ඇෆ්ගනිස්තානයේ හේරත් ප්‍රාන්තයේ, ඇමෙරිකන් කොන්සල් කාර්යාලයට ඊයේ (13) ආයුධ සන්නද්ධ පිරිසක් කඩා වැදී එල්ල කළ ප්‍රහාරයකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්වූයේය. 18 දෙනෙක් තුවාල ලැබූහ.
ජීවිතක්ෂයට පත්වූයේ ඇෆ්ගන් හමුදා නිලධාරියෙකි. ප්‍රහාරය එල්ල වූයේ, කොන්සල් කාර්යාලය ඉදිරිපිට ට්‍රක් රථ බෝම්බයක් පුපුරා යෑමත් සමඟය.
එය ඉතා සැලැසුම්සහගත ප්‍රහාරයක් බවත්, ප්‍රහාරය සඳහා ආයුධ සන්නද්ධ සාමාජිකයන් 15 දෙනකු පැමිණ ඇති බවත් ඇෆ්ගන් ආරක්ෂක අංශ කියා සිටී.
ප්‍රහාරයෙන් පසු, ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා මාරී හාර්ෆ් කීවේ ප්‍රහාරයෙන් ඇමෙරිකන් නිලධාරීන් කිසිවකුටවත් අනතුරක් සිදු නොවුණු බවය.
ප්‍රහාරයේ වගකීම තලේබාන් සංවිධානය බාර ගත්තේ ප්‍රහාරය සිදුවී පැයක් ගතවීමට ද පෙරය. ප්‍රහාරය සඳහා තුවක්කුකරුවන්ට අමතරව මරාගෙන මැරෙන බෝම්බකරුවෝ දෙදෙනෙක් ද පැමිණයහ.
තලේබාන් සංවිධානය වෙනුවෙන් එහි ප්‍රකාශක කාරී යූසොෆායී අහ්මාදී කියා සිටියේ ප්‍රහාරයෙන් ඇෆ්ගන් සහ ඇමෙරිකන් නිලධාරීන් කිහිප දෙනකු තුවාල ලැබූ බවය. බෝම්බ පිපිරීම නිසා කොන්සල් කාර්යාල ගොඩනැගිල්ලට බරපතල හානි සිදුවී ඇතැයි ප්‍රකාශිකා මාරී හාර්ෆ් කියා සිටී.
සන්නද්ධ පිරිස කොන්සල් කාර්යාලයට කඩා වැදී වෙඩි තැබීම ආරම්භ කළ අවස්ථාවේදී, එහි සිටි ඇමෙරිකන් සෙබළුන් මෙන්ම ඇෆ්ගන් හමුදා සෙබළුන් ද ඔවුන්ට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇත. එම ප්‍රතිප්‍රහාර හමුවේ සන්නද්ධ පිරිස පලාගිය බවද වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරුනේ ඔහොම යන් අපට කරන දේවල් ඔහොම වෙලා මදී.(නදී)
දැන් අවශ්‍ය දේ වෙලා අවසන් නිසා නැවත තමන්ගේ රටට ගියානම් ඉවරයිනේ. (නි)
මේ තියෙන්නේ ඇමරිකන් සහ යුරෝපිය සාම කලාපයේ තවත් වැඩක් . ඉල්ලන් කනවා කියන්නේ මේකට (ස)