ඉන්දියාවේ 15 වැනි අගමැති ලෙස නරේන්ද්‍ර මෝඩි ලබන 26 වැනිදා දිවුරුම් දීමට නියමිතය. එම උත්සවයට මහින්ද රාජපක්ෂ ජනපති ද සහභාගී වන බව ඉන්දියා ටුඩේ වෙබ් අඩවිය කියයි.
පකිස්තාන අගමැති නවාස් ෂරීෆ් ද ඇරියුම් ලබා සිටී.
ඉන්දීය ජනපති මන්දිරය වන රාෂ්ට්රපතිභවන්හි එළිමහනේ දී පැවැත්වෙන මේ උත්සවයට 3,000 දෙනකුට ඇරියුම් කැර ඇත.
නරේන්ද්‍ර මෝඩි ගුජරාට මහා ඇමැති ධුරයෙන් අද (21) සමු ගත්තේය.
අනන්දිබෙන් පාටෙල් (72) ගුජරාට ප්‍රාන්ත ආදායම් ඇමැතිනිය ගුජරාට මහ ඇමැති ධුරයට පත් වෙතියි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලබල වෙන්න ඕන නැහැ.... අපේ ජනාදිපති තුමා අර තුන්දාහකින් තවත් එක්කෙනෙක්.අපට විතරක් කරපු අතිවිශේෂ සංග්‍රහයක් නොවේ කියලයි මන් නම් හිතන්නේ. (අ)
කොටි ඩයස් පෝරාවට වුවමනා වී ඇත්තේ ශ්‍රී ලංකා ජනාධිපති ජාත්‍යන්තරය හා සම්බන්ධ වීම වලක්වන්නටය.ඉන්දියානු ආරාධනයද ඔවුන් නොරුස්සන්නේ ඒ නිසාය.ලොකු දෙයක් ඉන්දියාවටවත් යන්න ලැබෙන එක කියා අදහස් පල කරන සමහර ලාංකිකයෝත්(ලාංකික දැයි නොදනිමු)කොටි ඩයස් පෝරාවත් අතර වෙනසක් ඇද්දැයි සිතා බැලීම කාලෝචිතය. (අ)
රටට, ජාතියට, ආගමට හිත තිබෙන මිනිසෙක් රටක නායකයෙක් වෙන්නේ රටේ මිනිස්සුන්ගෙත් පිනට. ඉරානය, ඇප්ගනිස්ථානය, මැලේසියාව, නජිකිස්ථානය, ඉන්දොනිසියව බංග්ලාදේශය වගේ රටවල් රැසක්ම ඉස්සර බෞද්ධ. .. නමුත් දියාරු සර්වාගමික පාලකයෝ නිසා ඒවා බෞද්ධයන්ට අහිමි උනා. මේ අගමැති රට ජාතිය වෙනුවෙන් ලොකු දෙයක් කරනවා කියල අපට හිතෙනවා. .. ජය වේවා! (නදී)
කෙවින්,ටිකක් ඔලුව පාවිච්චි කරන්න, තමුන්ගේ පක්ෂයේ පාට ඔලුවේ තියාගෙන අදහස් දාද්දි. (නි)
අපේ මඟුල් ගෙවල් වලට ඉන්දියාවේ ආණ්ඩුවේ අයත් ආවද? (නි)
මටත් සල්ලි තිබෙනවා නම්, නැහැ නැහැ මටත් සල්ලි ලැබෙනවා නම්, මමත් යනවා.අනේ අපි වගේ මෝඩයෝ! (නි)
ඔබතුමාට ජය ශ්‍රී! (නි)
චන්ද්‍රිකා කියන දේත් ඇත්තක් තියනවා. (ස)
ඔව් ඔව් දැන්මම ගිහින් යාලු කරගන්න එක හොඳයි (නි)
ජයලලිතාත් එනවද දන්නෙ නැහැ (නි)
