ඇමෙරිකාව ලෝකයා ඉදිරියේ ‘දණ ගැස්විය හැකි’ ආකාරයේ රහස් තමා සතුව ඇති නමුත්, තමා ඒවා ප්‍රසිද්ධියට පත් කර ඇමෙරිකා රජයට හානියක් නොකරන බව රුසියාවේ මොස්කව් නුවර ෂෙරෙමෙටෙයේවෝ ගුවන් තොටුපොළේ රැඳී සිටින එඞ්වඞ් ස්නෝව්ඩන් පෙරේදා (14) දෙස් විදෙස් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.
ඇමෙරිකාවේ එන්.එස්.ඒ. හෙවත් ජාතික ආරක්ෂක ඒජන්සියේ හිටපු කොන්ත්‍රාත්කරුවකු වන 30 හැවිරිදි ස්නෝව්ඩන්, රුසියාවේ ෂෙරෙමෙටෙයේවෝ ගුවන් තොටුපොළේ රැඳී සිටින්නේ රුසියනු රජයේද අනුදැනුම ඇතිවය.
ඇමෙරිකා රජය සහ සී.අයි.ඒ. බුද්ධි අංශය, එන්.එස්.ඒ. හෙවත් ජාතික ආරක්ෂක ඒජන්සිය හරහා දුරකතන ඇමැතුම් සහ අන්තර්ජාලය ඔස්සේ ඇමෙරිකන් වැසියන් ගැනත් විදේශීය තානාපති නිලධාරීන් ගැනත් ඔත්තු බලන බවට ස්නෝව්ඩන් රහස් හෙළි කළේ ඉකුත් ජූනි මාසයේදීය.
ඔහු ඒ බව පළමුවෙන්ම වාර්තා කළේ බි්රතාන්යයේ ‘ද ගාඩියන්’ පුවත් පත සමඟ සම්මුඛ සාකච්ඡුාවක් පවත්වමිනි. ඇමෙරිකාවෙන් පළා ගිය ස්නෝව්ඩන් එම රහස් හෙළි කළේ හොංකොං සිටය. ඔහු රුසියාවට ගියේ ඉන් පසුවය.
යුරෝපා රටවල් රැුසක් මේ වනවිට ඇමෙරිකා රජයට එම ඔත්තු බැලීම් සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇති අතර, ඇමෙරිකාව සමඟ ගනුදෙනු නවතා දැමීමට ද තීරණය කර ඇත.
අල් කයිඩාව වැනි ඇමෙරිකාවට එරෙහි ඉස්ලාමීය සටන්කාමී සංවිධාන ස්නෝව්ඩන් කළ එම හෙළිදරව්වෙන් පසු ඔවුන්ගේ ක්රමෝපායන් වෙනස් කර ඇති බව ද වාර්තා වේ.
රුසියාවට පැමිණීමෙන් පසු ස්නෝව්ඩන් මාධ්‍ය හමුවේ පෙනී සිටියේ පළමු වරටය. එම මාධ්‍ය හමුවට ‘විකිලීක්ස්’ වෙබ් අඩවිය වෙනුවෙන් එහි මානව හිමිකම් සම්බන්ධ කි‍්‍රයාකාරිනී සාරා හැරිසන් ද එක් වූවාය. ඇමෙරිකා රජයේ රහස් හෙළි කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන්නේ ජුලියන් ඇසෙන්ජ්ගේ ‘විකිලීක්ස්’ වෙබ් අඩවියයි.
