මුස්ලිම් රටවල් හතක සංක්‍රමණිකයන් ඇමෙරිකාවට පැමිණීම වළක්වමින් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා නිකුත් කළ නියෝගයට එරෙහිව පැනැවූ වාරණය සම්බන්ධයෙන් ට්‍රම්ප් මහතාගේ පාර්ශ්වය අභියාචනයක් ඉදිරිපත් කළද එම අභියාචනය ප්‍රතික්ෂේප විය. ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කළේ ට්‍රම්ප් මහතා යළිත් වරක් අධිකරණය හමුවේ පරාජයට පත්වුණු බවය.
අභියාචනා අධිකරණය ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලකින් සමන්විත වූ අතර ඔවුන් ඒකමතිකව තීරණය කළේ ට්‍රම්ප් මහතාගේ පාර්ශ්වය ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කළ යුතු බවයි. ට්‍රම්ප් මහතා විසින් ‘තහනම් කළ’ මුස්ලිම් රටවල් හතට අයත් වැසියකුගෙන් මේ වනතුරු කිසිම අවස්ථාවක ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වී නැති බව අධිකරණය මෙහිදී නීති දෙපාර්තමේන්තුවට පැහැදිලි කළේය.
අභියාචනා අධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව ඇමෙරිකන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ට්‍රම්ප් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත. විධායක නියෝගයක් නිකුත් කරමින් තමන් මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් හතක වැසියන්ට ඇමෙරිකාවට පැමිණීම වළක්වමින් ‘තහංචි’ පැනැවූයේ ඉස්ලාම් දහමට විරෝධය පෑමක් ලෙස නොවන බව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා යළිත් වරක් අවධාරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම රටකම අධිකරණ වල මෙහෙම දේවල් වෙනවා (නි)
අජිත් නිශ්ශංක, මෙතන ජාතිවාදයක් නැහැ. ඔය රටවල් 7 හේ ජාතීන් 7 ක් ඉරාන සෝමාලි භාෂා දෙකක්. හැබැයි එකම මුස්ලිම් ආගම. ත්‍රස්ත ක්‍රියා කරන්නේ කීපදෙනෙක් නොවෙයි. එහෙනම් ලෙහෙසියෙන්ම නැති කරදමන්න පුළුවන්. (නි)
බමුණු, ත්‍රස්ත ක්‍රියා කරන කිහිප දෙනෙකුගේ අමන ක්‍රියාකලාපය මැඩලීමට මුළු මහත් ජාතියක්ම පදනම් කරගෙන නීති සම්පාදනය කිරීම සහ එම ජාතිය ඉලක්ක කර ගනිමින් නියෝග නිකුත් කිරීම ජාතිවාදය පදනම් ක්‍රියා ලෙස හදුන්වා දෙන්න පුළුවන්! ට්‍රම්ප්ගේ මේ හිතුවක්කාර නියෝග ඇමෙරිකාවේ ව්‍යවස්ථාවට කොහොමටත් ගැළපෙන්නේ නැහැ නිසා කිසි ලෙසකින් ක්‍රියාත්මක කිරීමට ඉඩක් නැහැ. (නි)
සෙනෙවි ගාල්ල, මොකක්ද ඒ කතාව? කොතනද මෙතන ජාතිවාදයක්? පැහැදිලි කරන්න. (නි)
අපේ කට්ටියත් උඩපැන්නනෙ හිලරි පැරදුනාට. දැන්වත් තේරුම්ගන්න පටු ජාතිවාදය පැත්තකින් තියන්න (නි)