ජයලලිතාට ඇට මාලේ අතට අරන් බණක් භාවනාවක් කරන්න කාලේ හරි වගේ නේද ? (ස)
ඉන්දියාවෙන් ආරාධනා කරයි කියලා හිතන්නවත් බැහැ (දී)
සතුටුදායක ආරංචියක් ලංකාවට ඉතාමත් සුභ පෙරනිමිත්තක්.... (දී)
3000 කියන්නේ ඉන්දියාවේ කට්ටියත් එක්ක. මිනිස්සු හරිම කුහකයි. (ස)
ලංකාවට හොද කාලයක් වගේ (දී)
සුභපැතුම්
3000 කට අාරාධනා කරලා. ඒකෙන් කෙනෙක් අපේ ජනාදිපති. (නදී)
කොහොමහරි ගිහින් නව අගමැතිතුමා සමග සුහද වෙන එක නම් ඉතා හොඳයි. අපිට මේ වෙලාවේ කිසිම රටක් තරහ කරගෙන බැහැ. හැබැයි අර ජයලලිතා ආන්ටිව නම් මේච්චල් කරන එක ලේසි වෙන එකක් නැහැ. සාරියත් අතේ තියාගෙන බලාගෙන ඉන්නෙම අපිට අංචියක් අදින්න. ඔය කසාද නොබැඳපු බවලතුන් ඔහොමමයි. (නදී)
චන්ද්‍රිකා, විජයබාහු මහජන දේපල හොරකන් කලේ නෑ. (ස)
අපේ ජනාධිපති තුමා දැනට ලෝකයේම ඉන්න ශ්‍රේෂ්ඨ නායකයෙක්. විජයබාහු රජුගේ වටිනාකම තේරෙන්නේ අවුරුදු 1000 කට පස්සේෙ දැන් ලංකාවේ ඉතිහාසය කියවනකොට. මහින්ද රාජපක්ෂ ජනධිපතිතුමගේ වටිනාකම හරියට තේරුම් ගන්න පුළුවන් අපට නෙමෙයි තව අවුරුදු 1000 කට පසුව ලංකාවේ ඉතිහාසය කියවන අයට. (ස)
අජිත් කරුණාරත්න, මමත් ඔබ තුමා සමග එකඟයි, මේ වැඩේට අපේ ජනාධිපතිතුමා යන්නම ඕනේ, ඔබේ කියමනත් මසුරන්. (ස)
රටවල් වල තියෙන මිතුදම වැඩිකර ගන්න හොද වැඩක් (දී)
ශක්තිමත් දකුණු ආසියාවක් ගොඩ නැගීම ප්‍රාර්ථනයක් නම්, අවංක චේතනාවක් නම් ඉත සිතින් සුභ පතමු. (නදී)
මේ වගේ අවස්තාවක නොවරදවාම යන්න ඕනේ. අපේ ජනාධිපතිතුමා මේ වගේ ට්‍රික්ස් වැඩ වලට හරි ශුරයනේ. බය වෙන්න දෙයක් නැහැ. කොහොම හරි ජාම බේරා ගනීවි. (නදී)
යන්න යන්න. මේ වෙලාව තමයි හොඳම වෙලාව (නි)
තමිල්නාඩුවට යටත් නොවී ශ්‍රී ලංකාව සමග තීන්දු තීරණ ගැනීමට හැකි ශක්තියක් ඉන්දීය නව අගමැතිතුමාට ඇති වේවා! (නි)
ඔබට අපේ සුභ පැතුම්! (නි)
ජයලලිතාත් එනවද දන්නෙ නැහැ (නි)
අනේ ජයලලිතට මොකද වෙන්නේ, කව්රුවත් දන්නවා නම් කියන්නකෝ ..? එයාව කොහොම හරි ගෙදර යවන්නම ඕනේ. කැලේ බණ්ඩාර දෙවියන්ගේ වරමින් ...? (ස)
ලොකු දෙයක් ඉන්දියාවට හරි යන්න ලැබෙන එක. (ස)