වතුරෙන් මෝටර් රථයක් ධාවනය කළ හැකි නිර්මාණයක් කළ ඉන්දීය ජාතිකයකු පිළිබඳව පසුගියදා සමයි රුපවාහිනී නාලිකාව අනාවරණය කළේය. ගුජරාට් ප්‍රාන්තයේ සුරාත් නගරයේ ජිවත්වන මෝටර් රථ කාර්මිකයකු වන පුර්සොතොම් නිර්මානි තමන්ගේ මෙම සොයා ගැනීම පිළිබඳව මෙසේ කීවේය.
‘මගේ මෙම සොයා ගැනීම සමාජයට ලබා දිය යුතුයි. ඒ සඳහා මම මධ්‍යම රජයෙන් හා ප්‍රාන්ත රජයෙන් අනුමැතිය බලාපොරොත්තු වෙනවා. සාමාන්‍යයෙන් වතුර ලීටරයකින් කිලෝමීටර් හැත්තෑවක් ධාවනය කරන්න පුළුවන්. මුහුදු වතුරෙන් ඊටත් වැඩියි. පිරිසිදු වතුර වලට වඩා අපිරිසුදු වතුරෙන් ධාවනය වන කිලෝමීටර් ප්‍රමාණය වැඩියි. මෝටර් රථයට හයිට්‍රිජන් ගෑස් නිපදවන විශේෂ කට්ටලයක් සවි කරන්න ඕනේ. වතුර හයිට්‍රිජන් වාතය බවට පත්වෙලා ඒ තුළින් ඇන්ජිම ක්‍රියාත්මක වන ක්රමයකුයි මෙතන තියෙන්නේ.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රූපසිංහ ඇත්ත කතාකරන්නේ. වරුණ, කාගෙන්ද ප්‍රවේශම් වෙන්න ඕනෑ (නි)
මේ වැඩේ ඔය තරම් ලෙහෙසියෙන් කරන්න පුලුවන්නම් ඉස්සර වෙලාම මෙවැනි රථයක් නිපදවන්නේ ජර්මන් කාර්මිකයෝ. ඔවුන් සෑම දෙයක්ම කරන්නේ විද්යාත්මකයි. විද්‍යාව ඔවුන් යොදා ගන්නේ යන්ත්‍රයක් නිපදවීම සඳහා පමණක් නොවෙයි එයින් සිදුවිය හැකි අවදානමත් අවම කර ගැනීමටයි. අපේ රටේ මිනිසුන් මේ හැම දෙයක් ගැනම බලන්නේ අවදානමක් මැද්දේ හෝ ලාභ ලබන ක්‍රම ගැනයි. (ම)
ලෝකයේ ගොඩක් රට වල හයිඩ්රජන් වලින් ධාවනය වන මෝටර් රථ තියෙනවා (බ)
මහවැලි ගඟේ වතුර නැවත වික්ටෝරියා ජලාශයට පොම්ප කරලා විදුලිය ගැනීම වැනි වැඩක්. (නදී)
ජලය යනු ඉන්ධනයක් නොවේ. ජලයේ ඇති හයිඩ්රජන් වෙන්කිරීමට අවශ්‍ය විදුලි ශක්තියෙන් කෙළින්ම වාහනය බලගැන්වීමෙන් වඩා කාර්යක්ෂම කරගත හැකිය. කිසිදාක ශක්තිය අලුතෙන් නිපදවන්නට නොහැකිය. (නි)
රොෂාන්, මම ඉන්නේ නවසීලන්තයේ. දැනට අවුරුදු 20 කලින් මෙහෙ ඉන්න කෙනෙක් ඔයදේම සොයාගත්තා. ටික කලකට පසුව ඔහුට වෙච්ච දෙයක් නැතිවුණා (නි)
අන්තර්ජාලයේ තිබෙන විවිධ දැනුම කොපිකර තමන්ගේ අලුත් සොයාගැනීමක් ලෙස ප්‍රචාරය කර ප්රසිද්ධවීම බොහෝ හොරු කරති. ජලයෙන් වාහන දිවීමත් ඒ වගේ කියා මට සිතේ (නි)
යහපත් ප්‍රතිපල වලට වැඩිය භයානක ප්‍රතිපලත් මේ ප්‍රතිචාර දැක්මෙන් පැහැදිලි කිරීම ගැන සියලු දෙනාටම කෘතගුණ දක්වමි. (නදී)
කාන්දම් බලයෙන් අවු 20 ක් වාහනයක් දුවන්නත් අපේ කෙනෙක් හොයා ගත්තා එම කාන්දම් දැනට නිපදවිය හැක්කේ ජර්මනියේ බවත් පළවුනා.ප්‍රගතියක් නෑ තවම.මිනිහා ජර්මන් ගියාද???? (ම)
මේක ඇමෙරිකාවේ විකුනන්න තිබෙනවා. (අ)