හරි වුණත් වැරදි වුණත්, අපේ රටේ ඇමතියෝ වගේ නොවෙයි ට්‍රම්ප් ඔහුගේ රටට ආදරෙයි. (නි)
මට තේරෙන්නේ නැත්තේ ඇයි ඔයය රටවල මිනිසුන්ට ඇමරිකාවටම යන්න උවමනා, ඇයි සල්ලි තිබෙන අරාබි රටවලට යන්න බැරි. හුසේන් මොහමඩ් -රියාද්, පුලුවන්නම් එ්කට උත්තර දෙන්න. (නි)
පේනවා නේද? ඇමරිකාවේ නීතියට හැමෝම ඔලුව නමනවා. එ්කට මෙහෙ (නි)
අජිත් නිශ්ශංක, දන්නේ නැති දෙයක් තවත් දන්නේ නැති කෙනෙකුගෙන් අහලා දැනගෙන වැඩක් නැහැ (නි)
මම මේ දන්නේ නැතිකමට අහන්නේ. මට තේරෙන්නේ නැහැ සරත් ෆොන්සේකා සහ ට්‍රම්ප් අතර තියන අජිත් කියන සම්බන්ධකම (නි)
අජිත්, ඔයා හීනෙන් නැගිටලා වගේ. ඔයා යාපනයටවත් ගිහිල්ලා තියෙනවද යුද්ධ කාලේ. සරත් ෆොන්සේකා වගේ මිනිස්සු ලංකාවේ ඉන්න නිසා තමා ඔයාලා වගේ අයට දැන් කට ඇරගන්න පුළුවන්. මෝඩ කතා කියන්න එපා කට තිබ්බ පලියට. අපි වාසනාවන්ත ජාතියක්. ඔයා වගේ කෙනෙක් ලංකාවේ යුද්ධය මෙහෙව්වා නම් අපේ රටත් සෝමාලියාව වගේ වෙලා අපිත් අද මහා අවාසනාවන්ත ජාතියක් වෙනවා. (නි)
ඇමෙරිකාවට වැඩිය නිදහස ලංකාවේ තියනවා. වෙනම නීති තියනවා. ඔක්කොටම මෙහෙ එන්න කියමු. (නි)
කවුරු මොනවා කිව්වත්, අන්න නීති. බලගතු ජනාධිපතිවරයාටවත් නැමෙන්නේ නැති නීති. ට්‍රම්ප්ට, ඔය නීතිය හකුලාගන්නවා ඇරෙන්න වෙන විකල්පයක් නැහැ. දැන් කියන්නෙ, මුස්ලිම්වරුන්ට විරුද්ධව නෙමෙයිලු ඔය නීති ගෙනාවේ. අර කොහෙද නැගපු මිනිහටත් කියන්න දේවල් තිබුනලු. (නි)
අද හැම රටකම අධිකරණ වලට ත්‍රස්තවාදය අමතක වෙලා. 2011 සැත්තැම්බර් 11 පසුදින තමයි ඔය තීරණය ගන්න තිබුනේ (නි)
ලංකාවෙ නම් විනිසුරුවෝ ටික ගෙදර. නැත්නම් සුදු වෑන් වලින් පැහැරගෙන. ට්‍රම්ප් සද්දේ දැම්මට එහෙම දෙයක්වත් කරගන්න බැහැ. (නි)
සරත් ෆොන්සේකා වගේ මිනිස්සු ඉන්නකොට තව මොනවද ? අපි මහා අවාසනාවන්ත ජාතියක් .(බ)
ඇමරිකන්ට එන්න කියමු.......ලංකාවෙන් ඉගෙන ගන්න කියමු ..... (බ)
ශක්තිමත් නීති පද්දතියක් තියෙනවා කියල ඇමරිකාවට සතුටු වෙන්න පුළුවන්.(ම)
ඇමරිකාවේ එහෙම වුනත් අපේ රටේ එහෙම වෙන්නේ නැහැ . (ම)
වැරදි උපදේශකයින් ගේ උපදෙස් පිළිපදින්න ගියහම වෙනදේ. ධවල මන්දිරය තාම හරියට සුද්ධකරලා නැහැ. (බ)
ඇමරිකානු අධිකරණයට ඇමරිකානු ජනාධිපති පරාජයට පත්වෙනවා. නමුත් ලංකාවේ එහෙම වෙන්නේ නැ. මටනම් තේරෙන්නේ නැ!! (බ)
අපේ කට්ටිය හෝ ගාලා හුරේ දැම්මා නේ... අපරාදේ සල්ලි (බ)
"පුදනකොටම කාපි යකා" ...අනාගත්තවද්ද ? (නි)
ලංකාවේ වුණා නම් මෙලෙහකට වසලා හමාරයි (නි)
ඇමෙරිකාවේ එහෙම වුණත් ලංකාවේ?? (නි)