකම තමා. බුද්ධාගමට හිංසා කලොත් වෙන්නේ ඕවා තමා. ලෝකේ ඕනෑතරම් උදාහරණ තියෙනවා. (නි)
මේ කර්ම විපාක ඵල දීම ඇරඹුනා පමණි (නි)
11 දෙනෙක් මැරිලලු නේද? නමුත් බුද්ධගයාවේ නම් එක් කෙනෙක්වත් මියගියේ නැහැ. නමුත් ඉන්දියකාරයෝ නිකන් හිටියි කියල නම් හිතන්න අමාරුයි (නි)
ලෝකේ තියෙන කිසිම එකමුතුවක් නැති මහා ජරා රටක් තමයි ඉන්දියාව. ඉන්දියාවේ කෝටි ගනනක් මිනිස්සු ජීවත් වෙන්නේ පාරේ. අවම පහසුකම් වත් නැහැ. දුෂණය නාස්තිය ඉතාම ඉහළයි. ජාති විදියට බෙදිලා, ආගම් විදියට බෙදිලා, ප්‍රාන්ත විදියට බෙදිලා, කුල විදියට බෙදිලා, දුප්පත් පොහොසත් පරතරය ඉතා ඉහලයි. කොයි විදියට බැලුවත් බෙදුණු ජාතියක් තමා ඉන්දියාවේ ඉන්නේ. දකුණු ඉන්දියානුවන් ඉන්දියාවේ රාජ්‍ය භාෂාවක් වෙන හින්දි භාෂාව කතා කරන්න කැමති නැහැ. උතුරු ඉන්දියානුවන් දකුණු ඉන්දියනුවන්ව ගණන් ගන්නේ නැහැ. කියන්නේ අඩු කුලේ කියලා. ලංකාවේ අපි කොච්චර වාසනාවන්තද කියල තේරෙන්නේ ඉන්දියාවේ යතා තත්වේ දැක්කහම.(නදී)
මෙකෙ කමෙන්ට් දාල තියෙන අයට පිස්සුද මන්දා. මේවා ඉන්දියාවෙ නොයෙක් පැතිවල හම් තැනම් වෙනවා බුද්ධගයාව අදාල නෑ.(නදී)
රංගට මොලේ පොඩ්ඩක්වත් නැති හැටි? (දී)
මේ කොමෙන්ට් ඉන්දියෙව් පාලකයන්ට බලන්න යවනවානම් හො;දයි (අ)