ස්නෝව්ඩන් වෙනිසියුලාව ඇතුළු ලතින් ඇමෙරිකා රටවලින් ආරක්ෂාව ඉල්ලා ඇත. ඔහුට ආරක්ෂාව දීමට වෙනිසියුලා ජනපති නිකලස් මදුරෝ කැමැත්ත පළ කර ඇතැයි ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ පැවැත්ම සදහා මගේ අසල් වැසියෝ එක එකා මම මරනවා. දෙක තුනක් කරන විට මගේ පුතා එය දකිනවා ,ඒ සමගම මා නීතියට කොටු වෙනවා, ඇහෙන් දුටු එකම සාක්ෂිය පුතා. ඔහු උසාවියේදී ඇත්ත කීම තාත්තා පවා දීමක්ද, කේලම් කීමක්ද, යහපත් ක්‍රියාවක්ද.(නදී)
මොහු ලෝකෙට හෙලිකලොත් 2005 සුනාමිය ඇමරිකාව විසින් මුහුදු පතුලේ කල "නිව් ක්ලියර් වෙපන් ටෙස්ට්" එකක් කියල ...?මේ සදහා තෝරාගත් මුහුදු සීමාව දුප්පත් රටවල් තීරය..මොඋන්ගේ ආරක්ෂාව සහ ඔව්න්ගේ රහස්යන් හෙළිවීමට ඇති නොහැකියාව, මෙම රටවල නොදියුණු තාක්ෂණයේ වාසිය දියුණු රටවල, ඔව්න්ගේ රහස් එලෙසින්ම දීර්ග කාලයක් රැකගෙන , දුප්පත් රටවල් ඔව්න්ගේ ඉහල තාක්ෂණ අත් හදාබැලීම් තීරයක් වෙලා කියල ඔයාලට හෙලිකලොත් මෙයා, ඔයාල මොකද කියන්නේ ...? මරුනේ අපේ දුප්පත් මිනිස්සු .....?ලෝකයම හෙළිකළේ මුහුදු පත්ලේ ,,,භූමිකම්පාවක් ලෙස .....? එත් රහස මොහු දනී .....?.(අ)
මට නම් මේ පුද්ගලයා පෙනෙන්නේ වීරයෙක් හෝ මානව හිතවාදියෙක් නොව අවස්ථාවාදියෙකි. (නි)
ටෙනිසොන්, ලෝකෙ හැම රටකම ජාතික ආරක්ෂාවට හෝ පැවැත්මට තමුන්ට ආවේනික රහස් ඔත්තු ක්‍රමවේදයන් තියෙනවා. ඒකට එකඟ නම් පමණයි අත්සන් කර සේවය කල හැකිවන්නේ. මෙතන තාත්තා මිනී මරනකම් පුතා බලන් හිටියේ නැහැ. තාත්තත් එක්ක එකතුවෙලා මිනී මැරවා මිසක්. අනිත් එක ඔත්තු බැලීම මිනී මැරුමකට සමානකිරීම අතිශෝක්තියක්. අනික ඔහු ආරක්ෂාව ඉල්ලූ ඇමරිකන් විරෝධී රටවල් තිහකට අධික සංඛ්‍යාවකින් යහපත් ප්‍රතිචාරයක් දැක්වූයේ වෙනිසියුවේලාව පමණයි.(නදී)
හැම රටක්ම ජාතික ආරක්ෂාවට මෙවැනි දේ කරනවා. මේවා එලිකීරීම දෝහි ක්‍රියාවක් ඇමෙරිකාව අල්කයිදා හෝ ත්රස්තවාදීන්ට විරුද්දව වැඩකරද්දී රහස් හෙලි කීරිම එල්ලලා මරන්න ඕන වැඩක්.(නදී)
නුබව යන්නනේ පණපිටින් නිරයට තමාගේ රටට ද්‍රෝහී උනහම වල බලල (අ)
ඔයාල හැමෝටම වැරදිලා , ස්නෝව්ඩන් කියන්නේ ඇමෙරිකන් එන්.එස්.එල් නළුවෙක් , ස්නෝව්ඩන් කියන්නේ ඇමෙරිකන් බිලි පිත්තේ ගහපු ඇමක්. කොටන මාළු , කොටන්න උදව් කරන මාළු , කොටන්නෙම නැති මාළු කවුද කියල දැන් ඇමෙරිකාව දන්නවා.(නදී)
