ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර, නාවික හමුදා පද්ධති මූලස්ථාන ගොඩනැගිල්ලට පෙරේදා (16) උදෑසන කඩා වැදුණු තුවක්කුකරුවකු ඉවක් බවක් නැතිව කළ වෙඩි තැබීමකින් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. බරපතල තුවාල ලැබූ අට දෙනෙක් රෝහල් ගත කෙරුණාහ.
|
වෙඩික්කරු ඇලෙක්සිස් |
වෙඩි තැබීම සිදුවී ඇත්තේ ඇමෙරිකානු වේලාවෙන් උදෑසන 8.20 ට පමණි. තුවක්කුකරු පැය 3 කට ආසන්න කාලයක් තිස්සේ ගොඩනැගිල්ල තුළ ඇවිදිමින්, දකින දකින පිරිසට වෙඩි තබා ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කර තිබේ.
තුවක්කුකරු නවීන ගිනි අවි තුනකින් සන්නද්ධ වී සිටි බව ද පැවැසෙයි. පොලිසිය ඔහු කොටු කළ අවස්ථාවේ, ඔහු පොලිස් නිලධාරීන්ට වෙඩි තබා ඇති අතර, පොලිස් නිලධාරීන් පෙරළා කළ වෙඩි තැබීමෙන් තුවක්කුකරු ජීවිතක්ෂයට පත් වූයේය.
එෆ්.බී.අයි. පරීක්ෂකයන් තුවක්කුකරුගේ විස්තර මාධ්‍යවලට නිකුත් කර ඇති අතර, තුවක්කුකරු ඇරොන් ඇලෙක්සිස් නමැති 34 හැවිරිදි කළු ජාතිකයකු බවත් ඔහු හිටපු නාවික හමුදා සෙබළකු බවත් අනාවරණය විය.
2011 වසරේ දී ඔහු හමුදාවෙන් නෙරපා දමනු ලැබ ඇත. ඒ, ඔහු සිය ගිනි අවිය පෙන්වමින් සිවිල් වැසියන් පිරිසකට කළ තර්ජනයක් හේතුවෙනි.
ඇරොන් ඇලෙක්සිස් වියරු වැටී වෙඩි තබන්න ඇත්තේ ඔහු මානසික ආතතියෙන් පෙළුණු අයකු වූ නිසා යැයි පොලිසිය අනුමාන කරයි. එෆ්.බී.අයි. පරීක්ෂකයන් කියා සිටියේ සිද්ධිය ගැන පුළුල් පරීක්ෂණයක් පවත්වන බවය.
|
වෙඩිතැබීම සිදුවූ නාවික හමුදා ගොඩනැගිල්ලට පොලිස් ආරක්ෂාව |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිදුවීමත් ඇමරිකාවට හොඳ හොලිවුඩ් චිත්‍රපටියක් හදන්න හේතුවක් වෙයි. (ස)
ඉතින් සමහර මෙහි ඉන්න අන්තවාදීන් කියයි දැන් අල්කයිඩා / මුස්ලිම් අන්තවාදය මෙය පිටුපස ඇති කියා. (ස)
පුදුමේ කියන්නේ ඉස්ලාම් අන්තවාදීන් ගෑවිලා නැති එකනේ. (ස)
දිට්ට ධම්ම වේදනයයි . භයෙත් බැහැ ටික කාලෙකට පස්සේ කියයි මුස්ලිම් කියලා. (ස)
අර්ෂා, අපි කියන්න ඕන නැහැනෙ ඔයාටම මතක් වෙලා නෙ. ඉස්ලාම් කියූ පමණින් දැන් ත්‍රස්තවාදය මතක් වෙනවා. ලෝකෙ මොන රටද ඉස්ලාම් කාරයෝ ඉන්නවා නම් සැනසීමෙන් ඉන්නෙ? ඔයා නම් කරන වෙනත් ඕනා ආගමක් අරන් බලන්න.. ඔවුන්ට ඉස්ලාම් වාදයක්.... ත්රස්තවාදයක්. (ස)
රත්න, නිකන් මෝඩයෙක් වගේ අදහස් දාන්න එපා ලෝකයට ඔය ත්‍රස්තවාදය ලේබලය හදුන්වා දුන්නේ බටහිර ප්‍රබල මාධ්‍ය. අනික ඉස්ලාම් රටවල් බොහොමයක් දැන් අරගල කරන්නේ මේ බටහිර අත පෙවීම් වලින් නිදහස් වන්න බව මතක තියා ගන්න.(නදී)
ජාතිවාදය නැතුව අපි සැවොම සාමයෙන් ඉමු.(නදී)
අනේ අර්ෂා පව්. (ස)
මේ වර්ගයේ අය අපේ රටෙත් කරක් ගහනවා. බොහොම පරිස්සමෙන්.හරිම භයනකයි.(නදී)
සැප්තැම්බර් කියද්දිත් ඇමරිකාව හොල්මන් (නි)
මේකට ඇමෙරිකන් නීතිය තමා වැරදි. මොකට සිවිල් වැසියන්ට තුවක්කු තියාගන්න අනුමත කරනවාද?මම කියන්නේ ළගදීත් මේ වගේම සිද්ධියක් වුණා මතකයි නේද? ඒකත් මේ වගේම මිනිහෙකුට දුන් තුවක්කුවක් නිසා වූ දෙයක්. (නි)
පුදුම වැඩේනේ,මෙතන අල්ලා ඉදලා නැද්ද? (නි)