ජනාධිපතිවරණය සමයේදී කරන ලද ප්‍රකාශයක් ක්‍රියාවට නංවමින් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා අන්තර් ශාන්තිකර සහයෝගීතාවයෙන් ඉවත් වීම සඳහා විධායක් නියෝගයක් දී ඇත. හිටපු ජනාධිපති බැරැක් ඔබාමා මහතාගේ ආසියානු කලාපය පිළිබඳ ප්‍රතිපත්තියේ වැදගත් සාධකයක් වූයේ මෙම අන්තර් ශාන්තිකර සහයෝගීතා ගිවිසුමයි. රටවල් 12ක් සාමාජිකත්වය දරන මෙම වෙළෙඳ ගිවිසුමෙන් ඉවත් වීම සඳහා වත්මන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා විධායක නියෝගයක් දී ඇත.
“මෙය ඇමෙරිකා සේවකයන්ට විශිෂ්ඨ දෙයක්. අපි කී දේ කළා” පෑනකින් ගිවිසුම කපා හැර කුණු කූඩයකට දමමින් ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා පැවැසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
මෙම ගිවිසුම ක්‍රියාවට නැංවුණද ඊට එවකට කොංග්රස් සභාවේ අනුමැතිය හිමි නොතිබිණි. බැරැක් ඔබාමා මහතා ජනාධිපතිධුරය දරන සමයේදී කොංග්රස් සභාවේ බලය හිමිව තිබුණේ රිපබ්ලිකන් පක්ෂයටය. එබැවින් ඉදිරිපත් කරන ලද බොහෝ ප්‍රතිපත්ති යෝජනාවලට අනුමැතිය ගැනීමට ඔබාමා පරිපාලනයට නොහැකි විය.
මෙම ගිවිසුම නිසා ඇමෙරිකාවේ නිෂ්පාදන කර්මාන්තය කඩා වැටී ඇතැයි විරැකියාව ඉහළ ගොස් ඇතැයි ජනාධිපති ට්‍රම්ප් මහතා ජනපතිවරණ සටන සමයේදී නිරන්තරයෙන් පැවැසීය. ජනාධිපති ට්‍රම්ප් මහතාගේ මෙම ක්‍රියාවට බොහෝ පිරිසකගේ ඇගැයුමට ලක්ව ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඩිමොක්රටික් පක්ෂයේ බර්නි සැන්ඩර්ස් මහතාද මෙම ක්‍රියාව අගය කර ඇති අතර මෙවැනි ගිවිසුම් මහත් විනාශයක් බවත් එමඟින් රැකියා මිලියන ගණනක් අහිමි වූ බවත් බී.බී.සි පුවත් සේවයට පවසා තිබේ.
මේ අතර ට්‍රම්ප් පාලනයේ රාජ්‍ය ලේකම්වරයා ලෙස රෙක්ස් තිලර්සන් මහතා පත්වීමට නියමිත යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. සෙනට් සභාවේ විදේශ සබඳතා කමිටුවේ අනුමැතිය ඔහුට හිමිව ඇති අතර මීළඟට ඔහුට සම්පූර්ණ සෙනට් සභාවේ අනුමැතිය අවශ්‍ය වේ.