කාරය දුවන්නේ වතුරෙන් නෙමෙයි. වතුර හයිඩ්රජන් බවට ඔක්සිහරණය කරන්න විදුලිය ලබාදෙන්න ඕනෑ. ඒ විදුලියෙන් කෙළින්ම කාර් එක දුවනවා නම් වතුරෙන් දුවනවට වැඩිය කාර්යක්ෂමතාවයක් ලබාගන්න පුළුවන්. මුහුදු වතුර වල අයන සාන්ද්‍රණය වැඩි නිසා සන්නායකතාවය වැඩි නිසා තමයි ඔක්සිහරණය කරන්න පහසු. සම්පූර්ණයෙන්ම පිරිසිදු වතුර (ඩි-අයනයිස්ඩ් වෝටර්) දැම්මොත් කොහොමටවත් හයිඩ්රජන් ගන්න වෙන්නේ නැහැ සන්නායකතාවය අඩු නිසා. මේ වගේ කලිනුත් කට්ටිය වතුරෙන් දුවන වාහන ගැන කිව්වා. හැබැයි කවුරුවත් කියන්නේ නැහැ ආරෝපණය කරන ලද බැටරියකින් නැවත නැවත විදුලි ශක්තිය ලබාදෙන්න ඕනෑ බව. වතුර ඉන්ධනයක් ලෙස යොදා ගැනීම ගැන ආතර සී ක්ලාක් මහතා ලියු 2010 ප්‍රබන්ධයේ කියවෙනවා තාප-න්‍යෂ්ටික ප්‍රසාරණය මගින් ජල වාෂ්ප ජෙට් දහරාවක් අවකාශයට පිටකිරීමෙන් ගමන් ගන්නා සංකල්පීය "ලියනොෆ් යානයේ සකරෝෆ් එලවුම" ගැන. එහෙත් එය තවම යථාර්ථයක් නෙමෙයි. (නි)
මේක නම් පුදුමාකාරයි (නි)
බලාගෙන. ඔයා ප්‍රවේශම් වෙන්න (නි)
මෙම ක්රමයම අපේ රටේ අයෙකු කළ බව දැනට අවුරුදු ගණනාවකට පෙර පත්තරවල පළකළා. නමුත් අපගේ රජය එම පුද්ගලයාට උදව්වට පැමිණියේ නැහැ. එය ලත් තැනම ලොප්වුණා. තවත් වරෙක අපේ දක්ෂයෙක් ඉදිරිපත් කළා ගුරුත්වාකර්ෂණය උපයෝගී කරගෙන මෝටර් රථයක් දුවවන්න. නමුත් එම සොයාගැනීම් කළ අයගේ සිහින පමණයි. මේක අපේ රටේ පේන්ට් බලපත්‍ර දෙන ක්රමයේ ඇති වරදක්. සොයාගැනීම කරන්නේ කෙනෙක්. එයින් ප්‍රයෝජන ලබන්නේ තව කෙනෙක්. සොයාගත් පුද්ගලයාගේ සොයාගැනීම කාලයක් යනවිට තව කෙනෙකු අතට පත්වී සුළු සෙනසක් ඇතිවී එළියට එනවා. මේක අපේ කරුමය. දක්ෂයන්ට තැනක් නොලැබෙන රටක්. විදෙස් රටවල වෙනත් ජාතිකයෙකු සොයාගැනීමක් කළොත් එරටේ ප්‍රධානීන් කරන්නේ ඔහුට එම රටේ පුරවැසිකම දී තම රටේ අයෙකු කරගෙන රටට කීර්තියක් ලබා ගැනීමයි. ඔන්න ඕකයි අපේ රටේ වගකිවයුත්තන්ගේත් වෙනත් අයත් අතර වෙනස. ඊර්ෂ්‍යාකරුවන් සිටිනතුරු අපේ රට හැදිය නොහැක. (නි)
අපි ඔහුට සුබ පතනවා (නි)
වතුරෙන් හයිඩ්රජන් වෙන්කර ගැනීමේදී විශාල විද්‍යුත් ශක්තියක් යෙදවිය යුතු වන අතරම ජලයේ ඇති සම්පුර්ණ හයිඩ්රජන් ප්‍රමාණය ලබාගත නොහැකි වේ. ශ්‍රී ලංකාවේද පුද්ගලයෙක් 2008 වසරේදී මෙවැනි උපකරණයක් නිපදවුවද පසුව අනාවරණය වුයේ ඔහු පැවසූ සමහර කරුණු අසත්‍ය බවය. (නි)
මේ වාගේ රථයක් නිර්මාණය කළා යැයි කියා සිටි ලංකාවේ අයෙකුට ලොකු ප්‍රචාරයක් දුන්නා.වතුරෙන් හයිඩ්රජන් ගන්න පුළුවන් බවත් හයිඩ්රජන් වලින් වාහන ධාවනය කරන්න පුළුවන් බවත් හැබෑව. ඒත් වතුරෙන් හයිඩ්රජන් ගන්න ලොකු වියදමක් යනවා. ඒ නිසා මෙවැනි වාහන ආර්ථික වශයෙන් ඵලදායක නැහැ. (නි)
ජලය ,හයිඩ්රජන් හා ඔක්සිජන් බවට අණු වලට වෙන්කර හයිඩ්රජන් දහනය කිරිම මෙහිදී සිදු වේ.මෙය අතිශයින් භයානක ක්‍රියාවකි.හයිඩ්රජන් දහනය කිරිමෙන් මුලින්ම පියාසර කිරීමට තැත්කළ හින්ඩන්බර්ග් නමැති ගුවන් යානාව (බැලුනය) ගිනිගෙන විනාශ විය. ඉන්දියානුවන් විද්‍යා දැනුමෙන් අනුන බැවින් මේ වැනි ක්‍රියාවන්ට කෙසේවත් අනුමැතිය නොදෙනු ඇත. (නි)
මේක අපේ රටේ කෙනෙකුත් සොයාගත්තා නේද? (නි)