නසාර් ඔබලා තමා ආගම්වාදය සහ අන්තවාදය ලොව පුරා පතුරවන්නේ.ඔයාලා නියම ශ්‍රී ලංකික අනන්‍යතාවයක් ඇති මුසම්මල්වරයන් වෙන්න.අන්තවාදීන්ගේ මග නොයා නිවැරදි ඉස්ලාම් මග යන්න.ජාතිවාදය අපි පන්නා දමමු. ජරා අදහස් වලින් ගැලවී ඔබලාගේ නියම මුසම්මල්වරයා යන රාමුව තුල සිටින්න. (අ)
ටෙනිසන් හරි තමාගේ ආරක්ෂාවට කියල කිසි කරදරයක් නොකරන අනෙකාගේ ආරක්ෂාවට තර්ජන එල්ල කිරීම අනුමත කරන්න බැහැ (අ)
මට තියෙන ප්රශ්නය අපේ රටට ද්‍රෝහීකම් කරපු නිදහස් මාධ්‍ය ව්‍යාපාරිකන් කීදෙනෙකුට මේ රටවල් රැකවරණය දෙමින් ඉන්නවාද යන්නයි. එතකොට නම් කියන්නේ මානව හිමිකම්. (අ)
ටෙනිසන් ඔබ හරියටම තර්කය ගොඩනගා තියෙනවා. අන්තවාදී දේශප්‍රේමය මගින් විචාර බුද්ධිය යටපත් කරන බව මෙහි ඇති බොහෝ අදහස්වලින් පැහැදිලියි. (නි)
ස්නොදන් ඔබ දේශ ද්‍රෝහියෙකි. ඒ මන්දයත් ඔබ හමුදාවේ නීතිවලට බැඳී සිටින නිසා. හමුදාව විවේචනය කරන නිසා. ඔබ මේ දේවලට අකමැති උනා නම් අස් වෙලා කට පියාන ඉන්න ඕනා. ඇමරිකාව කරේ හරි හෝ වැරදි දෙයක් උනත් මවුබිමේ ආරක්ෂාවට එය සුදුසුම දේ නොවේද. ඕන රටක් ඔය දේ කරනවනේ. ඇයි මේ ජනප්‍රිය වෙන්න තමන්ගේ කම පාවා දෙන්නේ.(නදී)
බුදු දහම වැළදගෙන කුලියට මිනි මරන්නේ ඒවා පව් නැද්ද ?(නදී)
ස්නොව්දන් යනු යුගයේ වීරයෙකි. මානව හිතවාදියෙකි. ඔහු මසකට ලැබුණු ඇමෙරිකන් ඩොලර් ලක්ෂ දෙක පැත්තකට දමා ලොවට සත්‍ය හෙළි කරන්න පෙළබිනි. මෙය දිගින් දිගටම සිද්දවී අපි වැනි අසරණ අය රැකේවි. (නි)
අනේ එඞ්වඞ් ස්නෝව්ඩන් නුබ බුදු දහම වැළදගෙනත් කේලම් කියන්නේ ඇයි?(නදී)
අනේ ස්නෝව්ඩන් ඔබ සිතන්නේ ඔබේ පරිඝණකය මේවන විට ස්කෑන් කර නෑ කියාද? " බිට් ඇන්ඩ් බයිට්" කටින් හපා වුව කියන්න පුළුවන් දක්ෂයෝ මොස්කව් වල සිටිති.(නදී)
අනේ ස්නොව්දන්, වැඩේ වැරදුන කියල තේරිලා වගේ, දැන් ඉතින් ඔහොමවත් කියමු. කවුරුත් බාර ගන්න පාටකුත් නැහැනේ. මේවා හොඳ පාඩම් අපේ රටේ සමහර අයටත්. පිට රට ගිහින් රටේ වැරදි කියවනවට. මොනාව වුනත් තමන්ට ලොකු වෙන්න ඕනෑ තමන්ගේ මව් රට. (නි)
ජීවන්, ඔබ හරි (නි)
මේවගේ දේවල් ඕනෑම රටකට වෙන්න පුළුවන්.ඇමෙරිකාවට මෙහෙම වෙන එක එක අතකට හොඳයි (නි)
ජීවන්, ඔබ හරි (නි)
මේක හරියට අපේ මිලේනියම් සිටි සිද්ධිය වගේ නේ.... (නි)