ඇමෙරිකාවට පහරදිය හැකි නවීනතම මිසයිල තමන් සතු බව උතුරු කොරියා රජය ඊයේ(9) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
ඇමෙරිකාවේ හිතවතකු වන දකුණු කොරියාව සිය මිසයිල ආරක්ෂණ පද්ධතිය සවිමත් කිරීමට ගනු ලැබූ පියවරට ප්‍රතිචාර දැක්වීමක් ලෙස උතුරු කොරියා ජාතික ආරක්ෂක කොමිසම මෙසේ සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් තමන්ට න්‍යෂ්ටික හෝ මිසයිල ප්‍රහාරයක් එල්ල වූවහොත් තමන් ඊට ප්‍රතිප්‍රහාර දීමට නොපැකිලෙන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
‘උපක්‍රමශීලී රොකට් බලකායක්’ තමන් සතු බව පවසන උතුරු කොරියා රජය එම රොකට්ටුවලට ඇමෙරිකාවේ සහ දකුණු කොරියාවේ ඉලක්ක වෙත පහසුවෙන් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතින බව ද අවධාරණය කර කියා සිටී.
මීට දින දෙකකට පෙර දකුණු කොරියා මිසයිල ආරක්ෂණ පද්ධතියේ ආවරණ කලාපය තුන්ගුණයකින් වැඩිකිරීමට අදාළ ගිවිසුමකට ඇමෙරිකාව සිය එකඟතාවය පළ කළේය. ඒ උතුරු කොරියාවෙන් එල්ල විය හැකි මිසයිල ප්‍රහාරයකින් ආරක්ෂාවීම සඳහා බව පවසමිනි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දකුණු කොරියා යුද විශ්ලේෂකයන් පවසන්නේ කිලෝමීටර් දහස් ගණනක් එපිටින් පිහිටි ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවෙන් යුත් අන්තර් මහද්වීපික බැලස්ටික මිසයිල උතුරු කොරියාව සතුව පවතින බවට සාධක නොමැති බවයි. ඉකුත් අපේ‍්‍රල් මාසයේදී උතුරු කොරියා රොකට් වැඩසටහන අසාර්ථකවීමෙන් එරටට මෙවැනි ප්‍රහාරක හැකියාවෙන් යුතු මිසයිල නිපදවීමේ හැකියාවක් නොමැති බව පෙන්නුම් කරන බව ද ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.
ටේපොඩොං 2 නමැති අන්තර් මහද්වීපික බැලස්ටික මිසයිල උතුරු කොරියාව සතු බවට මාධ්‍ය වාර්තා පළ වූවද එය මෙතෙක් අත්හදාබලා නොමැති බව වාර්තා වේ.
අසාර්ථක වූ රොකට් වැඩසටහන මිසයිල අත්හදා බැලීමක් බව අමෙරිකාව සඳහන් කළ ද උතුරු කොරියාව පැවසුවේ එය චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමට තමන් ගත් උත්සාහයක් බවයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමල් මෝඩයි. (නි)
කවුරු කොහොම මොනවා කිවුවත් ඇමෙරිකාව තරම් වෙනත් රට වලට අසාධාරණකම් කරන වෙනත් රටක් නැහැ. (නි)
රටේ ඉන්න උන්ට කන්න නෑ තාම යන්නෙ කරත්තවල ඒවුනාට මිසයිල නම් තියෙනව (අ)
කොරියානුවනේ ඔය මිසයිල වල ලියන්න “කොරියා සිට ආදරයෙන්“ කියලා...
වියට්නාමයට ගහගන්න බැරිවුණ ඇමරිකාවට තව මොන දෙයක්ද? උතුරැ කොරියානුවනේ ඇමරිකාවට ගහමුද?(නු)
මම ඇමෙරිකාව සමගයි. (නි)
සමහර අය ඇමරිකාවට ගහන්න කතා කරන්නේ... නමුත් වීසා දෙනවානම් ඇමරිකාවට බඩ ගාගෙන යයි.. අපේ සමහර මිනිසුන් ඉන්නවා මේ වගේ...!(නු)
උතුරු කොරියාවට මගේ සුබ පැතුම් ලෝකෙම විනාස උනත් කමක් නෑ ඇමරිකාව විනාස වෙලා (ස)
උතුරු කොරියාව ලඟදිම කනවා , කමල් ඔයාටත් කන්න ඕනි වෙලා වගේ .....(ස)
ඇමෙරිකාව ඕවට බය නැහැ. (නි)
ඇමෙරිකාව මට්ටු වෙන්නේ ඉරානයෙන්. (නි)
ඇමෙරිකාවය ගහන්න හිතන්නේ ඇමෙරිකාවේ බලය ගැන දන්නේ නැතුව වෙන්න ඇති. (නි)
ඇමරිකාවට අපි ගිහින් හදමුද ? (ස)
මෙයාලට වෙන වැඩ නැද්ද මන්දා (ස)
මොකද කියන්නේ කමල් වැඩේට බහිමුද ? (ස)
කමල් හරි (ස)
කමල් මමත් ඔබ සමඟ එකඟයි (ස)
න්‍යෂ්ටික බලය ලද්දෝ හිනහෙනවා තව සමහරෙක් ඒ බලයට දඟලනවා නොසිතූ දෙයත් සමහර විට සිදුවෙනවා අවි ගැටුමක ලකුණු වැඩිවීගෙන එනවා (ස)
මෙයාලා සැරසෙන්නේ ලෝකය විනාශ කරන්න වගේ (ස)
මෙහෙමත් ලෝකයක් (ස)
කමල් ඔබ හරියටම හරි (ස)
පව් කාරයන්ගේ අවසානය වැඩි ඈතක නොවේ (ස)
මේ හැම දෙනාටම තේරෙනවා යුද්ධය විසඳුමක් නොවෙන බව , ඒත් ආයුධ එක් රැස් කරනවා (ස)
ඇමරිකාවට එක පරමාණු බෝම්බයක් දැම්මනම් ලෝකයේ අන් රටවල් වලට සාමය ලඟාකරගන්න පුළුවන්.(ස)
ඇමරිකාවට ගහන්න කලින් තමන්ගේ රටේ මිනිස්සුන්ට බඩ කට පිරෙන්න කන්න දෙන්න විදියක් කල්පනා කරන්න (ස)