අමෙරිකාවේ නිව්යෝක්හී මානසිකව රෝගී වූ කාන්තාවක(66) වෙඩි තබා ඝාතනය කළැයි කියන පොලිස් නිලධාරියෙකුගේ සේවය අත්හිටවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ඔහු මානසිකව රෝගී වූ කාන්තාවක පිළිබද ලද පැමිණිල්ලකට අනුව ඇගේ නිවසට ගොස් ඇත.
එහිදී ඔහුට බේස් බෝල් පිත්තකින් පහර දීමට එම කාන්තාව උත්සහ ගෙන ඇති අතර එහීදී ඔහු ඇයට වෙඩි තබා ඇත.මෙම සිදුවීමත් සමග එරට පොලිසියට දැඩි විරෝධයක් එල්ල වෙයි.ඔහු වසර අටක් පොලිස් සේවයේ සිටි අයෙකි.
මෙම ක්‍රියාව කිසිසේත්ම අනුමත කළ නොහැකි බව නිව්යෝක් පොලිස් කොමසාරිස් ජේම්ස් ඕ‘නීල් පැවසීය.
“මේ අපි පුහුණු කරන විදිහ නෙමෙයි.අපි පුරුදු කරන්නේ අනිත් අයගේ ජීවිත ආරක්ෂා කරගෙන සේවය කරන්න.නැතුව ජීවිත නැති කරන්න නෙමෙයි.“ඔහු පැවසීය
ඔහු ස්වයං ආරක්ෂාව සදහා එම වෙඩි තැබීම සිදු කර ඇති බවත් ඇතැමුන් එම වෙඩි තැබීම දේශපාලන වාසි තකා විවේචනය කරන බව සමහර පොලිස් බලධාරීහූ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොල්ලක් අරන් පොලිසියට ගහන්න එනවානම් වෙඩි නොකයි කියල හිතන්න බෑ (අ)
ඇමරිකාව මොනතරම් අනාරක්ෂිතද කියලා මෙයින්ම පෙනීයනවා. පාසල්වල, විශ්ව විද්‍යාල වල අවුරුදු පතා සමුහ ඝාතන අප මාධ්‍යයෙන් දකිනවා. සුඛෝපභෝගී ජීවන රටාවක් ඇති දරුවන් පුද්ගලික පාසල් වලට යවා විශ්ව විද්‍යාල වලටද ගෙවීමට මුදල් යහමින් ඇති අතළොස්සක් අයට ඇමරිකාව හොඳ රටක් වුණත් ලාංකිකයන්ද ඇතුළුව බහුතරයක් ගෙවන්නේ බොහෝ දුෂ්කර ජීවිත. මොවුන් ජීවත්වන ප්‍රදේශවල අඳුර වැටුනවිට පාරේ යාම භයානකයි. වෙඩිල්ලකට හෝ පිහිඇනුමක අවදානම තිබෙන නිසා. (නි)
මිලානෝ, දන්නා දෙයක් කතාකරන්න. මම අවුරුදු 20 තිස්සේ මෙහෙ ඉන්නේ. ඇමරිකාව කියන්නේ ලෝකයේ ආරක්ෂිතම රටක්. (නි)
අපේ පොලිසිය ඒ අතින් හරිම ඉහළයි (හේ)
නාමල් නිව්යෝක්, ඔබ ඇමරිකාවේ ජීවත්වුණාට ඇමරිකාව කියන්නේ දියුණු රටවලින් ඉතාමත්ම අනාරක්ෂිත රට බව නොදැන සිටීම ගැන කණගාටුයි. අපරාධ සහ හිංසාකාරී කටයුතු සම්බන්ධ ලෝක දර්ශකයේ ඇමරිකාව 61 වන තැනත් උගන්ඩාව ඊට වඩා හොඳ රටක් ලෙස 63 වන තැනත් හිමිකරගෙන තියනවා (නි)
සෑම්, බොරු කියන්න එපා. ලෝකයේ ජීවත්වීමට සුදුසුම රටවල් අතරින් කැනඩාවට හා ජර්මනියට පසුව ඉන්නේ ඇමරිකාව. පොඩ්ඩක් අන්තර්ජාලයේ සොයාබලන්න. ඇමරිකාවට සිහිනෙන්වත් නොගිය කෙනෙක් මට උගන්වන්න යාම විහිළුවක් (නි)
මානසික රෝගියකුට වෙඩි තියපු මේ පොලිස් නිළධාරියගේ මොලේ හොද නැතුව වෙන්න ඕනේ. එහෙම පැමිණිල්ලක් ලැබුණා නම් මුහු දන්නවා ඒ මානසික රෝගියෙක් බව. ඔවුන් සමග කටයුතු කරන්න දැනගෙන ඉන්න ඕනේ පොලිස් නිළධාරියෙක් ලෙස. ඇමරිකාවට කත් අදින අයට මේවා පෙන්නේ නැහැ . අඩුම අහිංසක ජිවිත ප්‍රමාණයක් අහිමි කරගෙන කොටි පරදවපු එක ගැන තම කැක්කුම . අපේ රටට සංහිදියාව උගන්වන්න හදනවා, (අ)
නාමල් නිව්යෝක් , ඔබ කැමති නම් ඇට්ලස් සහ බුට්ස් අපරාධ දර්ශනයේ ඇමරිකාව ඉන්නා තැන හොයලා බලන්න . තමන් ජීවත් වන රට උසස් කොට සැලකීම ඔබේ යුතුකමක් වුණාට ඒකෙන් ඒ රටට තියන තැන වෙනස් කරන්න ඔබට බැහැ (අ).
නාමල්, ලාංකිකයෙක් හැටියට කතා කරනවා මිසක් ඇමරිකාවට ආවඩන්නකු ලෙස කතා කරන්න එපා . ඔබට ලංකාවේ ජීවිතයක් තිබුණේ නැති බවත් ඇමරිකාවේ පිහිටෙන් මිනිසකු වූ බවත් (ඇමරිකාව සහ) නිව්යෝක් ඔබගේ නමට ඈඳා ගැනීමෙන් තේරෙනවා . (අ)
ජීවිතාරක්ෂාව අතුරින් ලෝකයේ හොඳම රටවල් විසිපහ තුළටවත් ඇමෙරිකාව අයිති නැහැ. ඒ වගේම ජීවත් වෙන්නට හොඳ ආර්ථිකයක් ඇති රටක් හැටියට ඇමෙරිකාව වැටෙන්නේ දහනවවෙනි තැනටයි....ඇමෙරිකාව නිතරම මිනීමැරුම් සිදුවෙන භයානක රටක්. (අ)
නාමල් කියන කථාව බොහෝ දුරට හරි. අපරාධ දර්ශකයකින් රටක් ගැන අවබෝධය ගන්න බෑ. ලෝකයේ දූෂිතම කලාපයක් වෙන දකුණු ආසියාවේ කෙනෙක් ඇමරිකාව කියන්නේ භයානක රටක් කීම විහිළුවක් (බ)
ඇමරිකාවේ හෝටලයක වේටර් කෙනෙක් ලංකාවේ කළමනාකරුවෙක් පදින මට්ටමේ වාහනයක් පදිනවා. මෙහේ ළමයෙක් ලංකාවේ ළමයෙක් අවුරුදු 30 විතර සපුරන අධ්‍යාපන සුදුසුකම් අවුරුදු 22-23 විතර යුරෝපයේ අය ලබනවා (බ)
සෑම්, නිකං කාලය නාස්තිකරන්න එපා. නාමල්ට එයාගේ සිහින ලෝකේ ඉන්න ඉඩහරින්න. (බ)