ට්‍රම්ප් පරිපාලනය යටතේ සී.අයි.ඒ සංවිධානයේ නව සභාපතිවරයා ලෙස මයික් පොම්පේ පත්වීමට නියමිතය. ඔහුගේ පත්වීම සම්බන්ධයෙන් සෙනට් සභාවේ පැවැති ඡන්දයෙන් පක්ෂව ඡන්ද 66ක් දිනාගැනීමට ඔහු සමත්විය. ඔහුට විපක්ෂව ඡන්ද 32ක් ලැබී තිබිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. බරැක් ඔබාමාට වහ කන්න තමයි වෙන්නේ. (නි)
මෙන්න කියන දේ කරන මිනිස්සු... (නි)
මුළු ලෝකෙම බලාඉන්නේ මොහුට හිනා වෙන්නයි. අන්තිමට වෙන්නේ අනිත් පැත්ත. (නි)
ඇමෙරිකාවේ ආර්ථිකය නව මාවතකට. ජයවේවා! (නි)
ඔය ගිවිසුමෙන් වාසි ගන්න ලංකාවේ පිරිසකුත් බලා ඉන්න ඇති. (බ)
ඔය ගිවිසුම ලංකාවට අහිතකර බව රනිල් කියනවා මට මතකයි. මේ ක්‍රියාව අපිට වාසියි (බ)
මෙවැනි කෙළින් වැඩ කරන නායකයින් ලංකාවේ කවදා බිහිවේද? (නි)
ඇමෙරිකාව එහෙම තීරණයක් ගත්තේ ඒ රටේ ජනතාවගේ පැත්තෙන් හිතලා. එ්ත් අපෙ රටේ නායකයෝ තීරණ ගන්නේ ඉන්දියාවට චීනෙට ඕනෑ විදිහට. ලංකාවේ ජීවත්වන මිනිසුන්ට මොනවා වුණත් කමක් නැහැ (නි)
චීනයට දී තිබෙන ඇමරිකන් නිෂ්පාදන නැවත ඇමරිකාවේ පටන්ගන්නවා නම් කොපමණ හොඳද. ඇමරිකානුවන්ට රැකියා අවස්ථා වැඩිවෙනවා. ඒ විතරක් නොවෙයි කැනඩාව වගේ රටවලුත් ඇමරිකාව අනුගමනය කරමින් නිෂ්පාදන තම රටේම පටන්ගන්නවා. එවිට රැකියාවිරහිත කැනේඩියානුවන්ට රැකියා ලැබෙනවා. (නි)
ට්‍රම්ප් මහතාණනි, ඔය රටට පැමිණ සිටින සරණාගතයින් සම්බන්ධයෙන් දැන්ම තීරණයක් ගන්න. තව ටික දවසකින් ප්‍රාන්තයක් ඉල්ලාවි. (නි)
මේ බමුණු, මෙතැන සිංහලෙන් ඔයා ලිවුවට ට්‍රම්ප්ට තේරෙනවද? ඔයා ඉංග්‍රීසියෙන් ලිපියක් ලියලා යවන්නකෝ. (නි)
එහෙම තමයි ඒ රටවල්! (නි)
අශිකා, බමුණු විතරක් නොවෙයි මෙතන අනික් අයත් ලියන දේවල් ට්‍රම්ප් මැතිතුමාට තේරෙන්නේ නැත. කොහොම වුණත් ඔබ කී නිසා මම මේ ටික ඉංග්‍රීසියෙන් ලියලා පොස්ට්කාර්ඩ් එකක් යවන්නම්. (නි)
"මෙවැනි කෙළින් වැඩ කරන නායකයින් ලංකාවේ කවදා බිහිවේද?" පිළිතුර-කෙළින් වැඩකරන ජනතාවක් බිහිවූදාට. එහෙම දෙයක් පෙනෙනතෙක් මානයක නැත (නි)
අශිකා,ඔයා ගණන් ගන්නෙපා. ඔය බමුණෝ හැමදාමත් බමුණු අදහස් තමයි දාන්නේ. මෙහෙ ඉඳගෙන ඇමෙරිකාවට කඩේ යනවා. තමන්ගේ රටට යහපතක් කරන්නේ කොහොමද කියලා, ඔය ඔළුගෙඩිවලට කවදාවත් හිතෙන්නේ නැහැ. (බ)
ඇමරිකාව එංගලන්තය වගේ රටවල් නිසා තමයි අපි මේ වගේ ඉන්නේ. ඇමරිකානුවන්ගේ අන්තර්ජාලය නිසා නේද අපි මේ අදහස් ටිකවත් හුවමාරු කරගන්නේ. ටෝනි, ඔබ අරාබියට ගිහිල්ලත් රැකියාවට සොයන්නේ ඇමරිකන් හෝ බ්‍රිටිෂ් කොම්පැනියක් නේද? ඒ ඇයි? (නි)